ධාවනයට ගත නොහැකි බස් රථ 10ක් අලුත් වැඩියා කර යළි ධාවනයට
ධාවනයට ගත නොහැකි පරිදි අබලන් ව තිබූ ශ්‍රී ලංගම බස් රථ 10ක්, රජයට අයත් ලක්දිව ඉංජිනේරු ආයතනය මගින් අලුත්වැඩියා කර, ධාවනයට එක් කිරීමට පියවර ගෙන තිබේ.
සංවර්ධන ව්‍යාපෘතිවලට හසුවන ගස් නොකපා ඒවා ආරක්ෂිතව ගළවා වෙනත් ස්ථානයක රෝපණය කිරිමට වැඩපිළිවෙලක්
ඉදිරි කාලය තුළ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවලට හසුවන ගස් කපා ඉවත් නොකර ඒවා සුරක්ෂිතව යළි රෝපණය කිරීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව පරිසර ඇමති මහින්ද අමරවිර මහතා පවසයි.
ඇමතිවරයා මේ බව පැවසුවේ, ඉකුත් දා පරිසර අමාත්‍යාංශයේ දී භූවිද්‍යා හා පතල් කර්මාන්ත කාර්යාංශයේ නිලධාරින් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකට එක් වෙමිනි.
කොවිඩ් - හමුවේ සාර්ථක රටවල් අතරින් ජාත්‍යන්තර ෆොබ්ස් සගරාව 84 වැනි ස්ථානයට නම් කල ලංකාව තවත් සමීක්ෂණයකින් දෙවන ස්ථානයට
ජාත්‍යන්තර ෆොබ්ස් සගරාව පසුගිය සතියේ නිකුත් කළ වාර්ථාවක දැක්වුනේ කොවිඩ් හමුවේ ඊට සාර්ථකව මුහුණ දුන් රටවල් අතර 84 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වෙද්දී එහි පෙරමුන ජර්මනියටත් 53 වෙනි ස්ථානය අසල්වැසි ඉන්දියාවටත් හිමිව තිබුනා.. මේ පිලිබඳ අසහස් දැක්වු සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් වැඩි වශයෙන් එම වාර්තාව හාස්‍යට ලක් කරමින් අදහස් දක්වා තිබු අතර ඉන් නොනැවතී බොහෝ ලාංකිකයින් අදාල වාර්තාව පලකළ john koetsier නැමති මාධ්‍යවේදීයාගේ ෆෙස්බුක් සහ ට්විටර් ගිනුම් වෙත අප්‍රසාදය පලකරමින් අදහස් දක්වා තිබුනා. මෙවැනි තත්වයක් තුල
චීනයේ YICAI Research Institute ආයතනය මඟින් ලොව පුරා පැවැත්වූ සමීක්ෂණයකට අනුව ප්‍රකාශයට පත්කළ ගෝලීය Covid - 19 වසංගතයට සාර්ථකවම මුහුණ දුන් රටවල් 108 ක දර්ශකයේ දෙවැනි ස්ථානය සමස්ත ලකුණු 59.2 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව හිමි කරගෙන තිබේ.
දර්ශකයේ පළමු ස්ථානය සමස්ත ලකුණු 68.1 ක් ලබා ගනිමින් චීනය හිමිකර ගෙන ඇති අතර දර්ශකයේ පළමු ස්ථාන 10 එනම් Covid - 19 වසංගතයට සාර්ථකවම මුහුණ දුන් රටවල් 10 හා ලබාගත් සමස්ත ලකුණු මෙසේය.
1. චීනය - 68.1
2. ශ්‍රී ලංකාව - 59.2
3. ඝානාව - 58.8
4. දකුණු කොරියාව - 57.6
5. මියන්මාරය - 56.3
6. ඕස්ට්‍රේලියාව - 55.6
7. තායිලන්තය - 55.4
8. නවසීලන්තය - 55.1
9. වියට්නාමය - 54.0
10. කාම්බෝජය - 53.7
රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවයේ පරිපාලනමය වශයෙන් දේශපාලන පළිගැනීමට ලක් වූ සේවකයින්ට සහන සලකා බැලීමේ කමිටුව රාජකාරී අරඹයි
2015-2019 කාලයේ රාජ්‍ය සේවයේ සිදු වූ දේශපාලන පළිගැනීම් සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ සභාපතීත්වයෙන් යුතුව පසුගිය දා ඉහත කමිටුව පත් කෙරිණි.