
Editor
අද සිට යළිත් සුපරුදු පරිදි පාසල් ඇරඹේ
පළමු ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අංශ සිසුන්ට හෙට (08) සිට යළිත් සුපරුදු පරිදි පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
ග්‍රාමීය කර්මාන්ත කරුවන්ට බලපාන ගැටළුවලට විසඳුම් ලබාදෙන තිරසර වැඩ පිළිවෙලක්
ග්‍රාමීය කර්මාන්ත කරුවන්ට බලපාන ගැටළු වලට, වගකිය යුතු සියලු රාජ්‍ය ආයතන සමබන්ධ කරගෙන විසඳුම් ලබාදෙන තිරසර වැඩ පිළිවෙලක් සකසනවා.” යැයි අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 6610ක් තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින අතර 38,359 නිරෝධායනය අවසන්කර නිවෙස් වෙත
ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල පුද්ගලයින් 6000 කට වැඩි පිරිසක්
තවදුරටත් නිරෝධායනයට ලක්වෙමින් සිටින බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත
මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව මධ්‍යස්ථාන 63ක දී පුද්ගලයින් 6,610 දෙනෙකු නිරෝධායනයට ලක්වෙමින් සිටින බව එම මධ්‍යස්ථානය පැවසුවේය.
එමෙන්ම පුද්ගලයින් 38,359 දෙනෙකු මේ වන විට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටත්ව ගොස් තිබේ.
මේ අතර කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්යගස්ථානයට අදාළව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 14 දෙනෙකු පමණක් තවදුරටත් ප්‍රතිකාර ලබයි.
එහි වෛරසයට ලක්වූ 626 දෙනෙකු මේ වන විට සුවය ලබා පිටව ගොස් ඇති බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.
ගුවන් තොටුපළ අපනයන භාණ්ඩ පරීක්ෂාවට විශේෂ ස්කෑනර් යන්ත්‍ර
ගුවන් තොටුපළ අපනයන භාණ්ඩ පරීක්ෂාවට විශේෂ ස්කෑනර් යන්ත්‍ර සවි කීරීමට තීරණය කෙරේ. මේ සදහා වහා අවශ්‍ය පියවර ගන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගුවන්තොටුපළ බළධාරීන්ට උපදෙස් දුන්නේය.
ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇති වූ ගින්න නිවා දැමීමට කටයුතු කළ සියලු පාර්ශව වෙත ජනපති තුති පුදයි
එම්ටී නිව් ඩයමන්ඩ් (MT New Diamond) නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇති වූ ගින්න නිවා දැමීමට කටයුතු කළ සියලු පාර්ශව වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ස්තූතිය පිරිනමා තිබේ.
New Diamond ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇති වූ ගින්න පාලනය කිරීම ඉතා සාර්ථක මට්ටමක
එම්ටී නිව් ඩයමන්ඩ් New Diamond නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇති වූ ගින්න පාලනය කිරීම ඉතා සාර්ථක මට්ටමකට පත්වී ඇති අතර නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමේ කටයුතු ආරම්භ කර ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.
ගිනිගනිමින් ඇති තෙල් නැවේ වීඩියෝ දර්ශන
නොනිදන නගරයට - නවීන හදිසි ප්‍රතිකාර ඒකකයක්
වාණිජ නගරයක් ලෙස සංවර්ධනය වූ දඹුල්ල නගර හා අවට ජනතාව වෙනුවෙන් දඹුල්ල රෝහලට සියලු පහසුකම් සහිත නවීන හදිසි ප්‍රතිකාර ඒකකයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය විසින් ලබාදෙන බව ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පැවසුවේය.
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා අයදුම්පත් කැඳවයි
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා අයදුම්පත් කැඳවයි. මෙවර සියලු අයදුම්පත් මාර්ගගත ක්‍රමයට පමණක් යොමු කළයුතුයි