රාජාංගනේ සද්ධාරතන හිමි මහේස්ත්‍රාත් අධිකරණයට
ආගමික සංහිඳියාවට බාධා වන ආකාරයේ වීඩියෝ පළ කළ බවට චෝදනා කරමින් පූජ්‍ය රාජාංගනේ සද්ධාරතන හිමියන් ඊයේ (28)රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. දේශපාලන නායකයින්ට අපහාස වන ආකාරයේ වීඩියෝ පට ද උන්වහන්සේ විසින් පළ කර ඇති අතර, සද්ධාරතන හිමි අද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
විකට ප්‍රසංග චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කරන නියෝග
විකට ප්‍රසංගයකදී ආගමික විශ්වාසයන්ට අපහාස කළ බවට චෝදනා එල්ල වූ ප්‍රහසන රංගන ශිල්පිනී නතාෂා එදිරිසූරිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඇය ලබන 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා ඊයේ නියෝග කළා.
ඇය කටුනායකදී මැලේසියාව බලා යන ගුවන් යානයකට ගොඩවීමට උත්සාහ කරමින් සිටියදී BIA හි දී අත්අඩංගුවට ගෙන ඇත.
ආසියානු සංවර්ධන බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 350ක් අනුමත කරයි
ආර්ථික ස්ථාවරත්වය සඳහා ශ්‍රී ලංකාවට ලබා දීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) අද (29)ඩොලර් මිලියන 350 ක විශේෂ ප්‍රතිපත්ති පදනම් කරගත් ණයක් අනුමත කර තිබේ.
අධිකරණ සේවා සංගමය විරෝධය
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ටිකිරි ජයතිලක සහ නීතිපති දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරියෙකු මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීමේ යෝජනාවට අධිකරණ සේවා සංගමය දැඩි විරෝධය පළ කර තිබේ. දැනට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයා ලෙස කටයුතු කරන ටිකිරි ජයතිලක සහ නීතිපති දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරියෙකු ඇතුළත්ව නම් හතරක් මහාධිකරණ විනිසුරුවරුන් පත්කිරීමට යෝජනා වී ඇති බව දැනගැනීමට ලැබී ඇති බව අධිකරණ සේවා කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
ටිකිරි ජයතිලක මීට පෙර 2006 වසරේ සිට මහේස්ත‍්‍රාත්වරයෙකු ලෙස කටයුතු කර ඇති අතර ඔහු පාර්ලිමේන්තු සහකාර මහලේකම්වරයෙකු ලෙස පත්වීම ලබා ගැනීම සඳහා ඉල්ලා අස්වන තෙක් ඔහු කටයුතු කර ඇති බව දැක්වෙ. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට අනුයුක්ත කරන ලෙස ඔහු කළ ඉල්ලීම අධිකරණ සේවා කොමිෂන් සභාව පැහැදිලි හේතු මත ප්‍රතික්ෂේප කළ බැවින්, නීත්‍යානුකූල නොවන ආයතනවලට නිරාවරණය වීමෙන් පසු ඔහුට නැවත අධිකරණ පත්වීමක් භාර ගැනීමට නුසුදුසුකමක් ලෙස මෙය සලකයි. නීතිපති දෙපාර්තුමේන්තුවේ නිලධාරියා එවැනි පත්වීම් සඳහා පෙළ ගැසී සිටින අධිකරණ නිලධාරීන්ට වඩා ඉතා කනිෂ්ඨ නිලධාරියකු බවද ඔවුහු පෙන්වා දෙති.