අද වන විට කොළඹ නාගරික බල ප්‍රදේශය කොරෝනා වසංගත උවදුර විසින් ගිල ගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

කොරෝනා දෙවැනි රැල්ල පහසුවෙන් පාලනය කරගත හැකිව තිබූ අවස්ථාව ගිලිහී ගියේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානියා ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසා යැයිද එම සංගමය පෙන්වා දෙයි.

දෙවැනි රැල්ලක් ඇති වීමේ අවදානම පසුගිය මාර්තු මාසයේදී තම සංගමය විසින් පෙන්වා දුන්න ද වසංගත රෝග විද්‍යා ඒකකය ඒ ගැන සැලකිල්ලක් නොදැක්වීම නිසා අද වන විට කොළඹ නගරය තුළ භයානක තත්වයක් නිර්මාණය වෙමින් ඇතැයි ද සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

වසංගත රෝග විද්‍යා ඒකකයට පළපුරුදු විශේෂඥ වෛද්‍යවරුන් දහයකට ආසන්න පිරිසක් අනුයුක්ත කර සිටියදී එම ඒකකයේ ප්‍රධානියා ඉන් වෛද්‍යවරු දෙදෙනෙක් පමණක් කොරෝනා මර්ධන කටයුතු සඳහා යොදා ගනිමින් අත්තනෝමතිකව කටයුතු කරන බව ද ඔහු චෝදනා කළේය.

මේ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දෙන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ පාසල් පැවැත්වීමට සියලු පාර්ශවවල සහාය අවශ්‍යයි

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කරමින් 23 දින සිට උදෑසන සහ පස්වරු විශේෂ කාර්යාල දුම්රිය ධාවනය කෙරේ

කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් සේවා තාවකාලිකව අත්හිටුවයි

ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ජනතාවට නිවේදනයක්