Editor

Editor

විවිධ බාධක හමුවේ අප රට කර­වූ ආකා­රය ගැන ජන­තාව පැහැදී සිටි බව ­ජන­ව­ර­මෙන් ඔප්පු වුණානව වැනි පාර්ලි­මේ­න්තුවේ මංගල සැසි­වා­රය විවෘත කර­මින් ජන­පති කියයිකිසිම අමා­ත්‍යාං­ශ­ය­කට හෝ ආය­ත­න­ය­කට අන­වශ්‍ය පරිදි කාර්ය මණ්ඩල බඳවාගන්නේ නැහැ:නාස්ති­යට, දූෂ­ණ­යට තරා­ති­රම නොබලා නීතිය ක්‍රියා­ත්ම­කයි:
 
 

ස්වර්ණා විජේ­කෝන්, නුවන් කොඩි­කාර සහ

මහින්ද අලු­ත්ගෙ­දර...

ගෙවී­ගිය මාස 9ක කාල­යේදී විවිධ බාධක හමුවේ රට පාල­නය කළ ආකා­රය සම්බ­න්ධ­යෙන් රටේ ජන­තාව පැහැ­දී­මෙන් සිටින බවට ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ ලැබූ අති­වි­ශාල ජන­ව­ර­මෙන් ඔප්පු වී තිබෙන බව ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා අව­ධා­ර­ණය කළේය.

දේශ­පා­ලන සංස්කෘ­තියේ සිදු­වෙ­මින් පව­තින වෙනස ජන­තාව අගය කර­මින් සිටින බව පෙන්වා දුන් ඒ මහතා ජන­තාව මේසා විශාල ජන­ව­ර­මක් රජ­යට ලබා­දුන්නේ කුමන අපේක්ෂා පෙර­දැරි කර­ගෙන ද යන්න සම්බ­න්ධ­යෙන් හොඳ අව­බෝ­ධ­යක් තිබෙන බවද මොනම හේතු­වක් නිසා­වත් ඒ අපේක්ෂා බිඳ­වැ­ටෙන ආකා­ර­යට කට­යුතු නොක­රන බවද පැව­සීය.

ජනා­ධි­ප­ති­ව­රයා ඊයේ (20) මේ බව සඳ­හන් කළේ නව­වැනි පාර්ලි­මේ­න්තුවේ මංගල සැසි­වා­රය විවෘත කර ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය ඉදි­රි­පත් කර­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා මෙසේද කීය.

අගෝස්තු 5 වැනිදා පැවැ­ත්වුණේ, ලංකාවේ පාර්ලි­මේන්තු මැති­ව­රණ ඉති­හා­සයේ සුවි­ශේෂී පෙරැ­ළි­යක් සිදු වූ මැති­ව­ර­ණ­යක්. ස්ථාවර ආණ්ඩු­වක් පිහි­ටු­වීම සඳහා 2/3 ක බල­යක් ලබා­දෙන ලෙස අප ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටියා. ඉති­හා­සයේ ප්‍රථම වතා­වට, සමා­නු­පා­තික ක්‍රමය යටතේ පව­ත්වන ලද මැති­ව­ර­ණ­ය­කින් 2/3ක ඓති­හා­සික ජන­ව­ර­මක් ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ හා එහි මිත්‍ර කණ්ඩා­ය­ම්ව­ලට ලබා­දුන් දේශ­ප්‍රේමී ජන­තා­වට මම මුලින්ම ස්තූති කර­නවා. සර්ව­ජන ඡන්ද බලය අප සැම­දෙනා විසින් ගරු කළ­ යුතු හා අප විසින් ‍රැකගත යුතු, ප්‍රජා­ත­න්ත්‍ර­වාදී අයි­ති­යක්. ඒ නිසා මේ මැති­ව­ර­ණයේ දී තම වටිනා ඡන්දය භාවිත කළ සිය­ලුම ශ්‍රී ලාංකික ඡන්ද දාය­ක­ය­න්ටත් මම මේ අව­ස්ථාවේ ස්තූතිය පුද කර­නවා.

පසු­ගිය වසරේ නොවැ­ම්බර් මාසයේ පැවති ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දි 69 ලක්ෂ­ය­කට අධික ජන­තා­වක් සුවි­ශේෂී ජන­ව­ර­මක් ලබා­දුන්නේ මා ගැන තැබූ මහත් විශ්වා­ස­යෙන්. ඒ විශ්වා­සය කඩ නොක­රන බවට මා දුන් පොරො­න්දුව මෙතෙක් මා ක්‍රියා­වෙන් ඔප්පු කර තිබෙ­නවා. ජනා­ධි­ප­ති­ව­ර­ණයේ සිට පාර්ලි­මේන්තු මැති­ව­ර­ණය දක්වා වූ කාලය, අපට ඉතා­මත් අභි­යෝ­ගා­ත්මක කාල­ප­රි­ච්ඡේ­ද­යක් වුණා. අප බාර ගත්තේ කඩාවැටී තිබූ ආර්ථි­ක­යක්. පාර්ලි­මේ­න්තුවේ බහු­ත­රය නොමැති නිසා අපට වැඩ කරන්න සිදු ­වුණේ සුළු­තර ආණ්ඩු­වක් සමඟ. මීට අම­ත­රව, අපට මේ කාලයේ මුළු ලෝක­යම අඩ­පණ කළ කොවිඩ්-19 වසං­ග­ත­ය­ටත් මුහුණ දෙන්න සිදු වුණා. කොවිඩ්-19 ව්‍යස­නය හමුවේ ලෝකයේ ප්‍රබල රට­වල් පවා අස­රණ වෙද්දී, එම අභි­යෝ­ග­යට සාර්ථ­කව මුහුණ දෙන්න අපට පුළු­වන් වුණා. වසං­ගත තත්ත්ව­යක් පැති­ර­යාම වැළැ­ක්වී­මට අප කට­යුතු කළ ආකා­රය විදේශ රට­වල පවා ප්‍රසා­ද­යට ලක් වුණා.

මේ මාස 9 ක කාල පරා­සයේ විවිධ බාධක හමුවේ අප විසින් රට පාල­නය කළ ආකා­රය ගැන රටේ ජන­තාව පැහැ­දී­මෙන් සිටින බව ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ ලැබූ අති­වි­ශාල ජන­ව­ර­මෙන් ඔප්පු වුණා. දේශ­පා­ලන සංස්කෘ­තියේ සිදු­වෙ­මින් පව­තින වෙනස ජන­තාව අගය කර­මින් සිටි­නවා. ජනතා නියෝ­ජි­ත­යන් ලෙස, බහු­තර ජන­තා­වගේ අපේ­ක්ෂා­වන්ට අප හැම­වි­ටම ගරු කර­නවා. ජනතා පර­මා­ධි­ප­ත්‍යය සුර­කින්න පුළු­වන් වන්නේ එවි­ටයි. අපේ රටේ උත්ත­රී­තර ව්‍යව­ස්ථා­වට අනුව මගේ ධුර කාලයේ රටේ ඒකීය බව ආරක්ෂා කරන බව­ටත්, බුද්ධ ශාස­නය සුර­ක්ෂිත කොට, පෝෂ­ණය කරන බව­ටත් මා පොරොන්දු වී තිබෙ­නවා. ඒ අනුව රාජ්‍ය පාල­නය සඳහා උප­දෙස් ලබා­ගැ­නී­මට මම ප්‍රධාන පෙළේ බෞද්ධ භික්ෂුන් වහ­න්සේ­ලා­ගෙන් සම­න්විත උප­දේ­ශක සභා­වක් පිහි­ටුවා තිබෙ­නවා. ඒ වගේම, පුරා­වි­ද්‍යා­ත්මක වටි­නා­ක­ම­කින් යුතු ස්ථාන ආරක්ෂා කිරී­ම­ටත්, අපේ බෞද්ධ උරු­මය රැක­ගැ­නී­ම­ටත් මම විශේෂ කාර්ය සාධක බළ­කා­යක් පිහි­ටුවා තිබෙ­නවා.

බුද්ධා­ග­මට ප්‍රමු­ඛ­ත්වය තහ­වුරු කරන අත­රම, මේ රටේ ඕනෑම පුර­වැ­සි­ය­කුට තමන් කැමති ආග­මක් ඇද­හීමේ නිද­හස වඩාත් හොඳින් සුර­ක්ෂිත වී ඇති බව ජන­තා­වට මේ වන­විට පැහැ­දි­ලියි. පාර­ම්ප­රික උරු­මය, සංස්කෘ­තිය හා අපේ­කම ආරක්ෂා කිරී­මට මෙන්ම ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ආරක්ෂා කොට, ප්‍රව­ර්ධ­නය කිරී­මට රජය විශේෂ අව­ධා­න­යක් යොමු කොට තිබෙ­නවා. 2019 වසරේ සිදූ වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය නිසා, අප රජය භාර­ගන්නා විට ජන­තාව අතර රටේ ආර­ක්ෂාව පිළි­බඳ විශ්වා­සය දැඩි ලෙස බිඳ වැටී තිබුණා. අපේ රජයේ මූලික ප්‍රති­ප­ත්තිය වන රටේ ආර­ක්ෂාව තහ­වුරු කර­මින් ආර­ක්ෂක සහ බුද්ධි අංශ ප්‍රති­ව්‍යු­හ­ගත කොට ජන­තාව තුළ ඇතිවී තිබුණ බිය නැති කොට රටේ ආර­ක්ෂාව යළි සුර­ක්ෂිත කරන්න අප කට­යුතු කර තිබෙ­නවා. ඕනෑම පුර­වැ­සි­ය­කුට තමන්ගේ හා තම පවුලේ ආර­ක්ෂාව ගැන බිය නොවී නිද­හසේ ජීවත් විය­හැකි වට­පි­ටා­වක් අප යළි ලබා දී තිබෙ­නවා.

මා පොරොන්දු වූ ආකා­ර­ය­ටම, සාමාන්‍ය ජන ජීවි­ත­යට බාධා­වක්ව තිබුණ පාතාල ක්‍රියා­කා­ර­කම්, මත්ද්‍රව්‍ය උව­දුර වැනි සමාජ ව්‍යස­න­ය­න්ගෙන් ජන­තාව ගලවා ගැනී­මට විධි­මත් වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියාත්මකව තිබී­මත් ජනතා විශ්වා­සය ඉහළ යාමට හේතු වී තිබෙ­නවා. මේ නිසා ගුණ­ග­රුක, වින­ය­ග­රුක, නීති­ග­රුක සමා­ජ­යක් රටේ ගොඩ­නැ­ඟෙ­මින් තිබෙ­නවා. මේ රටේ දේශ­පා­ලන සංස්කෘ­තියේ පැහැ­දිලි වෙන­සක් කිරී­මට අප කට­යුතු කර­මින් සිටි­නවා. මා ජනා­ධි­ප­ති­ව­රයා වශ­යෙන් පත් වූ පසු රාජ්‍ය ආය­ත­න­ව­ලට ප්‍රධා­නීන් පත්කි­රීම සඳහා එතෙක් පැවති සම්ප්‍රදාය වෙනස් කර­මින්, විද්වත් මණ්ඩ­ල­යක් හරහා සුදු­සු­කම් සොයා­බලා පත්වීම් සිදු­ක­රන විධි­මත් යන්ත්‍ර­ණ­යක් හඳුන්වා දුන්නා. ඥාතීන්, හිත­ව­තුන්, මිත්‍ර­යන් හා අනු­ගා­මි­ක­යන් පත් නොකොට වෘත්ති­ක­යන්, ව්‍යව­සා­ය­ක­යන් අධ්‍යා­ප­න­ඥ­ය­න්ගෙන් සම­න්විත පළ­පු­රුදු කණ්ඩා­ය­මක් පත් කළා. ඒ ප්‍රති­ප­ත්තිය ඉදි­රි­ය­ටම ගෙන යනවා.

ඒ වගේම අප නිෂ්පා­දන ආර්ථි­ක­යක් ගොඩ­නැ­ඟී­මට කට­යුතු කළා. වී ගොවි­යන්ට තම නිෂ්පා­දන සඳහා ඉහළ සහ­තික මිලක් ලබා දුන්නා. අප­න­යන භෝග ප්‍රති­අ­ප­න­ය­නය සඳහා ආන­ය­නය කිරීම නැවැ­ත්වීම මෙන්ම මෙරට වගා­කළ හැකිව තිබූ භෝග ආන­ය­නය කිරීම සම්පූ­ර්ණ­යෙන්ම නැවැ­ත්වීම මගින් දේශීය ගොවියා ආරක්ෂා කිරී­මට අප කට­යුතු කළා. ගොවි­යන්ට අවශ්‍ය පොහොර නොමිලේ ලබා දුන්නා. රට පුරා අත­හැර දමා තිබූ වගා ඉඩම් යළි අස්ව­ද්දන්න ජන­තාව උනන්දු කළා. මේ සියල්ල හරහා අප මේ රටේ කෘෂි­ක­ර්මා­න්ත­යට නව පණක් ලබා­දුන්නා. අප බල­යට ආවාට පසු දේශීය ව්‍යව­සා­ය­කයා අර­මුණු කර­ග­නි­මින් බදු සහන ලබා­දී­මට කට­යුතු කළා. ව්‍යාපාර දිරි­මත් කිරීම සඳහා පොලී අනු­පාත අඩු කළා. දේශීය ව්‍යාපා­රි­ක­යන් හා කර්මා­න්ත­ක­රු­වන් ආරක්ෂා කිරීම සඳහා තර­ග­කාරී ආන­යන සීමා කළා. මේ මැති­ව­ර­ණයේ දී ජන­තාව දැඩි උද්‍යෝ­ග­ය­කින් අපට සහාය ලබා­දුන්නේ මේ ආකා­ර­යට අප සම්බ­න්ධ­යෙන් ඔවුන් තුළ ගොඩ­නැඟී ඇති විශ්වා­සය නිසා බව පැහැ­දි­ලියි. අප ඒ විශ්වා­සය තහ­වුරු වන ආකා­ර­යට දිග­ටම ජන­තා­වට සේවය කර­නවා.

ජන­තාව දුන් ජන­ව‍රම නිවැ­රැ­දිව අර්ථ­ක­ථ­නය කර­ගැ­නී­මත් මෙහිදී වැද­ගත් වෙනවා. මා කෙරෙ­හිත්, අග­මැති ඇතුළු අභි­න­ව­යෙන් පත්වී සිටින ජනතා නියෝ­ජි­ත­යන් කෙරෙ­හිත් ජන­තාව තැබු විශ්වා­ස­යට අප ගරු කර­නවා. ජන­තාව මේසා විශාල ජන­ව­ර­මක් රජ­යට ලබා­දුන්නේ කුමන අපේක්ෂා පෙර­දැරි කර­ගෙ­නද යන්න ගැන අපට අව­බෝ­ධ­යක් තිබෙ­නවා. මොනම හේතු­වක් නිසා­වත් ඒ අපේක්ෂා බිඳ­වැ­ටෙන ආකා­ර­යට අප කට­යුතු කරන්නේ නැහැ. ජනතා ඡන්ද­යෙන් පත්වන මහ­ජන නියෝ­ජි­ත­ය­කුගේ මූලික වග­කීම ජනතා සේවය බව හැම විටම මතක තබා­ගත යුතුයි. මේ සියලු තන­තුරු, වර­ප්‍ර­සාද නොව වග­කීම් බව මතක තබා­ගෙන ජන­තා­වගේ අව­ශ්‍ය­තා­ව­යන් ඉටු­කි­රී­මට සංවේදී වෙනවා. මම මේ මැති­ව­ර­ණයේ දී අප කණ්ඩා­යම නියෝ­ජ­නය කළ සෑම අපේ­ක්ෂ­ක­ය­කු­ටම සහා­ය ­දී­මට රට ­පුරා සංචා­රය කළා. දේශ­පා­ලන ‍රැස්වීම් පව­ත්ව­නවා වෙනු­වට මේ සංචා­ර­වල දී මම ජන­තාව අත­රට ගොස් ඍජු­වම ඔවුන්ගේ ගැට­ලු­ව­ලට සවන් දුන්නා.

ජන­තාව ඉදි­රි­පත් කළ ඉල්ලී­ම්ව­ලින් අති­බ­හු­ත­රය පෞද්ග­ලික අව­ශ්‍යතා නොව පොදු අව­ශ්‍ය­තායි. නිද­හ­සින් වසර 72කට පසු­වත් ජන­තා­වගේ බොහෝ සරල අව­ශ්‍ය­තා­වන්ට විස­ඳුම් ලැබී නැහැ. වසර ගණ­නා­වක් පුරා තමන් ජීවත් වූ ඉඩ­ම්ව­ලට නිසි අයි­ති­යක් නැති ජන­තා­වක් සිටි­නවා. ඔවුන්ට අප නිසි ක්‍රම­වේ­ද­ය­කට ඔප්පු ලබා දෙනවා. නිසි වික­ල්ප­ය­කින් තොරව පර­ම්පරා ගණ­නා­වක් තිස්සේ තමන් ජීවත් වූ සහ වගා කට­යුතු කළ ඉඩ­ම්ව­ලින් කිසි­වෙක් ඉවත් කරන්නේ නැහැ. අලි මිනිස් ගැටුම අද විශාල ප්‍රශ්න­යක් වී තිබෙ­නවා. මේ ගැන විස­ඳු­මක් සෙවී­මට දැන­ට­මත් විද්වත් මණ්ඩ­ල­යක් පත්කර තිබෙ­නවා. මේ විෂය සඳහා වෙනම රාජ්‍ය අමා­ත්‍යාං­ශ­යක් ඇති කළේ තිර­සාර විස­ඳු­මක අව­ශ්‍ය­තාව නිසයි. විශ්වාස කළ නොහැකි තරම් ඉහළ ජන ප්‍රති­ශ­ත­යක් රට ­පුරා පානීය ජලය නොමැ­තිව දුක් විඳි­නවා. අප මේ මානු­ෂික ගැටලු කඩි­න­මින් විස­ඳී­මට පිය­වර ගන්නවා. ජාතික ප්‍රති­ප­ත්ති­යක් ලෙස ඉදිරි වසර කිහි­පයේ රටේ සෑම ප්‍රදේ­ශ­ය­ක­ටම පානීය ජලය ලබා­දීම සඳහා අප විශේෂ වැඩ­පි­ළි­වෙ­ළක් ආරම්භ කර­නවා.

මව්­පි­යන් ඉල්ලා සිටින්නේ දරු­වන්ට අධ්‍යා­ප­නය ලබන්න සුදුසු පාසල් ලබා දෙන ලෙසයි. ප්‍රමා­ණ­වත් තරම් ජාතික පාසල් නැති­කම හැම තැන­ක­දීම පෙනී ගියා. බොහෝ පාස­ල්වල විශාල අඩු­පා­ඩු­කම් තිබෙ­නවා. ගුරු හිඟය මෙන්ම ප්‍රමා­ණ­වත් තරම් විද්‍යා­ගාර, පුස්ත­කාල හා ක්‍රීඩා පහ­සු­කම් නැති­කම නිතර අසන්න ලැබෙ­නවා. ආර්ථි­ක­යට ඵල­දායී දාය­ක­ත්ව­යක් ලබා­දීම සඳහා විද්‍යා හා තාක්ෂ­ණික විෂ­යන් හදා­රන ලෙස අප දරු­වන්ට කීවත් ඒ සඳහා මූලික පහ­සු­ක­ම්වත් බොහෝ පාස­ල්වල නැහැ. මේ රටේ සෑම දරු­ව­කු­ටම තමන් අපේක්ෂා කරන අනා­ග­තය ගොඩ­න­ඟා­ගැ­නීම සඳහා අවශ්‍ය කරන අධ්‍යා­ප­නික දැනුම ලබා­ගැ­නී­ම­ටත්, ඔවුන්ගේ නිපු­ණතා වර්ධ­න­යට උප­කාර කිරී­ම­ටත් රජය දරන විය­දම අනා­ග­තය වෙනු­වෙන් කරන ආයෝ­ජ­න­යක්. අලු­තින් වග­කීම් පවරා ඇති අමා­ත්‍යාංශ හරහා අප මේ ගැටලු විස­ඳී­මට ප්‍රමු­ඛ­ත්වය දෙනවා.

ග්‍රාමීය රෝහ­ල්වල සම්පත් හා පහ­සු­කම් ඉතා අඩුයි. වෛද්‍ය­වරුන්, හෙදි­යන් හා අනෙ­කුත් රෝහල් කාර්ය මණ්ඩ­ල­වල විශාල ඌන­තා­වක් තිබෙ­නවා. සම­හර ප්‍රදේ­ශ­වල රෝගීන්ට ප්‍රති­කාර ලබා­ගැ­නී­මට බොහෝ දුරක් ගමන් කරන්න සිදු­වෙ­නවා. නිද­හස් සෞඛ්‍ය සේවා­වන් ජන­තා­වට ලබා­දී­මේදී පව­තින මේ විෂ­මතා අප ඉවත් කර­නවා. ආයු­ර්වේ­දය හා දේශීය වෙද­කම දියුණු කිරී­ම­ටත් අප කට­යුතු කර­නවා. විශාල විදේශ විනි­ම­යක් වැය­කොට ඖෂධ ආන­ය­නය කර­නවා වෙනු­වට බොහෝ ඖෂධ වර්ග මෙර­ට­දීම නිෂ්පා­ද­නය කිරීම අප ආරම්භ කර තිබෙ­නවා. ඖෂධ ආන­ය­නයේ දී සිදු­ වන අති­ම­හත් දූෂණ ක්‍රියා තුරන් කිරී­මට කට­යුතු කර­නවා. ඖෂධ නිෂ්පා­ද­නය, සැප­යීම හා නියා­ම­නය සඳහා වෙනම රාජ්‍ය අමා­ත්‍යාං­ශ­යක් ඇති කළේ ඒ සඳ­හායි. මේ රටේ ජන­තා­ව­ගෙන් විශාල පිරි­සක් අදත් ජීවත් වන්නේ ස්වයං රැකියා කිරී­මෙ­නුයි. තව බොහෝ දෙනෙක් යැපෙන්නේ කෘෂි­ක­ර්මා­න්ත­යෙන්. ඔවුන් ඉල්ලා සිටින්නේ නිසි කලට වතුර හා පොහොර ලබා­දෙන ලෙසයි. මේ ඉල්ලීම් ඉටු­කළ යුතුයි. ඒ අනුව රට ­පුරා පව­තින වැව් ප්‍රති­සං­ස්ක­ර­ණ­යට හා වාරි­මාර්ග සංව­ර්ධ­න­යට පුළුල් වැඩ­පි­ළි­වෙ­ළක් අප ක්‍රියා­ත්මක කර­නවා.

රැකියා වියු­ක්තිය අද තරුණ පර­පුර මුහුණ දෙන බර­ප­තළ සමාජ ගැට­ලු­වක්. මේ ගැට­ලුව විස­ඳීම සඳහා අප කෙටි කාලීන හා දිගු කාලීන විස­ඳුම් රැසක් සාකච්ඡා කොට තිබෙ­නවා. අප මේ වන ­වි­ටත් රටේ ජීව­ත්වන දුප්පත්ම පවුල් ඉලක්ක කර­ගෙන රැකියා ලක්ෂ­යක් ලබා­දී­මට වැඩ­ස­ට­හ­නක් ආරම්භ කර තිබෙ­නවා. ඊට සම­ගා­මීව උපා­ධි­ධා­රීන් පන­ස්ද­හ­ස­කට රැකියා ලබා­දී­ම­ටත් ඔවු­න්ගෙන් ඵල­දායී සේවා­වක් ලබා­ගැ­නීම සඳහා විධි­මත් පුහු­ණු­වක් ලබා­දී­ම­ටත් කට­යුතු යොදා තිබෙ­නවා. රජයේ රැකියා ලබා­දීමේ දී රටේ දුප්පත්ම පවු­ල්ව­ලට ප්‍රමු­ඛ­තාව දෙන්න කට­යුතු කර­නවා. එමෙන්ම රැකියා අවස්ථා ලබා­දීමේ දී සෑම පළා­ත­ක­ටම සම අවස්ථා හිමි ­වන ආකා­ර­යට එය ක්‍රියා­ත්මක කළ යුතුයි. රජයේ පත්වී­මක් ලබන සෑම කෙනෙ­කු­ගෙන්ම රටට ඵල­දායී සේවා­වක් ඉටු ­විය යුතුයි. ඒ නිසා කිසිදු අමා­ත්‍යාං­ශ­ය­කට හෝ ආය­ත­න­ය­කට අන­වශ්‍ය පරිදි කාර්ය මණ්ඩල බඳවා ගන්නේ නැහැ. සෑම අමා­ත්‍යාං­ශ­ය­කම හා රාජ්‍ය අමා­ත්‍යං­ශ­ය­කම ඒ ඒ ක්ෂේත්‍ර­වල පෞද්ග­ලික අංශයේ සහා­යත් ඇතුව රැකි­යා­වන් උත්පා­ද­න­යට ක්‍රියා කර­නවා.

ඒ වගේම අදාළ ක්ෂේත්‍ර­යන්හි ස්වයං රැකියා ප්‍රව­ර්ධ­න­ය­ටත් ව්‍යව­සා­ය­ක­ත්වය දිරි­මත් කිරී­ම­ටත් කට­යුතු කර­නවා. අපේ යුතු­කම හා වග­කීම වන්නේ රැකියා බෙදා­දීම නොව නව රැකියා උත්පා­ද­න­යයි. දේශීය හා ගෝලීය අභි­යෝග ජය­ගෙන ආර්ථික පුන­ර්ජී­ව­නය උදා­ක­ර­ගැ­නී­මට නම්, අප අලු­තෙන් සිත­න්නට පුරුදු විය යුතුයි. මෙවර අමා­ත්‍යාශ වෙන් කොට තිබෙන්නේ එම අර­මුණ පෙරදැරි කර­ගෙ­නයි. සැබෑ ආර්ථික පුන­ර්ජී­ව­න­යක් සඳහා ජනතා කේන්ද්‍රීය ආර්ථි­ක­යක අව­ශ්‍ය­තාව අප හඳු­නා­ගෙන තිබෙ­නවා. අමා­ත්‍යාංශ වෙන් කි­රීමේ දී සහ ඒවාට විෂ­ය­යන් හා කාර්ය­යන් පැව­රීමේ දී රටේ බහු­තර ජන­තා­ව­කට බල­පාන කෘෂි, වැවිලි, ධීවර කර්මාන්ත හා පාර­ම්ප­රික කර්මාන්ත සහ ස්වයං රැකියා අවස්ථා ප්‍රව­ර්ධ­නය සම්බ­න්ධ­යෙන් සැල­කිල්ල යොමු කළා. දේශීය ආර්ථි­කය ශක්ති­මත් කිරීම මෙන්ම අප­න­යන ආදා­යම වැඩි­කර ගැනී­මත් අපේ මූලික ඉලක්ක වෙනවා. මේ වන­විට අපේ අප­න­යන වැවිලි භෝග වන තේ, පොල්, රබ­ර්ව­ලින් ලැබෙන ආදා­යම සතු­ටු­දා­යක මට්ට­මක නැහැ.

‘තේ’ වගාව දියුණු කිරී­මට කට­යුතු කරන අත­රම කුඩා සහ මධ්‍ය තේවතු හිමි­යන්ට රජය උදව් කර­නවා. වැසී ගොස් ඇති තේ කර්මා­න්ත­ශාලා නිසා ඔවුන් විශාල අප­හ­සු­තා­ව­කට පත්වී සිටි­නවා. ඒවා නැවත ආරම්භ කිරී­මට ක්‍රියා­ක­රන අතර අක්‍ර­මි­කතා තුර­න්කොට ඉහළ ප්‍රමි­ති­ය­කින් යුතු තේ අප­න­ය­නය දිරි­මත් කර­නවා. CEYLON TEA සන්නා­ම­යට තිබුණු පිළි­ගැ­නීම ශක්ති­මත් කර­නවා. පොල් අලු­තින් වගා කිරී­මට දිරි දෙනවා. රබ­ර්ව­ලට නිසි මිලක් ලබා­දීම සඳහා මෙරට නිප­ද­වන රබර් භාවිත කිරී­මට, රබර් ආශ්‍රිත කර්මා­න්ත­ක­රු­වන් උනන්දු කර­නවා. කටු­පොල් වගාව අප සම්පූ­ර්ණ­යෙන්ම නතර කර­නවා. ගම්මි­රිස්, කුරුඳු වැනි අප­න­යන භෝග නිෂ්පා­ද­නය අප දිරි­ග­න්ව­නවා. කෘෂි නිෂ්පා­ද­න­ව­ලට අගය එකතු කර අප­න­ය­නය කිරීම හරහා ගොවි­යාට ස්ථාවර මිලක් ලබා­දෙන අතර එම­ගින් විශාල විදේශ විනි­ම­යක් උපයා ගැනී­මට කට­යුතු කර­නවා. අමා­ත්‍යාං­ශ­ව­ලට වග­කීම් පැව­රීමේ දී, නාග­රික මෙන්ම ග්‍රාමීය යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­න­යට හා ජන­තා­වගේ නිවාස ගැට­ලු­වට විස­ඳුම් සෙවී­මට විශේෂ අව­ධා­න­යක් යොමු කළා.

රටේ සංව­ර්ධ­න­යට ඍජු­වම දායක විය හැකි ක්ෂේත්‍ර රැසක් හඳු­නා­ගෙන ඒවාට වග­කි­යන රාජ්‍ය අමා­ත්‍ය­ව­රුන් පත්කි­රී­ම­ටත්, ඔවුන් වෙත අදාළ විෂ­ය­යන් සහ කාර්ය­යන් පව­රා­දී­ම­ටත් කට­යුතු කර තිබෙ­නවා. මානව සම්පත් සංව­ර්ධ­නය අප ප්‍රමු­ඛ­තා­වක් ලෙස හඳු­නා­ගෙන තිබෙන නිසා අමා­ත්‍යාංශ නම් කිරීමේ දී අධ්‍යා­පන විෂය එක් අමා­ත්‍යාං­ශ­යක් යට­තට ගෙන එහි වෙනස් වග­කීම් සඳහා රාජ්‍ය අමා­ත්‍ය­ව­රුන් 4 දෙනෙකු නම් කරනු ලැබූවා. පෙර­පා­සල්, අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ, නිපු­ණතා සංව­ර්ධ­නය මෙන්ම දහම් පාසල් හා භික්ෂු අධ්‍යා­ප­න­යට වෙන වෙනම රාජ්‍ය අමා­ත්‍යාංශ පිහි­ටුවා තිබෙන්නේ ඒවායේ ඇති වැද­ග­ත්කම නිසයි. අපේ අනා­ගත ඉලක්ක සපුරා ගැනීමේ දී තාක්ෂ­ණික අධ්‍යා­ප­න­යට විශේෂ අව­ධා­න­යක් යොමු ­විය යුතුයි. 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණ­වල දී අප විශේ­ෂ­යෙන් සැල­කි­ලි­මත් වෙනවා.

උසස් පෙළ සම­ත් වන සියලු සිසුන්ට විශ්ව­වි­ද්‍යාල අධ්‍යා­ප­න­යක් ලබා­ගැ­නීම සඳහා, විශ්වවිද්‍යා­ල­වල ධාරි­තාව වැඩි කර­නවා. එතැ­නින් නොනැ­වතී විවෘත විශ්ව­වි­ද්‍යාල පද්ධ­තිය දියුණු කිරී­ම­ටත්, දුරස්ථ අධ්‍යා­ප­නය දියුණු කිරී­ම­ටත් කට­යුතු කර­නවා. විෂය මාලා­වන් නවී­ක­ර­ණය කොට මේ උපාධි, ආර්ථි­ක­යට ඍජුව දාය­ක­ත්වය ලබා­දිය හැකි විෂ­ය­යන් බවට තහ­වුරු කර­නවා. විදුලි මිල රටේ ආර්ථික සංව­ර්ධන ක්‍රියා­ව­ලියේ දී බල­පාන වැද­ගත් සාධ­ක­යක්. ඒ නිසා පුන­ර්ජ­න­නීය බල­ශක්ති උත්පා­දන මාර්ග ප්‍රව­ර්ධ­නය සඳහා වෙනම රාජ්‍ය අමා­ත්‍යාං­ශ­යක් පිහි­ටුවා තිබෙ­නවා. අගය එක­තු­කි­රීම සඳහා නව තාක්ෂ­ණය භාවි­ත­ය­ටත්, නවෝ­ත්පා­දන දිරි­ගැ­න්වී­ම­ටත්, නිර්මා­ණ­ශීලි ලෙස නව වෙළෙ­ඳ­පොළ සොයා යාමට ව්‍යාපා­රි­ක­යන්ට සහාය වීම­ටත් අදාළ අමා­ත්‍යාං­ශ­වල අව­ධා­නය යොමු කර­නවා. අපේ රට ස්වාභා­වික සම්ප­ත්ව­ලින් පොහො­සත් රටක් වුවත් අගය වැඩි කිරීමේ කර්මාන්ත තව­මත් ජාත්‍ය­න්තර මට්ට­මට දියුණු වී නැහැ. මැණික්, ඛනි­ජ­වැලි වැනි ස්වාභා­වික සම්පත් අප­න­ය­නය කිරීමේ දී අගය එකතු කිරී­මෙන් රටට විශාල විදේශ විනි­ම­යක් ලබා ගැනී­මට ක්‍රියා කර­නවා.

අපේ පාර­ම්ප­රික කර්මාන්ත වන බතික්, දේශීය ඇඟ­ලුම්, පිත්තල, වේවැල්, මැටි, ලී බඩු, මැණික් හා ස්වර්ණා­භ­රණ කර්මාන්ත නිසි­යා­කා­රව දියුණු කිරී­මෙන් ස්වයං රැකියා ප්‍රව­ර්ධ­නය, නව රැකියා උත්පා­ද­නය මෙන්ම ව්‍යාපාර ගොඩ­නංවා විශාල විදේශ විනි­ම­ය­කුත් රටට ලබා­ගැ­නී­මට අව­ස්ථාව සල­ස­නවා. රටේ ජන­තා­ව­ගෙන් 1/3 ක් ජීවත් වන්නේ කෘෂි­ක­ර්මා­න්තය, වැවිලි කර්මා­න්තය හා ධීවර කර්මා­න්තය මතයි.

රාජ්‍ය සේව­යෙන් තමන් බලා­පො­රොත්තු වන සේවාව කාර්ය­ක්ෂ­මව සහ නිසි අයු­රින් නොලැ­බෙන බවට මහ­ජ­න­තාව අතර චෝද­නා­වක් පව­ති­නවා. ඒ නිසා ඔබ යටතේ තිබෙන සෑම අමා­ත්‍යාං­ශ­යක්, දෙපා­ර්ත­මේ­න්තු­වක් හා ආය­ත­න­යක් විසින් ජන­තා­වට ලබා­දෙන සේවා­වන් කාර්ය­ක්ෂ­මව සහ කඩි­න­මින් ලබා­දෙන ලෙස අමා­ත්‍ය­ව­රු­න්ගෙන් හා රාජ්‍ය අමා­ත්‍ය­ව­රු­න්ගෙන් මා ඉල්ලා සිටි­නවා.

ජන­තා­වට හෝ රජ­යට කිසිදු අග­යක් එක් නොක­රන සම­හර ආය­ත­නික ක්‍රියා­ව­ලි­ය­න්ගෙන් සිදු­ වන්නේ කාලය නාස්ති­වීම පම­ණක් බව මම පසු­ගිය කාලයේ විවිධ රාජ්‍ය ආය­ත­න­යන්ට ගිය අව­ස්ථා­වල දුටුවා. ජන­තා­වට සේවා­වන් ලබා­දීමේ දී අනු­ග­ම­නය කරන සම්ප්‍ර­දා­යික ක්‍රම­වේද වෙනු­වට ආය­ත­නික ක්‍රියා­ව­ලීන් කාර්ය­ක්ෂම කොට ජන­තා­වට පහ­සු­වෙන් හා කඩි­න­මින් සේවා ලබා­දීම සඳහා නව ක්‍රම­වේද ඔබ හඳුනා ගත යුතුයි. ‍You need to re-engineer the processes for greater productivity and customer satisfaction. මේ සඳහා හැකි­තාක් දුරට නව තාක්ෂ­ණික විස­ඳුම් සොයා ගත යුතුයි. ‘සෞභා­ග්‍යයේ දැක්ම’ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­න­යෙන් නාස්තිය හා දූෂ­ණය පිටු දකින බව අප ජන­තා­වට පොරොන්දු වුණා. මෙය අප සියලු දෙනා­ගේම ප්‍රමුඛ වග­කී­මක්. සියලු අමා­ත්‍යාංශ හා ආය­ත­න­වල නාස්තිය සහ දූෂ­ණය සම්පූ­ර්ණ­යෙන්ම නතර කිරී­මට කට­යුතු කර­නවා. ඉදි­රියේ දී නාස්ති­යට, දූෂ­ණ­යට සම්බන්ධ වන පුද්ග­ල­යන්ට තරා­ති­රම නොබලා නීතිය ක්‍රියා­ත්මක කිරී­මට මම පසු­බට වන්නේ නැහැ.

ප්‍රජා­ත­න්ත්‍ර­වාදී රාජ්‍ය­යක සාර්ථ­ක­ත්වය රඳා පව­තින පද­නම වන්නේ ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථා­වයි. 1978 සිට 19 වතා­වක් සංශෝ­ධ­නය වී ඇති අපේ ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව තුළ ඇති අවි­නි­ශ්චිත භාවය හා ව්‍යාකූ­ල­ත්වය නිසා වර්ත­මා­නයේ ගැටලු රැසක් නිර්මා­ණය වී තිබෙ­නවා. ව්‍යව­ස්ථාවේ වෙන­සක් සඳහා අප ඉල්ලු ජන­ව­රම ජන­තාව අපට ලබා දී තිබෙන නිසා අපගේ පළමු කාර්යය ලෙස අප ජන­තා­වට පොරොන්දු වූ පරි­දිම, 19 ව්‍යවස්ථා සංශෝ­ධ­නය ඉවත් කිරී­මට කට­යුතු කර­නවා. ඉන්පසු සියලු දෙනා සමඟ එක්ව රටට අවශ්‍ය සහ ගැළ­පෙන නව ව්‍යව­ස්ථා­වක් ගෙන එනවා. මෙහිදී මේ රටේ සිය­ලූම ජන­තාව සම්බ­න්ධ­යෙන් ‘එක රටක් එක නීති­යක්’ යන සංක­ල්ප­යට මූලි­ක­ත්ව­යක් දෙනවා.

පැහැ­දිලි තීන්දු තීරණ ගත නොහැකි, අන්ත­වා­දයේ බල­පෑ­මට නිර­න්ත­ර­යෙන් යට­පත් වන, අස්ථා­වර පාර්ලි­මේ­න්තු­වක් රට­කට සුදුසු නැහැ. නව ව්‍යව­ස්ථා­වක් හඳු­න්වා­දීමේ දී වර්ත­මාන මැති­ව­රණ ක්‍රමයේ වෙන­ස්කම් සිදු­කි­රී­මට අවශ්‍ය වෙනවා. සමා­නු­පා­තික ඡන්ද ක්‍රමය තුළ ඇති සාධ­නීය ලක්ෂණ රැක­ගන්නා අත­රම පාර්ලි­මේ­න්තුවේ ස්ථාවර භාවයද, ජන­තා­වගේ ඍජු නියෝ­ජ­නය ද තහ­වුරු වන ලෙස මේ වෙන­ස්කම් සිදු කර­නවා. මම මගේ රටට ආද­රය කර­නවා, මම මගේ රට ගැන ආඩ­ම්බර වෙනවා, මට මගේ රට ගැන දැක්මක් තිබෙ­නවා. අපේ අර­මුණ වන්නේ ඵල­දායී පුර­වැ­සි­යෙක්, සතු­ටින් ජීවත් වන පවු­ලක්, ගුණ­ග­රුක සමා­ජ­යක් හා සෞභා­ග්‍ය­මත් දේශ­යක් ගොඩ­නැ­ඟී­මයි. මේ දක්වා අප විසින් කරන ලද සියලු දේ මෙන්ම, මින් ඉදි­රි­යට ක්‍රියා­ත්මක කිරී­මට අපේ­ක්ෂිත ක්‍රියා­මා­ර්ග­යන් ද සැල­සුම් කරනු ලබන්නේ මේ අර­මුණ පෙර­දැරි කර­ගෙ­නයි.

අප ඉති­හා­සයේ ඉතා වැද­ගත් සන්ධි­ස්ථා­න­ය­කට පැමිණ තිබෙ­නවා. ජන­තාව වත්මන් රජ­යට විශාල ජන­ව­ර­මක් ලබා දී තිබෙ­නවා. කිසිදු බල­වේ­ග­ය­කට යටත් නොවී මේ රටේ ස්වෛරී­ත්වය රැක­ගෙන ජන­තාව ආරක්ෂා කර­ගෙන රට සෞභා­ග්‍යය කරා ගෙන­යා­මට අපට වග­කී­මක් පැවරී තිබෙ­නවා. රටේ අනා­ගත පර­පුර වෙනු­වෙන් වත්මන් පර­පුර ඒ වග­කීම ඉටු­කළ යුතුයි. මේ අප සිය­ලු­දෙ­නා­ගේම මවු­බි­මයි. ඒ නිසා ජාති, ආගම්, පක්ෂ බේද­ය­කින් තොරව අප සියලු දෙනාම රට වෙනු­වෙන් එක්විය යුතු අව­ස්ථා­වක් පැමිණ තිබෙ­නවා. ජන­තා­වට අප පොරොන්දු වූ සෞභා­ග්‍ය­මත් දේශය ගොඩ­නැ­ගීම සඳහා මා සමඟ එකතු වන ලෙස ඔබ සිය­ලු­දෙ­නා­ටම මා මිත්‍ර­ත්වයේ දෑත් දිගු­කොට ආරා­ධනා කර­නවා. ඔබ සැමට තෙරු­වන් සර­ණයි.

පාර්ලි­මේ­න්තුව අද (21)

පෙර­වරු 9.30ට යළි රැස්වී­මට නිය­මි­තයි.

කටු පොල් වගාව

සම්පූර්ණයෙන්ම

නතර කරනවා

වසර ගණනාවක් ජීවත් වූ

ඉඩම්වලට නිසි ක්‍රමවේදයකින්

ඔප්පු ලබා දෙනවා

ජාතික ප්‍රතිපත්තියක් ලෙස

සෑම ප්‍රදේශයකටම

පානීය ජලය සපයනවා

"මගේ තාත්තා මිනි­සුන් වෙනු­වෙන් කළ වීර ­ක්‍රියා"

සෙව්මිණි දිව්‍යාං­ජලී වන මා බප/ජය සේද­වත්ත සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යා­ලයේ ඉගෙ­නුම ලබමි. මගේ තාත්තා 1996 අවු­රුද්දේ යුද හමු­දා­වට බැඳුණේ රූප­වා­හි­නියේ ත්‍රස්ත­වා­දීන් අහිං­සක මිනි­සුන්ව කපා මරා දම­නවා දැක­ලයි. තාත්තා හමු­දා­වට උස මදි නිසා කොළඹ හමුදා කඳ­වු­රෙන් තාත්තාව හරවා එවලා තිබුණා. ඊට පසු තාත්තා අනු­රා­ධ­පු­ර­යෙන් හමු­දා­වට බැඳු­ණාලු. මගේ තාත්තාගේ උස අඩි 4 අඟල් 10 යි. මාගේ තාත්තාගේ ක්‍රීඩා සහ­තික බලලා බඳවා ගත්තාලු.

මගේ තාත්තා තමයි ලංකාවේ සොල්දාදු පුහු­ණුව අව­සන් වෙලා යාප­න­යට ගිය උස අඩුම පුද්ග­ලයා. යාප­නයේ අවු­රු­ද්දක් විතර නිවාඩු නැතුව සේවය කරලා ගෙදර එන­විට තාත්තාගේ අම්මාට (මගේ ආච්චිට) තාත්තා ගැන බය­වෙලා පිස්සු හැදිලා අංගොඩ මාන­සික රෝහලේ නැවැ­ත්තුවා. ඒ වෙලාවේ හෙදි නැන්දා කෙනෙක් කියලා තියෙ­නවා අම්මාව හොඳ කරලා ගෙදර එක්ක යන්න හැබැයි තාත්තාට ගෙදර ඉන්න වෙනවා කියලා. ඉතිං තාත්තා නැවත යාප­න­යට ගිහින් නැහැ. නැවත තාත්තා ත්‍රීවිල් රස්සා­වම කළා.

දව­සක් කොළඹ කොටු‍වේදී තාත්තාගේ ත්‍රීවිල් එකට ඉස්ස­ර­හින් ගිය ත්‍රීවිල් එකට කකු­ලක් නැති හමුදා නිල­ධා­රි­යෙක් නව­ත්තලා හයර් එකක් යන්න කතා කරලා. ඒ රියැ­දුරා වැඩි මුද­ලක් ඉල්ලලා. ඒ හමුදා සෙබළා යන්න ඕනෙ නැහැ කියලා. ඊට­පස්සේ පිටු­ප­සින් සිටි මගේ තාත්තා සල්ලි ඕන නැහැ කියලා ඔහු රැගෙන ගිහින් බැස්සු­වාලු.

එදා තාත්තා ගෙදර ඇවිත් චිත්‍ර අඳින කෙන­කුට කියලා "ත්‍රිවිධ හමු­දාවේ හා පොලි­සියේ ආබා­ධිත රණ­වි­රු­වන් ප්‍රවා­හ­නය නොමිලේ" කියලා ලියවා ගත්තාලු. මගේ තාත්තා තමයි මුලින්ම ඒ දේ කළේ. මගේ තාත්තා ත්‍රීවිල් රස්සාව කරන්න පටන් අරන් අවු­රුදු 26ක් විතර වෙනවා. තවම මගේ තාත්තා පාරේ අන­තු­රක් දැකලා නැහැ. මගේ තාත්තා මිනි­සුන්ට හරිම ආද­රෙයි. මහින්ද රාජ­පක්ෂ හිටපු ජනා­ධි­ප­ති­තුමා කුරිරු යුද්ධය අව­සන් කළ නිසා තාත්තා එතු­මාට සල­කන්නේ දෙවි කෙන­කුට වගේ. 2015 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට කලින් තාත්තා හීනෙන් දැකලා තියෙ­නවා මහින්ද මහ­ත්තයා පර­දි­නවා. මගේ තාත්තා මහින්ද මහ­ත්ත­යාව දින­වන්න හයර් යන මිනි­ස්සුන්ට යුද්ධය සිහි­කර කතා කරලා තියෙ­නවා.

2014.12.21 වෙනිදා උදේ මගේ තාත්තා දකුණු අතේ ඇඟි­ල්ලක් කපා බෞද්ධා­ලෝක මාවතේ රූප­වා­හිනි සංස්ථාව ඉදි­රි­පිට එල්ලුවා. මිනි­සුන්ට කුරිරු යුද්ධය සිහි­පත් කොට ජනා­ධි­පති මහින්ද මහ­ත්ත­යාට සුබ පැතු­වාලු.

මේ Covid 19 වයි­ර­සය ගැනත් තාත්තා සිහි­න­යක් දැකලා බෝධීන් වහන්සේ ළඟ පහ­නක් පත්තු කරලා තිබෙ­නවා. පසුදා තාත්තා අස­ල්වා­සීන් හැමෝම එකතු කර­ගෙන පහන් 200ක් විතර පත්තු කළා. ලංකාවේ කොරෝනා වයි­ර­සය වෙනු­වෙන් පළ­මුව පහ­නක් දැල්වූයේ මගේ තාත්තායි.

එහෙත් මගේ තාත්තා හීනෙන් දැක්කේ බෝධි­යක් ළඟ පහ­නක් පත්තු කර­නවා. නාවික හමු­දාවේ අය ලෙඩ වෙන­කොට ජය සිරිමා බෝධීන් වහන්සේ ළඟ පහ­නක් දල්වා නාවික හමු­දාවේ අයගේ ජීවිත රැක­දෙන්න කියා ඉල්ලන්න තාත්තාට හිතු­නාලු.

මගේ තාත්තා මැයි මාසයේ 11 වෙනිදා අස­ල්වාසී අයියා කෙනෙක්ගේ බයි­සි­ක­ල­යක් ඉල්ලා­ගෙන ඇඳි­රි­නී­තිය තියෙද්දී අනු­රා­ධ­පු­ර­යට ගියා. අපි බයෙන් හිටියේ තාත්තාට කර­ද­ර­යක් වෙයිද කියලා. තාත්තා මම දන්න කාලෙක බයි­සි­ක­ල­යක් පැදලා නැහැ. නමුත් තාත්තා ගෙද­රින් යන වෙලාවේ කිව්වා “චූටි දුව මනු­ස්සයො වෙනු­වෙන් හොඳ දෙයක් කරන විට බය­වෙන්න එපා කියලා.” මම දවස් 4 න් එනවා කිසිම කර­ද­ර­යක් නැතුව ගෙදර එනවා කියලා. ඒ වගේම 14 වෙනිදා හවස තාත්තා ගෙදර ආවා. දවස් 4 ක්ම මගේ තාත්තට කෑමට බත් නැහැ. තේ ටිකක් නෑ. බීම විත­රයි බීලා තියෙන්නේ.

රාත්‍රී කාලයේ ඉඳලා තියෙන්නේ පාළු තැන්වල. ඉතිං මගේ තාත්තා මිනි­සුන් වෙනු­වෙන් හැම දුකක්ම විඳපු කෙනෙක්. සම­හර අය තාත්තාට බනි­නවා පිස්සු වැඩ කර­නවා කියලා. නමුත් මගේ තාත්තා මට වීර­යෙක්.

අද මගේ තාත්තා ගොඩක් අස­රණ වී සිටින්නේ. මගේ තාත්තාගේ ත්‍රීවිල් එක මාර්තු මාසයේ ෆිනෑන්ස් එකෙන් අරන් ගිහින් තාත්තාට දැන් රස්සා­ව­කු­ත්නැහැ. අපිට දැන් ජීව­ත්වී­මට අමා­රුයි. මගේ තාත්තාට උද­ව්වක් කරන්න කියලා මම ඉල්ලා සිටි­නවා.

සෙව්මිණි දිව්‍යාං­ජලී

බප/ජය සේද­වත්ත සිද්ධාර්ථ

මධ්‍ය මහා විද්‍යා­ලය

දිනමිණ 

ගිනිකොනදිග ආසියාවේ රටවල් බොහොමයක වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් විනාශ කිරීමට හා ආදිවාසී ජනතාවගේ සියලූ අයිතීන් අහිමි කිරීමට දායක වූ කටුපොල් වගාව අද වනවිට ලංකාවේ තෙත් කලාපයේ රබර් ඇතුළු වගා බිම් බොහොමයක් ශීඝ‍්‍රයෙන් ඉවත් කරමින් ස්ථාපිත කරමින් පවතී. ජාත්‍යන්තර ග‍්‍රීන් පීස් සංවිධානය (Green Peace International) කුරිරු බවේ සංකේතය නමින් හඳුන්වන කටුපොල් වගාව පරිසරයේ පැවැත්මට දැඩි බලපෑම් එල්ල කරන වගාවක් බව හඳුනාගෙන තිබිය දී ඒ පිළිබඳ ව අවධානයකින් තොර ව මෙරට වාණිජ වගාවක් ලෙස ව්‍යාප්ත කිරීමට රාජ්‍ය අනුග‍්‍රහය ලබා දීම ප‍්‍රධාන ගැටලූවක් විය නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතා විසින් තම පළමු පාර්ලිමේන්තු කතාවේදී රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් කියා සිටියේ කටුපොල් වගාව ලංකාව තුල තහනම් කරන බවයි.



පසුගිය සමයේ දී ඉන්දුනීසියාවේ කෘෂිකර්ම ඇමති සුස්ටෝනෝ සමඟ එවකට පැවති රජයේ වැවිලි කර්මාන්ත ඇමති මහින්ද සමරසිංහ මහතා විසින් ගිවිසුම් ගත වී ඇත්තේ මෙරට තෙත් කලාපයේ සරුසාර වගාබිම් කටුපොල් වගාවන් බවට පරිවර්තනය කිරීමට ය. ඉන්දුනීසියාවේ වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් හා ජෛව ප‍්‍රජාව කටුපොල් වගාවෙන් සහමුලින්ම වනසා දමා තිබිය දී අප රටේ තෙත් කලාපය එහි ගොදුරක් බවට පත් කිරීමට දරන උත්සාහය අවබෝධ කර නොගත් මෙරට පාලකයින් කුරිරුබවේ සංකේතය ලෙස හඳුන්වන ඉතා ම හානි කර කටුපොල් වගාව ව්‍යාප්ත කිරීම සඳහා මෙලෙස ගිවිසුම් ගත වීම කණගාටුවට කරුණකි.

මෙම ගිවිසුමට අනුව අද වනවිට තෙත් කලාපයේ රබර් වතු හා අත්හැර දැමුණු තේ වගාබිම් එළිපෙහෙළි කරමින් කටුපොල් වගාව ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත කරමින් සිටින බව පෙනෙන්නට තිබේ. කටුපොල් ශාකය නිවර්තන කලාපීය ශාකයක් වුව ද එම ශාකය වාණිජ වගාවක් ලෙස ස්ථාපිත කිරීමේ දී ගැටලූ බොහෝමයක් පැන නගී. ප‍්‍රධාන වශයෙන් ම භූගත ජලය අහිමි කිරීම, පාංශු ඛාදනය උග‍්‍ර කිරීම, ජල උල්පත් සිඳීයාම වැනි තත්වයන් ඇති කිරීමට කටුපොල් වගාව ප‍්‍රධාන දායකත්වයක් සපයයි.

බොහෝ කටුපොල් වගා බිම්වල පස යටි වගාවකින් තොර ව නිරාවරණය කර තිබීම හා ශාක අතර පරතරය වැඩිවීම හේතුවෙන් නිරිතදිග මෝසම් සුළං මගින් හා අන්තර් මෝසම් සුළං මගින් වැඩි වර්ෂාපතනයක් හිමි වන තෙත් කලාපයේ මෙම වගා බිම් වලින් වැඩි පාංශු ඛාදන තත්ත්වයක් ඇති කරයි. මෙම වගා බිම් වලට ලැබෙන වර්ෂා ජලයෙන් වැඩි ප‍්‍රමාණයක් මතුපිට පස් තට්ටු සෝදා යවමින් පස මතුපිටින් ගලා යාම පමණක් සිදු වේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස ජලය භූගත වීම, භූගත ජල සංචිත ගොඩනැංවීම, දිය උල්පත් සක‍්‍රීය කිරීම සිදු නොකෙරේ. මෙසේ වැසි කාලයේ දී සිදු වන පාංශු ඛාදනය හේතුවෙන් කුඩා ජල මාර්ග රොන් මඩින් පිරී යාමේ තත්ත්වයන් ඇති කෙරේ. ඉන් පසුව වැසි රහිත කාලගුණයක් පවතින කාලවල දී මෙම වගා බිම් වලට ලැබෙන සූර්ය තාපය ඍජු ව ම පස මතුපිටට පතිත වීම හේතුවෙන් පසේ රැඳී ඇති සුළු ජල ප‍්‍රමාණය ද වාෂ්පීකරණයට ලක් වේ. ඊට අමතර ව ශාක වලින් උත්ස්වේදනය වන ජල ප‍්‍රමාණය හේතුවෙන් පස ශීඝ‍්‍රයෙන් වියළි තත්ත්වයට පත් වේ. මේ නිසා දිය උල්පත් සීඳී යාම ශීඝ‍්‍රයෙන් සිදු වේ. එම නිසා කටුපොල් වගා බිම් ආශ‍්‍රිත ව පිහිටි ජල මාර්ග සම්පූර්ණයෙන් ම කෙටිකාලීන ව සිඳීයාමට ලක් වේ. මෙය ඍජු ව කටුපොල් වගා බිම් අවට ජීවත්වන ජනතාවට ජල අර්බුදයන් ඇති කිරීමට මෙන් ම එම ජල මාර්ගවල ජලජ ජීවීන්ගේ පැවැත්මට අහිතකර බලපෑම් ඇති කරයි.

යටත්විජිත යුගයේ තෙත් කලාපයේ කඳකර වනාන්තර ශීඝ‍්‍රයෙන් එළිපෙහෙළි කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස මෙරට තෙත් වනාන්තරවාසී සත්ත්ව විශේෂ බොහෝමයක් සම්පූර්ණයෙන් ම වඳ වීම සිදු වී ඇත. ඉදිරියේ දී මෙම තත්ත්වය වර්ධනය කිරීමට කටුපොල් වගාව ප‍්‍රධාන වශයෙන් දායක වනු ඇත. තෙත් කලාපයේ ජල මුලාශ‍්‍ර සිඳී යාමට කටුපොල් වගාව හේතුවන අතර එම ජල මුලාශ‍්‍රවල ජීවත් වන ලංකාවට ආවේණික ජලජ ශාක වන අතිඋඩයන්, කෙටල හා කෙකටිය ශාක විශේෂ මෙන් ම ජලජ ජීවීන් වන මිරිදිය මත්ස්‍ය විශේෂ, මිරිදිය ඉස්සන්, මිරිදිය කකුළුවන් හා මිරිදිය බෙල්ලන් විශේෂ බොහෝමයක් වඳ වීම සිදු වනු ඇත.

මීට අමතර ව එම ජල මුලාශ‍්‍ර ආශ‍්‍රිත ව ජීවත් වන ජනතාව ජල අර්බුද වලට ගොදුරු වීම පමණක් නොව මේ ප‍්‍රදේශයේ සිදු කෙරෙන සුළු පරිමාණ තේ වගාවට ද මෙම තත්ත්වය ඉතා ම හානි කර ලෙස බලපානු ලැබේ. මේ ආකාරයෙන් කටුපොල් වගාවෙන් හානි කර තත්ත්වයන් ගණනාවක් සිදු වන බවට හඳුනාගෙන තිබිය දී ලංකාවේ තෙත් කලාපයේ පමණක් නොව වියළි කලාපයේ, මහවැලි ගඟ ආශ‍්‍රිත පිටාර තැනි වන කන්දකාඩුව ප‍්‍රදේශයේ ද කටුපොල් වගා කිරීමට මරීනා සමාගමට අවස්ථාව ලබා දීමට පසුගිය කාලයේ දී පිඹුරුපත් සැකසින. අප රටේ යටත්විජිත යුගයේ සිට වාණිජ වගාවන් ව්‍යාප්ත කළ ස්වභාවය හා ලෝකයේ කටුපොල් වගාවෙන් ලබා ගන්නා තෙල් වලට පවතින අධික ඉල්ලූම හේතුවෙන් ඉදිරියේ දී තේ වගාව ඇතුළු ව මෙරට ව්‍යාප්ත කර ඇති අනෙක් වාණිජ වගාවන් වල ස්වභාවය අනුව පෙනී යන්නේ කටුපොල් වගාව ද ඉදිරියේ දී ශීඝ‍්‍රයෙන් තෙත් කලාපයේ මෙන් ම වියළි කලාපයේ සුවිශේෂි ප‍්‍රදේශ වේගයෙන් කටුපොල් වගාවේ ආක‍්‍රමණයට ලක් විය හැකි බව ය.

ලංකාවේ කටුපොල් වගාවේ ඉතිහාසය

මෙරට පළමු වරට කටුපොල් වගාව ආරම්භ කළේ යුරෝපීය වැවිලිකරුවකු වන න්‍ැරරහ උ්කැි විසිනි. 1968 දී වටවල වැවිලි සමාගමට අයත් නාකියාදෙනිය වතු යායේ හෙක්ටයාර 0.5 ක භූමියක කටුපොල් ගස් 68 ක් සිටුවා පළමු වගා බිම ආරම්භ කරන ලදී. අද වන විට ලංකාවේ විශාලත ම කටුපොල් වගා බිම්වල හිමිකාරීත්වය ඇත්තේ ද වටවල වැවිලි සමාගමට ය. එහි භූමි ප‍්‍රමාණය හෙක්ටයාර 3157 කි. මීට අමතර ව නමුණුකුල වැවිලි සමාගමට හෙක්ටයාර 2041 ක්, ඇල්පිටිය වැවිලි සමාගමට හෙක්ටයාර 1571 ක්, අගලවත්ත වැවිලි සමාගමට හෙක්ටයාර 1311 ක්, කෑගල්ල වැවිලි සමාගමට හෙක්ටයාර 1125 ක් හා බගවන්තලාව වැවිලි සමාගමට හෙක්ටයාර 700 ක් හිමි ව ඇත. අද වන විට ලංකාවේ කටුපොල් වගා බිම්වල ව්‍යාප්තිය හෙක්ටයාර 10,000 ක් පමණ වේ. රජයේ අරමුණ එම අගය හෙක්ටයාර 20,000 දක්වා වර්ධනය කිරීමට ය. නමුත් කටුපොල් වගාවෙන් ජනදිවියට, ජලයට හා ජෛව ප‍්‍රජාවට සිදු කරන බලපෑම් පිළිබඳ ව මෙම වගා බිම් ව්‍යාප්ත කිරීම සඳහා යොමු වීමට ප‍්‍රථම කිසිඳු අවධානයක් රජය විසින් සිදු කර නොමැත.

මාතර, ගාල්ල, කළුතර දිස්ත‍්‍රික්කවල ප‍්‍රධාන වශයෙන් ව්‍යාප්ත කර ඇති කටුපොල් වගාව වර්තමානය වනවිට රත්නපුර, කෑගල්ල හා කොළඹ දිස්ත‍්‍රික්කවල ස්ථාපිත කිරීම මේ වන විට සිදු කෙරෙමින් පවතී. ලලාන් රබර් සමාගම විසින් කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ ගණනාවක රබර් වගා බිම් ඉවත් කර කටුපොල් වගාව ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත කරමින් තිබේ.

කටුපොල් ශාකයේ ස්වාභාවික ව්‍යාප්තිය

සිංහලෙන් කටුපොල් ලෙස හඳුන්වන මෙම ශාකය ඉංග‍්‍රිසියෙන් Palm oil, African oil palm හා Macaw Fat යන විවිධ නම් වලින් හඳුන්වනු ලැබේ. මෙම ශාකය විද්‍යාත්මක Elaeis guineensis ලෙස හඳුන්වන අතර එහි ස්වාභාවික නිජබිම බටහිර හා නිරිතදිග අප‍්‍රිකානු රටවල් ය. එය ඇංගෝලාවේ සිට ගැමිබියාව දක්වා පැතිර පවතින කලාපයි. 1763 දී Nicholaas Jacquin නම් විද්‍යාඥයා විසින් ගිනියාවෙන් සොයාගත් ශාක නිදර්ශකයක් චිත‍්‍රයට නගමින් මෙම ශාකය විද්‍යා ලොවට හඳුන්වාදෙමින් නාමකරණය කර ඇති අතර ගිනියාවෙන් මෙම ශාකය සොයාගත් බැවින් gunineensis යන විද්‍යාත්මක නාමය මෙම ශාකයට ලබා දී තිබේ.



කටුපොල් වගාවේ වෙනත් රටවල අත්දැකීම්

වාණිජ වශයෙන් වැදගත් වන ශාකයක් ලෙස කටුපොල් ශාකය පළමු ව හඳුන්වා දී ඇත්තේ ලන්දේසින් විසින් 1848 දී ජාවා දූපත්වලට ය. 1910 දී Scotsman William හා ්‍ Henry Darby විසින් මැලේසියාවට මෙම ශාකය හඳුන්වා දී තිබේ. ලෝකයේ විශාලත ම කටුපොල් වගා බිම් හිමිකරුවා වන්නේ Federal Land Development Authority නම් ආයතනයයි. මැලේසියාවේ හා ඉන්දුනීසියාවේ හෙක්ටයාර 900,000 ක් මෙම ආයතනයට හිමි ය. මෙම අධිකාරිය පිහිටුවා ඇත්තේ 1956 ජුලි 01 වන දින මැලේසියාවේ ඉඩම් සංවර්ධන පනතට අනුව දරිද්‍රතාවය පිටුදැකීම සඳහා ය. කටුපොල් වගාව මෙම රටවල ස්ථාපිත කිරීම සඳහා වසර 20 ක දී ගෙවීම සඳහා වන ණය ලබා දෙමින් සහන සලසමින් මෙම වගා බිම් ස්ථාපිත කිරීමට අවශ්‍ය පෙළඹවීම සිදු කර තිබේ.

1957 දී මැලේසියාව බි‍්‍රතාන්‍ය යටත්විජිතයෙන් නිදහස් වූ පසුව 1960 සහ 1970 අතර කාලයේ දී ඇති වු රබර් මිල ගණන් පහත වැටීම නිසා එරට රජය කටුපොල් වගාව දිරිමත් කළේ ය. ඒ අනුව 1961 දී මැලේසියාවේ රබර් වගා බිම් ඉවත් කර කටුපොල් වගාවන් ස්ථාපිත කිරීම ඇරඹින. ඒ අනුව මැලේසියාවේ 1961 දී වර්ග කිලෝමීටර 3.75 ක් වු කටුපොල් වගා බිම් 2000 වසර වන විට වර්ග කිලෝමීටර් 6855.2 ක් දක්වා වර්ධනය විය. පසුව 2008 වසර වනවිට එරට පවුල් 112,635 ක් වෙනත් ප‍්‍රදේශවල පදිංචි කර කෘෂිකාර්මික බිම් වර්ග කිලෝමීටර 8533.13 ක් අලූතින් කටුපොල් වගාව සඳහා යොදා ගැණින. මැලේසියාවේ ගොවීන් වගා කළ කුඩා කෘෂිකාර්මික වගා බිම්වල කටුපොල් වගාව ස්ථාපිත කිරීමට යොමු කර ගැනීම සඳහා 1966 දී Federal Land Consolidation and Rehabilitation Authority නම් ආයතනය පිහිටුවා ඇත. මීට අමතර ව 1976 දී Sarawak Land Consolidation and Rehabilitation Authority නම් ආයතනය පිහිටුවන ලදී. මෙම ප‍්‍රතිපත්තිමය හා ආයතනික ගොඩනැගීම මගින් මැලේසියානු රජය බලාපොරොත්තු වී ඇත්තේ විවිධ බෝග වගාවන් සිදු කළ සුළු පරිමාණ ගොවීන් කටුපොල් වගාව සඳහා යොමු කර ගෙන ජනතාවගේ දරිද්‍රතාවය අඩු කිරීම ය.

මෙම ප‍්‍රතිපත්තිමය යොමුවීම්වල ප‍්‍රතිඵලයක් ලෙස අද වන විට මැලේසියාවේ වගා බිම්, ප‍්‍රාථමික වනාන්තර, ද්විතීක වනාන්තර හා වගුරු බිම් ඉවත් කර කටුපොල් වගාව ස්ථාපිත කර තිබේ. මෙලෙස කටුපොල් වගාවට භාවිතා කර ඇත්තේ මැලේසියාවේ ආදිවාසී ජනතාව ජීවත් වූ ඔවුන්ගේ නිජබිම් ය. ඔවුන්ට භූමියට ඇති අයිතිය සම්පූර්ණයෙන් ම අහිමි කරමින් ඔවුන් එම ප‍්‍රදේශ වලින් ඉවත් කර තිබේ.

මැලේසියාවේ පමණක් නොව ඉන්දුනීසියාවේ ද 1967 සිට අද දක්වා වර්ග කිලෝමීටර 15,000 ක් පමණ වූ බිම් ප‍්‍රමාණයක් කටුපොල් වගාවට යොදාගෙන ඇත. ඉන් බහුතරයක් වගා බිම් සකස් කර ඇත්තේ ප‍්‍රාථමික, නොයිඳුල් තෙත් වනාන්තර සම්පූර්ණයෙන් ම එළිපෙහෙළි කරමිනි.

බෝර්නියෝ දූපත්වල වගුරු වනාන්තර ගිනිතබා විනාශ කර කටුපොල් වගාව ව්‍යාප්ත කර තිබේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස අද වන විට බෝර්නියෝ රට ගංවතුරින් නිරන්තර පීඩාවට පත්වන රටක් බවට පරිවර්තනය වී ඇත.

සුමාත‍්‍රා දූපත්වල කටුපොල් වගාව සඳහා එළිපෙහෙළි කළ විශාල වනාන්තර ප‍්‍රමාණයේ ප‍්‍රතිඵලයක් ලෙස එරට ජීවත් වූ සුමාත‍්‍රා ව්‍යාඝ‍්‍රයින් (Sumatran Tiger) , සුමාත‍්‍රා රයිනෝ (Sulatran Rhinos), ආසියානු අලින් (Asian Elephant) හා ඔරංඔටන් (Orangutan) ඇතුළු විශාල ක්ෂීරපායී සතුන් බොහෝමයක් වඳවෙමින් සිටී.

පැපුවා නිව්ගිනියාව, කොලොම්බියාව හා ඉන්දුනීසියාව වැනි රටවල ආදීවාසී ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන වන්දි ලබා දීමකින් තොරව කටුපොල් වගා කිරීම් සමාගම් විසින් ඇති කර තිබේ. බොහෝ දූපත්වල ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් මෙම වගාබිම් ස්ථාපිත කර ඇත.

2006 වසර වනවිට කටුපොල් වගා කර ඇති සමස්ත භූමි ප‍්‍රමාණය හෙක්ටයාර 11,000,000 ක් නැතහොත් වර්ග සැතපුම් 42,000 කි. මේ අනුව 2007 දී එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන විසින් ප‍්‍රකාශයට පත් කර ඇත්තේ ඉන්දුනීසියාවේ වනාන්තර වලින් 98% ක් 2022 වනවිට කටුපොල් වගාව ඇතුළු හානි කර ක‍්‍රියාවලීන්වල ප‍්‍රතිඵලයක් ලෙස සම්පූර්ණයෙන් ම විනාශ වී යනු ඇති බව ය. ඊට හේතුව 2021 වනවිට ලෝකයේ කටුපොල් වෙළෙඳපොළ ඩොලර් බිලියන 65.7 සිට ඩොලර් බිලියන 92.8 දක්වා වර්ධනය වන බවට හඳුනාගෙන තිබීම ය. එම වෙළෙඳපොළ අත්පත් කර ගැනීම සඳහා කටුපොල් වගා කරන රටවල්වල ක‍්‍රියාත්මක වන සමාගම් ශීඝ‍්‍රයෙන් තම වගා බිම් පුළුල් කරමින් සිටී.

අප රටේ කි‍්‍රයාත්මක වැවිලි සමාගම් ද මෙම වගාවෙන් කුමන හානි කර තත්ත්වයන් ඇතිවුව ද වේගයෙන් කටුපොල් වගාව ව්‍යාප්ත කිරීමට උත්සාහ දරන්නේ මෙම වෙළෙදපොල අත්පත් කර ගැනීම සඳහා ය. ලාභය වෙනුවෙන් පමණක් කි‍්‍රයාත්මක වන මෙම සමාගම් වලට රුචි පරිදි මෙම කි‍්‍රයාවලිය සිදු කිරීමට අවස්ථාව ලබා දීමෙන් සිදු වන්නේ තෙත් හා වියළි කලාපයේ ජීවත් වන සුළු පරිමාණ ගොවි ජනතාව දැඩි පීඩනයකට ලක් වීම ය. රජය මැදිහත් විය යුතු වන්නේ ඉඩම් භාවිත ප‍්‍රතිපත්තියක් හා කෘෂිකර්ම ප‍්‍රතිපත්තියක් රට තුළ ස්ථාපිත කර මේ හානි කර තත්ත්ව ඇති වීම පාලනය කිරීම සඳහා ය. මෙවන් ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක නොවන රටක නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරීම සඳහා සමාගම් වලට අවශ්‍ය පරිදි මෙම කි‍්‍රයාවලිය මෙහෙයවීමට ඉඩකඩ ලබා දීමෙන් සිදු වන බලපෑම ඉදිරියේ දී මෙරට සුළු පරිමාණ ගොවියාට, සුළු පරිමාණ තේ නිෂ්පාදකයින්ට පමණක් නොව සියලූ රට වැසියාට දරුණු ලෙස අත් විඳින්නට සිදු වනු ඇත.

ලංකාවේ වාණිජ වගාවන් හී ආරම්භය හා විකාශනය මගින් කටුපොල් වගාවේ අනාගත හානිකර ව්‍යාප්ති ප‍්‍රවනතා හඳුනාගැනීම

අප රට දේශීය නොවන වාණිජ වගාවන්ගේ ස්ථාපිත කිරීම ආරම්භ වන්නේ බි‍්‍රතාන්‍ය යටත්විජිත යුගයේ ය. පළමු ව මෙය කෝපි වගාවෙන් ආරම්භ විය. නමුත් කෝපි පළමු ව වගා කරන්නේ බි‍්‍රතාන්‍යයන් නොව 1740 දී ලන්දේසීන් ය. එතැන් සිට ලන්දේසීන් විසින් මෙරට කෝපි වගාව ක‍්‍රමානුකූල ව වගා කිරීම අත්හදා බලා ඇති අතර 1833 දී බි‍්‍රතාන්‍යයන් විසින් කෝල්බෲක්-කැමරන් ප‍්‍රතිසංස්කරණ කොමිෂම ගෙන ඒමෙන් පසුව මහ පරිමාණ වාණිජ වගාවක් ලෙස මෙම වගාව ස්ථාපිත කෙරින. ඒ සඳහා කඳුකරයේ වනාන්තර ශීඝ‍්‍රයෙන් එළි කර ඇති අතර අලි - ඇතුන් ජීවත් වූ තෙත් කඳුකර වනාන්තර ශීඝ‍්‍රයෙන් එළි කර එම සතුන් තෙත් කලාපයෙන් වඳ කර කෝපි වගාව ස්ථාපිත කර තිබේ. 1860 වනවිට ලංකාවේ කෝපි නිෂ්පාදනය කරන ප‍්‍රධාන රටවල් අතරට එක් වූ අතර 1870 වනවිට මෙරට කෝපි වගාව අක්කර 275,000 ක් දක්වා පැතිර තිබේ. ඒ අතර තුර කෝපි වගාවට දිලීර රෝගයක් පැතිරීම හේතුවෙන් ශීඝ‍්‍රයෙන් මෙම වගා බිම් විනාශ වීම ආරම්භ විය.


මේ අතරතුර 1867 දී ජේම්ස් ටේලර් විසින් නුවර, ලූල්කඳුර ප‍්‍රදේශයේ හෙක්ටයාර 8 ක භූමි ප‍්‍රදේශයක පළමු ව තේ වගාව ආරම්භ කෙරින. ඉන් පසුව 1872 දී පළමු තේ කර්මාන්තශාලාව ස්ථාපිත කළ ජේම්ස් ටේලර් පළමු ව තේ අපනයනය කළේ 1873 වසරේ දී ය. එසේ ආරම්භ කළ තේ වගාව අද වන විට කඳුකරයේ හා පහතරට තෙත් කලාපයේ හෙක්ටයාර 221,969 ක් පුරා පැතිර තිබේ. 1867 වසරේ දී හෙක්ටයාර 8 කින් ආරම්භ වූ තේ වගාව අද වන විට මෙතරම් භූමි ප‍්‍රමාණයක් දක්වා ව්‍යාප්ත කිරීමට නොයිඳුල් කඳුකර වනාන්තර හා පහතරට තෙත් කලාපීය වනාන්තර සම්පූර්ණයෙන් ම එළිපෙහෙළි කර තිබේ. අද වන විට තවදුරටත් කඳුකර වනාන්තර හා පහතරට තෙත් වනාන්තර එළිපෙහෙළි කරමින් අඛණ්ඩ ව තේ වගාව ව්‍යාප්ත කරමින් පැවතීමට ප‍්‍රධාන හේ්තුව ඒ සඳහා පවතින වෙළෙඳපොළ ඉල්ලූම ය. ඒ හේතුවෙන් මේ වන විට රක්ෂිත වනාන්තර පවා නීති වීරෝධී ව එළිපෙහෙළි කරමින් තේ වගාව ව්‍යාප්ත කෙරේ.

ලංකාවේ තේ වගාව ව්‍යාප්ත කිරීමට සමගාමී ව තෙත් හා අතරමැදි කලාපයේ වනාන්තර එළිපෙහෙළි කරමින් රබර් වගාව ව්‍යාප්ත කෙරින. 1876 දී ගම්පහ, හෙනරත්ගොඩ උද්භීද උද්‍යානයේ පළමු රබර් ශාකය රෝපනය කරමින් ආරම්භ කළ රබර් වගාව අද වන විට හෙක්ටයාර 133,668 ක් පුරා ව්‍යාප්ත ව පවතී. ජාත්‍යන්තර වෙළෙඳපොලේ රබර් මිල ගණන් වර්ධනය වීම හා පහළ බැසීම අනුව රබර් වගාව ව්‍යාප්ත කිරීම හා රබර් වගා බිම් වෙනත් භාවිතාවන් සඳහා යොදා ගැනීම තීන්දු වේ.

යටත්විජිත යුගයේ දී බි‍්‍රතාන්‍යයන් විසින් ලංකාවේ ස්ථාපිත කළ හැකි වාණිජ බෝග පිළිබඳ ව පර්යේෂණ සිදු කිරීමේ දී උක් වගාව පිළිබඳ ව ද ඔවුන්ගේ අවධානයට ලක් ව තිබේ. උක් වගාව පිළිබඳ ව පළමු පර්යේෂණ සිදු කර ඇත්තේ ගාල්ල ප‍්‍රදේශයේ ය. නමුත් එම කාල වකවානුවේ දී වාණිජ වගාවක් ලෙස උක් වගාව ව්‍යාප්ත කර නොතිබුණි. 1948 දී නිදහස ලැබීමෙන් පසුව වාණිජ වශයෙන් උක් වගාව ව්‍යාප්ත කිරීම ඇරැඹිනි. 1956 වන විට වියළි කලාපයේ වාණිජ වගාවක් වශයෙන් උක් වගාව ව්‍යාප්ත කර තිබේ. 1973 හා 1994 වසරවල දී වියළි කලාපයේ වනාන්තර විශාල වශයෙන් එළිපෙහෙළි කර උක් වගාව මහ පරිමාණයෙන් ව්‍යාප්ත කෙරින. මේ වනවිට පැල්වත්ත, හිඟුරාන, සෙවණගල, කන්තලේ, මොණරාගල හා අම්පාර යන දිස්ත‍්‍රික්කවල හෙක්ටයාර 30,530 ක භූමි ප‍්‍රමාණයක උක් වගා බිම් ව්‍යාප්ත කර තිබේ. මීට අමතර ව මේ වන විට වරින්වර බිබිල ප‍්‍රදේශයේ අක්කර 62,500 ක උක් වගා බිම් අලූතින් ව්‍යාප්ත කිරීම සඳහා සැලසුම් සකස් කරමින් පවතී. වෙළෙඳපොළ ඉල්ලූමත් සමඟ ම හා මෙම වගාව ව්‍යාප්ත කිරීමේ දී වසර කිහිපයක් තුළ පස නිසරු වීමත් සමඟ ඵලදායිතාවය බිඳවැටෙන අවස්ථාවල දී සමාගම් උත්සාහ දරන්නේ අලූතින් වගා බිම් ස්ථාපිත කර ඵලදායීතාව වැඩි කර ගැනීමට ය.

අද වන විට වැණිජ වගාවක් ලෙස බඩඉරිඟු වගා බිම් වියළි කලාපය ආක‍්‍රමණය කරමින් තිබේ. මිශ‍්‍ර බෝග වගා කළ හේන් වගා බිම්වල අද වන විට වගා කෙරෙන්නේ බඩඉරිඟු පමණි. 1961 වන විට හෙක්ටයාර 12,957 ක් ව පැවති බඩඉරිඟු වගා බිම් ප‍්‍රමාණය අද වන විට හෙක්ටයාර 72,390 ක් දක්වා වර්ධනය වී තිබේ. මිනිසුන්ට දෛනික පරිභෝජනය සඳහා වැදගත් වන බෝග නිපද වූ හේ්න් වගා බිම්වල අද වන විට සත්ත්ව ආහාරක් ලෙස ඒක බෝග වගාවක් ලෙස බඩඉරිඟු වගා කෙරේ. මේ සඳහා පවතින ඉල්ලූම හා මිල ඉහළ අගයක පැවතීම නිසා ශීඝ‍්‍රයෙන් බඩඉරිඟු වගාවට ගොවීන් ප‍්‍රවිෂ්ඨ වෙමින් සිටී.

මේ වන විට වාණිජ වගාවක් ලෙස ඩෝල් සමාගම අපනයනය කිරීම සඳහා කැවැන්ඩිස් කෙසෙල් ප‍්‍රභේදය වියළි කලාපයේ ප‍්‍රදේශ ගණනාවක වගා කර තිබේ. කන්තලේ, කුඩා ඔය, දෙමෝදර, බුත්තල ආදී ප‍්‍රදේශ ගණනාවක අක්කර 5000 ක් පමණ මේ වන විට කැවැන්ඩිස් කෙසෙල් වගාව සඳහා යොදා ගෙන ඇත. 2011 වසරේ දී පොළොන්නරුව, කන්දකාඩුව ප‍්‍රදේශයේ අක්කර 11,650 ක් අපනයනය සඳහා කැවැන්ඩිස් කෙසෙල් වගා කිරීමට ඩෝල් සමාගමට ලබා දෙන ලදී. නමුත් එය පරිසර සංවිධානවල මැදිහත්වීම මත වළක්වා ගත හැකි විය. එසේ වුවත් අද වන විට මෙම වගාව ප‍්‍රමුඛ වාණිජ වගාවක් ලෙස ස්ථාපිත කිරීම සඳහා උත්සහ දරමින් සිටී. මේ අනුව පෙනී යන්නේ ඒක බෝග වාණිජ වගාවන් මෙරට ස්ථාපිත කිරීමෙන් පසුව ශීඝ‍්‍රයෙන් අප රටේ ඉඩම් හා වනාන්තර ආක‍්‍රමණය කරමින් විවිධ සමාගම්වල මැදිහත්වීම මත එම වගාවන් මහ පරිමාණයෙන් ව්‍යාප්ත කරන බව ය. මේවා ව්‍යාප්ත කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස මෙරට සුළු පරිමාණ කෘෂිකර්මාන්තයේ නිරත ගොවීන් ගැටලූ ගණනාවකට මුහුණ දීමට සිදු වේ. ජල ප‍්‍රශ්නය, අලි-මිනිස් ගැටුම, වගා බිම් අහිමි වීම, වගා බිම්වල ඵලදායීතාවය බිඳවැටීම වැනි ගැටලූ බොහෝමයක් ඒ හේතුවෙන් උද්ගත වේ.

මේ තත්වයන් මේ ආකාරයෙන් පවතිද් දී තවදුරටත් වාණිජ වගාවන් ස්ථාපිත කිරීමට යොමු වීම මගින් අප රටේ ස්වාභාවික සම්පත් සියල්ල මෙන් ම සුළු ගොවීන් ද බලපෑමට ලක් වන අතර අවසන් ප‍්‍රතිඵලය රටේ ආහාර ස්වෛරීභාවය බිඳ වැටීම ය. මේ යථාර්ථය අවබෝධ නොකර තවදුරටත් කටුපොල් වැනි වාණිජ වගාවන් අප රට තුළ ස්ථාපිත කිරීමට ප‍්‍රතිපත්තිමය යොමු වීම් ලබා දීම ගැටලූ රැසක් මතු කිරීමට හේතු වේ.

මේ තත්ත්වය අවබෝධ කර නොගන්නා රජයන් නීති විරෝධී ව විවිධ සමාගම් විසින් මෙරට ව්‍යාප්ත කරන කටුපොල් වගාවට එරෙහි ව කිසිඳු කි‍්‍රයාමාර්ගයක් නොගැනීම හා ඒ සඳහා ප‍්‍රතිපත්තිමය තීරණයක් නොගැනීම නිසා ඇති වන ගැටලූ තව දුරටත් වර්ධනය වෙමින් තිබේ.

කටු පොල් වගාව නීති විරෝධී වන්නේ කෙසේ ද?

වෙළෙදපොල ඉල්ලූමත් සමඟ ම රබර් හා සමහර තේ වගා බිම් ඉවත් කර විවිධ සමාගම් විසින් කටුපොල් වගාව තම හිතුමතය පරිදි ව්‍යාප්ත කරමින් සිටිය ද ජාතික පාරිසරික පනතට අනුව එලෙස මහ පරිමාණ වගා බිම් ඉවත් කරමින් කටුපොල් වගාව ව්‍යාප්ත කළ නොහැකි ය. සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව අක්කර 125 කට වැඩි භූමි ප‍්‍රදේශ එළි පෙහෙළි කිරීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් කි‍්‍රයාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් එක වර ඉතා විශාල භූමි ප‍්‍රදේශ වල රබර් හා අතහැර දැමූ තේ වගා බිම් එළිපෙහෙළි කර කටුපොල් වගා කරනු ලබන්නේ මෙම නීති උල්ලංඝනය කරමිනි.

එපමණක් නොව එම ගැසට් නිවේදනයේ සඳහන් වන පරිදි 1951 අංක 25 දරන පස සංරක්ෂණ පනත යටතේ ප‍්‍රකාශිත යම් භූමි ප‍්‍රදේශයක් එළි පෙහෙළි කිරීමට ප‍්‍රථමයෙන් ද පරිසර බලපෑම් ඇගයීම් කි‍්‍රයාවලියට යටත් ව පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. පස සංරක්ෂණ පනතේ 3 වන වගන්තියට අනුව ප‍්‍රකාශිත 2008 මැයි 22 දින අංක 1550/9 දරන ගැසට් නිවේදනයට අනුව තෙත් කලාපයේ කදුකර ප‍්‍රදේශ සියල්ල ම පාංශු සංරක්ෂණ ප‍්‍රදේශයක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. එලෙස ප‍්‍රකාශයට පත් කළ පාංශු සංරක්ෂණ ප‍්‍රදේශ වල රබර් වගා බිම් හා වෙනත් වගා බිම් ඉවත් කර පස සම්පූර්ණයෙන් ම නිරාවරණය කර අලූතින් කටුපොල් වගා කිරීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් කි‍්‍රයාවලියට යටත් ව අනුමැතිය ලැබුණහොත් පමණක් එම වගා බිම් ව්‍යාප්ත කළ හැකි ය.

නමුත් මේ නීති රීති සියල්ල උල්ලංඝනය කරමින් සමාගම්වලට රිසිසේ ඉතා ම හානි කර වාණිජ වගාවක් ලෙස ලෝකයේ හඳුනාගෙන ඇති කටුපොල් වගාව මේ වන විට තෙත් කලාපයේ බොහෝ ප‍්‍රදේශ වල ව්‍යාප්ත කිරීම වහා ම නතර කිරීමට රජය කටයුතු කළ යුතු ය. එපමණක් නොව ලංකාවේ කටුපොල් වගාව තහනම් කිරීම සඳහා ප‍්‍රතිපත්ති හා නීති සම්පාදනය කළ යුතු අතර ඌන උපයෝජිත රබර් වගා බිම් හා තේ වගා බිම් ආහාර භෝග වගා කිරීම සඳහා සුළු පරිමාණ ගොවීන්ට ලබා දිය යුතු අතර හඳුනාගත් සංවේදී ප‍්‍රදේශ පාංශු සංරක්ෂණ හා ජල සංරක්ෂණ ප‍්‍රදේශ ලෙස සංරක්ෂණය කිරීම හා වනාන්තර ජාල ගත කිරීම සඳහා නැවත වන වගාවන් සඳහා භාවිතා කළ යුතු ය. ඒ තුළින් මෙරට ජනතාවගේ ජල සුරක්ෂිතතාව, සුළු ගොවීන්ගේ කෘෂිකාර්මික අයිතීන් හා පොදු භාවිත සම්පත් වල අයිතිය තහවුරු කළ යුතු ය. ඒ සඳහා ප‍්‍රතිපත්ති හා නීති සම්පාදනයට රජයට බලපෑම් කිරීම අපගේ වගකීමකි.

දෙහිවල සත්වෝද්‍යානය පිලියන්දල කහපොල  ප්‍රදේශයට ගෙනයාමට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

සත්ව කූඩුවල සතුන් නඩත්තු කරන සත්වෝද්‍යානයේ වර්තමාන ක්‍රමවේදය සත්ව හිංසනයට සම්බන්ධ නොවන හෝ ඊට හේතු නොවන වඩාත් නවීන ප්‍රවේශයකට වෙනස් කළ යුතු බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

සත්වෝද්‍යානය හා සතුන් නඩත්තු කිරීම සඳහා දෙහිවල සත්වෝද්‍යානය සඳහා රුපියල් මිලියන 40 ක් වැය වන අතර සේවකයින්ගේ අතිකාල ගෙවීම් සඳහා රුපියල් මිලියන 06 ක් වැය කරයි.

අලි හීලෑ කිරීම සහ පෙරහැරවල් වල භාවිතා කිරීම පිළිබඳව ද මාර්ගෝපදේශ සකස් කර ඇති බව පැවසූ අමාත්‍ය රණතුංග මහතා, කැබිනට් අනුමැතිය සඳහා ළඟදීම මාර්ගෝපදේශ ඉදිරිපත් කරන බවත් පැවසීය.

සත්ව විද්‍යා හා උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය. (නිව්ස්වෙයාර්)

කොවිඩ් -19 ව්‍යාප්තිය අඩපණ කිරීම සඳහා විශිෂ්ට මෙහෙවරක් ඉටුකළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට, සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් විශේෂ ව්‍යාපෘතියේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ යතුරුපැදි ලබාදීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සම්පාදනය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ “කොවිඩ් විශේෂ ව්‍යාපෘතියේ” අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පැවසුවේය.

PCR පරික්ෂණ නවීන තාක්ෂණානුකූලව අඩු වියදමකින් සහ අවම කාලයකින් සිදු කිරීමේ නව ක්‍රමවේදයක් SLINTEC ආයතනය විසින් සෞඛ්‍ය අමාත්‍යවරියට හඳුන්වා දෙයි.

අන්තර්ජාලය තුල ගූගල් සහ GMAIL බිඳ වැටිමක් වාර්තාවේ මෙම බිඳවැටීම කුමන හේතුවක් නිසා සිදුවී ඇතිදැයි නිසැකවම කිව නොහැක..කෙසේ වෙතත් GMAIL තුල  මෙම ගැටලුව පවතින බව රටවල් රැසක පරිශීලකයින් ගූගල් වෙත පැමිණිලි කර ඇත ඒ අනුව පෙනී යන්නේ ලෝකය පුරාම මෙම ගැටලුව ඇතිවී ඇති බවයි. දැනට එය පහත රටවල් කෙරෙහි සෘජුවම බලපෑ ඇත.

 

sannasa_20-08-2020.png

කොවිඩ් වෛරසයේ ව්‍යාප්ති තත්වය හේතුවෙන් නිවාඩු ලබා දුන් රජයේ පාසල් සහ අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

මහ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව රජයේ වැඩපිළිවෙළ ආරම්භ කිරීමෙන් අනතුරුව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවත්වන පළමු මහජන දිනය අද(19) ත්‍රිකුණාමලයේ පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

2018 සිට ලබා ගත හැකි නවතම සංඛ්‍යාලේඛනවලින් ස්ත්‍රී දූෂණ චෝදනා 33,000 කට වඩා වාර්තා වී ඇති ඉන්දියාවේ  - දළ වශයෙන් දිනකට නඩු 91 ක්.විභාගවන පසුබිමක  උතුරු ඉන්දියාවේ 13 හැවිරිදි දැරියක් දූෂණය කර ඝාතනය  කිරීම රට තුළ මහජනයාගේ දැඩි විරෝධයට  හේතු වී තිබේ.

මෙම සිද්ධියට උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අදාළ දැරියගේ ගම්මානයේ පුද්ගලයින් දෙදෙනෙකු  සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ස්ත්‍රී දූෂණ හා සමූහ දූෂණ පිළිබඳ අමතර චෝදනා එකතු කරමින් ඔවුන්ට නඩු පවරන ලදී.

මෙම දැරිය ඉන්දියාවේ හින්දු කුල ක්‍රමයේ පහලම උප කුලයක් වන  "untouchables" හෙවත් “දලිත් කුලය” පවුලක සාමාජිකාවක් වූ අතර සමාජ ක්‍රියාකාරීන් කියා සිටියේ මෙම අපරාධය ඔවුන්ගේ ප්‍රජාව තුළ භීතියේ වාතාවරණයක් පිළිබිඹු කරන බවයි.

ඉන්දියාවේ කුල ක්‍රමය 1950 දී නිල වශයෙන් අහෝසි කරන ලද නමුත් උපතින් මිනිසුන් මත පනවා ඇති අවුරුදු 2,000 ක් පැරණි සමාජ ධූරාවලිය තවමත් ජීවිතයේ බොහෝ අංශවල පවතී. කුල ක්‍රමය උපතේදී හින්දු භක්තිකයන් වර්ගීකරණය කරයි, සමාජයේ ඔවුන්ගේ ස්ථානය, ඔවුන්ට කළ හැකි රැකියා සහ විවාහ විය හැක්කේ කාටද යන්න නිර්වචනය කරයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනාට එරෙහිව උපලේඛනගත කුල හා උපලේඛන (හිංසනය වැළැක්වීමේ) පනත යටතේ නඩු පවරා ඇති බව පොලිසිය පවසයි.

මෙම දැරිය සිකුරාදා දහවල් ලක්මිපූර් කේරි දිස්ත්‍රික්කයේ පාකරියා ගම්මානයේ තම නිවසින් පිටව ගොස් ඇත්තේ අවට වූ  කුඹුරකට වැසිකිලි යාම සඳහා බවත් ඉන් අනතුරුව මෙම සිදුවීමට මුහුණ දී ඇති බවත් පොලිසිය පවසයි.

ඇය ආපසු නොපැමිණි විට ඇගේ පවුලේ අය ඇයව සෙවීමට පටන් ගත් අතර ඇගේ සිරුර උක් කුඹුරක තිබී සොයා ගත් බව පොලිසිය   පැවසීය.

ස්ත්‍රී දූෂණයට විරෝධය දැක්වීමට ඉන්දියානුවන්  කැමතිය , නමුත් සටන ආරම්භ විය යුත්තේ නිවසේදීම ය

පශ්චාත් මරණ පරීක්ෂණයකදී දැරිය දූෂණය කර ගෙල සිරකර මියගොස් ඇති බව පොලිස් පරීක්ෂක කුමාර් පවසයි. සමහර ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාවල සඳහන් පරිදි ඇගේ සිරුර කිසිදු ආකාරයකින් විකෘති වී නොමැති බව ඔහු ප්‍රතික්ෂේප කළේය.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය යටතේ දලිතයන්ට එරෙහි හිංසනය “උපරිම මට්ටමක” පවතින බව දලිත් අයිතිවාසිකම් ක්‍රියාකාරිකයෙකු වන චන්ද්‍රසේකර් අසාද් පැවසීය.

"අපේ දියණියන් ආරක්ෂිත නැහැ, අපේ ගෙවල් ආරක්ෂිත නැහැ. අප වටා භීතියේ වාතාවරණයක් පවතිනවා" යැයි අසාද් ප්‍රකාශ කළේය.

දැරියගේ මරණය පිළිබඳ පුවත ඉන්දියාවේ නැවුම් මහජන කෝපයක් ඇති කළ අතර එය කාන්තාවන්ට එරෙහි ලිංගික හිංසනය පිළිබඳ පුළුල් ගැටලුව සමඟ පොරබදමින් සිටී.

ඉන්දියාවේ ජාතික අපරාධ වාර්තා කාර්යාංශයට අනුව, 2018 සිට ලබා ගත හැකි නවතම සංඛ්‍යාලේඛනවලින් ස්ත්‍රී දූෂණ චෝදනා 33,000 කට වඩා වාර්තා වී ඇත - දළ වශයෙන් දිනකට නඩු 91 ක්. නමුත් විශේෂ වාර්තා  පවසන්නේ ලිංගික අතවරයට ඇති ලැජ්ජාව සහ වින්දිතයින් මුහුණ දෙන සමාජ බාධක හේතුවෙන් සැබෑ සංඛ්‍යාව බොහෝ සෙයින් වැඩි බවයි.

ඉන්දියාවේ, ලිංගික අතවර අතීතයේ දී බලධාරීන් විසින් නීතිය බලාත්මක කිරීම කෙරෙහි සැලකිලිමත් වීමට වඩා සමාජ හා සංස්කෘතික ප්‍රශ්නයක් ලෙස සලකනු ලැබූ බව කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරීන් පවසන පරිදි, පවතින නීති කාන්තාවන් ආරක්ෂා කිරීමට අසමත් වී ඇත.

මීට පෙර ඉහළ පෙළේ ස්ත්‍රී දූෂණ සිද්ධීන් මෙන් නොව, දැරියගේ ඝාතනය  වීදි විරෝධතා දක්වා පැතිරී  නැත. ඉන්දියාව පුරා පැතිරී ඇති කෝවිඩ් -19 රෝගය හේතුවෙන් සියල්ල අකර්මන්‍ය වූ පසුබිමක මිලියන 2.6 කට අධික සංඛ්‍යාවක් කෝවිඩ් අසාදිතයින් ලෙස වාර්තා වී තිබේ.

CNN ඇසුරෙනි