වර්ෂ 2017 දී ශී‍්‍ර ලංකා තේ කර්මාන්තයට වසර 150 ක් සපිරේ. ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන එන ප්‍රධාන මාර්ගයන්ගෙන් එකක් වන තේ කර්මාන්තය මෙරට ව්‍යාප්ත වු ආකාරය පිළිබඳව මෙහිදී විමසා බලමු.

අතීතයේ අපට උරුම වූ ස්වාභාවික ගොවිතැන වර්තමානය වනවිට මිනිසාගෙන් ඈත් වී තිබේ. බහුජාතික සමාගම්වල නිෂ්පාදන වැලඳගැනීමත් සමඟ මිනිසාට ආවේණික න්‍යාය පත්‍ර බහු ජාතික සමාගම්වලට අනුරූපව වෙනස් විය. ආහාර ඇඳුම් පැලඳුම් පමණක් නොව ඊට සරිලන ලෙස ආධ්‍යාත්මය ද වෙනස් කිරීමට බහුජාතික සමාගම් සමත් විය.

අපේ සංවර්ධන උපාය වන්නේ ඉන්දියානු සාගරයේ මේ දැවැන්ත වෙළෙඳපොළ සමග ගනුදෙනු කිරීමයි. අප බලාපොරොත්තු වන්නේ තිරසර සංවර්ධනයට පදනම සකසනනීතිගරුක ආර්ථික පරිසරයක් නිර්මාණය කිරීමයි.අද අපේ ආර්ථිකයට අවශ්‍යව ඇත්තේ පාලනයක් නොව නියාමනයක්.

සීමා නිර්ණ කොමිෂන් සභාවේ වාර්තාව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාට හෙට(02) දිනයේ බාරදෙන බව කොමිසමේ සභාපති අශෝක පීරිස් මහතා පවසයි.

උතුරු මැද පළාත් සභාවේ පුරප්පාඩුව පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ධූරය සඳහා එන්.වී.සමන්ත මහතා පත්කර තිබේ.

උතුරු මැද පළාත් සභාවේ හිටපු සභා නායක ආනන්ද සරත් කුමාර රත්නායක මහතාගේ අභාවයෙන් පුරප්පාඩුව පැවති මන්ත්‍රී ධූරය සඳහා මෙම පත්කිරීම සිදුකර ඇති බව සඳහන්ය.