Editor
දෙවිනුවර ඓතිහාසික ඇසළ මහා පෙරහැර 21දා සිට
රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වෙන මාතර - දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලවර්ණ විෂ්ණු මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය 21දා සවස 5.06 ට යෙදෙන සුභ මොහොතින් පළමුවෙනි පේළි පෙරහැරත් සමඟ ආරම්භ කෙරේ.
අන්තර්ජාතික මානසික සෞඛ්‍ය සමුළුව අද
ශ්‍රී ලංකාවේ පළමුවරට පවත්වනු ලබන අන්තර්ජාතික මානසික සෞඛ්‍ය සමුළුවේ සමාරම්භක උළෙල, සෞඛය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) අංගොඩ, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ දී පැවැත්වේ.
ආකේඩ් සංස්කෘතික වැඩසටහන සිකුරාදා
අග්‍රාමාත්‍ය කාර්යාලයේ මග පෙන්වීමෙන් කොළඹ නගරය ආශ්‍රිත දෙස් විදෙස් සංචාරකයන්ගේ විනෝදාස්වාදය සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ ජාතික තරුණ සේවා සභාවේ තූර්යවාදක කණ්ඩායම්වල සහය ඇතිව පැවැත්වෙන සංස්කෘතික වැඩසටහන ලබන සිකුරාදා (20) පස්වරු 07 ට ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ සහ සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.
''ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන -2018'' අයදුම්පත් භාරගැනීමේ කාලසීමාව දීර්ඝ කරයි
''ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන - 2018'' අයදුම්පත් භාරගැනීමේ කාලසීමාව දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
දිවයින හරහා සහ දිවයින අවට සුළඟේ වේගය වැඩිවීම තවදුරටත්
දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය වැඩිවීමේ හැකියාව පවතින අතර මෙම තත්ත්වය ඉදිරි දිනවලදීත් තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
2025 වන විට අපනයන ආශ්‍රිත කොටගත් කාර්මීකරණයකට සූදානම්
“අප රටේ පෙර පැවැති කාර්මිකරණ ප්‍රතිපත්ති ශක්තිමත් නොවූ බවත්, එම නිසා අප රජයට ගෙවීගිය වසර කිහිපය තූළ අපනයනය පෙරටු කොට ගත් කාර්මීකරණ ප්‍රතිපත්තීන් සම්පාදනය කිරීමට සිදුවූ බවත්, ඒ අනුව 2025 වන විට අප අමාත්‍යාංශය අපනයනය ආශ්‍රිත කොටගත් කාර්මිකකරණයේ විප්ලවීය වෙනසකට සූදානම් වෙමින් සිටින බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පැවැසීය. ”
හයවන ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුවේ ජනපති විශේෂ දේශනය අද
ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසිවාරය සඳහා සහභාගිවීමට රෝමය බලා පිටත්ව ගිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා රෝමයේ ෆියුමිසිනෝ (Fiumicino) ගුවන් තොටුපොළ වෙත ළඟා විය.
වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත්
දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩිවීමේ හැකියාව ඉදිරි දිනවලදීත් තවදුරටත් පවතින අතර දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ සුළු වශයෙන් වැඩිවිමක් ද ඉදිරි දින කිහිපයක් දක්වා පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බරවා රෝග පරික්ෂාවට නිවැසියන්ගෙන් ලේ සාම්පල් ලබාගැනේ
කිරින්ද - පුහුල්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ වයස අවුරුදු දෙකට වැඩි දරුවන් ද ඇතුළුව සියලු නිවැසියන්ගෙන් බරවා රෝග පරීක්ෂණය සඳහා ලේ සාම්පල් ලබා ගැනීම මේ දිනවල සිදු කෙරේ.
දිස්ත්‍රික්ක අටක ඩෙංගු මර්දන වැඩසටහනක් අද සහ හෙට - කණ්ඩායම් 880ක්
ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමේ අරමුණින් ඩෙංගු මර්දනය පිළිබඳ දෙදින විශේෂ වැඩසටහනක් අද (12) සහ හෙට (13) ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.