Editor
වැඩි මිලට පොහොර අලෙවි කළහොත් දැඩි පියවර
විවෘත වෙළෙඳ පොලේ පොහොර මිටියක් රු. 1500ට වඩා මිලකට අලෙවි කළහොත් ඔවුන් එරෙහිව දැඩි පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දෙයි.
නොබෙදුණු, නොබෙදිය හැකි රටක් අවශ්‍යයි - ආණ්ඩු වෙනස් කරනවාට වඩා රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය යුතුයි
නොබෙදුණු, නොබිදිය හැකි රටක් අවශ්‍ය බවත් ආණ්ඩු වෙනස් කරනවාට වඩා රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය යුතු බවත් විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.
කළුතර මහ රෝහලටත් හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයක්
නිදහස් සෞඛ්‍ය සේවයේ ගුණාත්මක ප්‍රතිලාභ ජනතාව වෙත ළඟා කිරීමේ අරමුණ ඇතිව රුපියල් මිලියන 800 ක වියදමින් කළුතර මහ රෝහලේ ඉදිකරන ලද හදිසි අනතුරු ඒකකය සහ හදිසි ප්‍රතිකාර ඒකකය විවෘත කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පස්වරු 3.00 ට එම රෝහල් භූමියේ දී සිදු කිරීමට කටයුතු යොදා ඇත.
වසවිෂ නැති කාබනික ගොවිතැන ප්‍රවර්ධනයට ගොවීන්ට මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට සැලැසුමක්
නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසු පළමු වරට කෘසිකර්ම අමාත්‍යංශය විසින් ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාව කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීම ඉළක්ක කරගනිමින් ලබන සතියේ ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.
විසිතුරු මත්ස්‍ය වගාව පිළිබඳ පුහුණුවක්
නාරා ආයතනය මඟින් සංවිධානය කරනු ලබන විසිතුරු මත්ස්‍ය වගාව පිළිබඳ පුහුණු වැඩසටහනක් පැවැත්වීමට කටයුතු කෙරේ. පුහුණු වැඩසටහන දින 10ක් පුරා පැවැත්වෙයි. මැයි 11 දින පුහුණු වැඩසටහන ආරම්භ වන අතර එය ජාතික ජල සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ දී ඇරඹේ.
ලෝක තැලසීමියා දිනය අදයි
ලෝක තැලසිමියා දිනය (මැයි 08) අදට යෙදි ඇත. තැලසිමියා රෝගය තුරන් කිරිම සඳහා වැඩසටහන් රැසක් ඉදිරියේ දි ක්‍රියාත්මක කිරිමට යෝජනා වි ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය කපිල පියසේන මහතා සඳහන් කරයි.
වැසි තත්ත්වයෙන් වැඩිවීමක් - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
දිවයිනේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ වැඩිවීමක් අද (04) සිට බලපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
රාජ්‍ය නර්තන සම්මාන උළෙල අදයි
රාජ්‍ය නර්තන සම්මන උළෙල අද (4) ප.ව.2.00ට නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සම්මන උළෙල සංවිධානය කරයි.
තහනම් පොලිතීන් නිෂ්පාදන නීතියට හසුකරගැනීම අඛණ්ඩව -මධ්‍යම පරිසර අධිකාරිය
නීතීය නොතකා සිදුකෙරෙන තහනම් පොලිතීන් නිෂ්පාදනකරුවන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු යොදා ඇති අතර, තහනම් පොලිතීන් නිෂ්පාදන වැටලීම් අඛණ්ඩව සිදු කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
මැයි 4 සිට වැසි සහිත කාලගුණයක්
මැයි මස 04 වන දින සිට දිවයිනේ වැසි සහිත කාලගුණ තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂ කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.