Thursday, 26 December 2024

මොකක්ද මේ අප්‍රිකානු සූකර උණ ? Featured

Posted On Saturday, 02 November 2024 14:52 Written by
Rate this item
(0 votes)

මොකක්ද මේ අප්‍රිකානු සූකර උණ ?

 

පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක මිය යන ලද ඌරන්ගේ සාම්පල සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දේපාර්තමේන්තුව,පේරාදෙණිය ගැටබේ රසායනාගාරය තුළ පරික්ෂා කිරිමේන් අනතුරුව එය ඌරු ප්‍රජනක සහ ශ්වසන සින්ඩ්‍රෝමය (PRRS) රෝගය බවට තහවුරු කරගෙන ඇත.

ඌරු ප්‍රජනක සහ ශ්වසන සින්ඩ්‍රෝමය, (PRRS), නිල් කන් රෝගය ලෙසද හැඳින්වේ, මේ රෝගය ගෘහස්ථ ඌරන්ට බලපාන අතර ඉක්මනින්ම ව්‍යාප්ත වන රෝගයකි. රෝග ලක්ෂණ අතර
* ප්‍රජනක ක්‍රියාකාරිත්වය අඩපණ වීම හා නියුමෝනියාව සහ ද්විතියික බැක්ටීරියා ආසාදනයට වැඩි ඉඩක් පවතින රෝග ලක්ෂණ දැක ගැනීමට හැකියාව ඇත.
PRRS වෛරස් ආසාදනය සාමාන්‍යයෙන් පෙනහළු සහ වසා ගැටිතිවල මෘදු හෝ දරුණු තුවාල ඇති කරයි. අන්තරාල නියුමෝනියාව බහු නාභිගත සිට lobular දක්වා ව්‍යාප්තිය දක්වා වෙනස් වේ. පෙනහළු පැල්ලම් සහ දුඹුරු පැහැයෙන් දිස්වන නමුත් ප්‍රමාණයෙන් බෙහෙවින් වෙනස් වේ. වසා ගැටිති සාමාන්‍යයෙන් ඉදිමී, දුඹුරු පැහැයක් ගනී, ඉදිමීම හෝ සිස්ටික් වේ.
ගොවිපළ තුළ යම් ආකාරයකින් හදිසියේම ඌරන් මිය යැම් සිදුවුවහොත් හැකි ඉක්මනින්ම ළගම ඇති පශූ වෛද්‍යවරයකු දැනුවත් කරන්න .
මාංශ සදහා සත්වයන් ඝාතනය කිරිමේදී අනිවාර්යයෙන් ගෝගාතක ආඥා පනතට අනුව කටයුතු කිරිම නොකල හොත් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කීරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කරනු ලැබේ.
ඒ මෙන්ම හදිසියේම මිය යන සත්වයන්ගේ මාංශ වෙළදසැල්වලට නිකුත් කිරිමේන් වැළකිය යුතු අතර රෝගය ව්‍යාප්ත විම වළක්වා ගැනිම සඳහා ප්‍රදේශය භාර පශූ වෛද්‍ය නිලධාරී වරයාගෙන් අවශ්‍ය කරුණු විමසන්න.
විශේෂයෙන්ම මේ දිනවල ලබාගන්නා ඌරු,කුකුල් සහ අනෙකුත් මාංශ වර්ග පරිභෝජනයට ගැනිමේදි හොදී පිසගන්නා ලද මාංශ පමණක් ආහාරය සදහා ගන්න.
හැකිතාක් මේ දිනවල මාංශ අනුභවයෙන් වැළකී සිටීමට කටයුතු කරන්න.
1992 අංක 59 දරණ සත්ව රෝග පනත යටතේ නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පතට අනුව අංක 2407/35-2024 ඔක්තෝබර් මස 25 වන සිකුරාදා - 2024/10/25

නිකුත් කරන ලද ගැසට් පත්‍රයට අනුව පහත කොන්දේසි කඩ නොකළ යුතුය

(i) සත්ත්ව රෝග පනතේ 5 (4) වගන්තිය යටතේ සියලුම අවදානම් සහිත ඌරන්, ඌරු මස් සහ එම නිෂ්පාදන හෝ රෝග කාරක ද්‍රව්‍ය අසාදිත හෝ අවදානම් ප්‍රදේශය තුළ හෝ ප්‍රදේශයෙන් පිටතට ප්‍රවාහනය කිරීම, ඉවත් කිරීම, රැගෙන යාම හෝ පලවා හැරීම,
(ii) ආසාධිත සතුන් ඝාතනය කිරීම,
(iii) රෝග අවධානමකට ලක්ව සිටින සතුන් සඳහා කෘත්‍රිම අභිජනන ක්‍රම භාවිතා කිරීම,
(iv) අවදානම් සතුන් භාවිත කොට ගෙන සජීවී සත්ත්ව වෙළෙඳ පොල පැවැත්වීම, දර්ශන හා තරග පැවැත්වීම,
(v) ඌරන්, ඌරු මස් සහ එම නිෂ්පාදන හා රෝග කාරක ද්‍රව්‍ය විකිණීම, විකිණීමට පාත්‍ර කිරීම, ගබඩා කිරීම හෝ බෙදා හැරීම සහ ඌරු මස්වලින් නිෂ්පාදන සකස් කිරීම,
(vi) අදාළ රෝග හේතුවෙන් මරුමුවට පත්වුවා හෝ ආසාධිත වූවායැයි සැකයට හේතු වූ යම් සතෙකුගේ මළකුණක් හෝ එහි කොටසක් හෝ වෙනත් කිසියම් අවදානමට ලක් වූ ද්‍රව්‍යයක් හෝ ජලය සම්බන්ධ කිසිඳු ස්ථානයකට දැමීම, හෝ
(vii) අදාළ රෝගයන් හේතුවෙන් මරුමුවට පත් වූවා හෝ ආසාධිත වූවායැයි සැකයට හේතු වූ යම් සතෙකුගේ මළකුණක් හෝ එහි කොටසක් වෙනත් සතුන් විසින් වෙනත් ස්ථානයකට හෝ ප්‍රදේශයකට හෝ රැගෙන යාමට හැකි පරිදි යම් ස්ථානයක දැමීම හෝ ස්ථාන ගත කිරීම

ආර්.එම්.සදුන් හේමන්ත රත්නායක
මහජන සෞඛ්‍ය පරීක්ෂක

Read 136 times