මේ මොහොතේ සිට නොවැම්බර් 15 දින මධ්‍යම රාත්‍රිය දක්වා කිසිදු පුද්ගලයෙකුට බස්නාහිර පළාතෙන් පිටතට සංචරණය කිරීම තහනම්

අත්‍යාවශ්‍ය සේවා සඳහා සංචරණ සීමා අදාළ නොවේ- සෞඛ්‍ය අමාත්‍යාංශය

පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු විකල්ප ක්‍රමවේද භාවිතා කරමින් අඛණ්ඩව පවත්වාගෙන යෑමට අධ්‍යාපන වැඩසටහන් සම්පාදනය කරයි

 

නිරෝධායන ඇදිරි නීති බලපත්‍ර හුදකලා ප්‍රදේශ තුළ හෝ එම ප්‍රදේශ හරහා ගමන් කිරීමට වලංගු නොවේ- පොලීසිය

මෙරට ජනග්‍රහනයෙන් සියයට 20 කට කොවිඩ් සදහාවන එන්නතක් ලබාදීදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකගතාව ලබාදෙයි.මෙම එන්නත ලබාදීම් සදහාවන කරුණු සෙවීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කමිටුවක් පත් කරයි. කොවිඩ් 19 වැලැක්වීම සදහා ශ්‍රී ලංකාව තුල ඊට අදාල එන්නත භාවිතා කිරීම සම්බන්දයෙන් විශේෂ සාකච්ඡාවක් අද දින (9) මෙරට සෞඛ්‍ය බලධාරීන් හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියොජිත  වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ මහත්මියගේ සහභාගිත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පවත්විණි.

මෙහිදී ශ්‍රී ලංකාවෙ ජනග්‍රහනයෙන් සියයට 20 කට මෙම එන්නත ලබාදීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය එකග වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත් වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ මහත්මිය මෙහිදී අවධාරණය කරන ලදි.

ඒ සදහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීම, එන්නත ලබාදෙන පිරිස් තීරණය  කිරීම, ඊට අදාල භෞතික සම්පත් සම්පාදනය කිරීම,තොරතුරු තබා ගැනීම, කරුණු ගොනු කිරීම වැනි කාරනා සම්බන්දයෙන් සොයා බැලීම සදහා විශේෂ කමිටුවක් පත් කිරීමට මෙහිදී ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පියවර ගන්නා ලදි.

මීට සුලු මොහොතකට පෙර සෞඛ්‍ය අමාතයංශය  මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර ඇත.