යෝජිත විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.


නොවැම්බර් මාසයේදී විදේශීය සංචාරකයන් සඳහා ගුවන් තොටුපොළ විවෘත කිරීමට සූදානම් වෙයි. මේ සඳහා අමාත්‍යාංශ තුනක් ඒකාබද්ධව සකස් කළ සැලැස්මක් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය. සංචාරක, සෞඛ්‍ය හා ගුවන්සේවා යන අමාත්‍යාංශ තුන මෙම සැලසුම් සකස් කිරීමට දායකත්වය ලබා දී තිබේ.

සංචාරක කර්මාන්තයද ඇතුළුව කොරෝනා වසංගතය හේතුවෙන් රටට සිදුවී ඇති පාඩුව සලකා බැලීමෙන් අනතුරුව සංචාරක අමාත්‍යාංශය මූලිකව මෙම වැඩසටහන සකස් කර ඇත. ඒ සඳහා සෞඛ්‍ය හා ගුවන්සේවා අමාත්‍යාංශයද අනුමැතිය ලබා දී ඇතැයි සංචාරක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්  පැවැසීය.

ඒ අනුව තෝරාගත් රටවලින් මුලින්ම විදේශීය සංචාරකයන් දස දෙනාගේ සිට පනස් දෙනෙකු දක්වා කණ්ඩායම්වලට මෙරටට පැමිණීමේ අවසරය ලබාදෙනු ඇත. ඉන් අනතුරුව කළමනාකරණය කර ගැනීමේ හැකියාව සලකා බලා 100 දක්වා වූ කණ්ඩායම්වලටද අවසර ලබාදීමට අමාත්‍යාංශ සූදානම් වෙයි.

මේ දිනවල රටේ පවතින කොවිඩ්-19 වයිරසය ව්‍යාප්තිය සලකා බලා මාසයක සිට මාස 03 දක්වා වූ දීර්ඝ කාලක් රට තුළ නවාතැන්ගෙන සංචාරය කිරීමට කැමැත්තක් දක්වන සහ වැඩිහිටි වයස් සීමාවල සංචාරකයන්ට ප්‍රමුඛතාව ලබාදීමට නියමිතය.

එළැඹෙන ශීත ඍතුවේදී සංචාරය සඳහා සූදානම් වන රටවල අයට ප්‍රමුඛතාව ලබාදීමට අමාත්‍යාංශය බලාපොරොත්තු වේ. මෙලෙස රට තුළට පැමිණෙන සංචාරකයන් පළමු දින 14ක කාලය රජය විසින් අනුමත කරන ලද හෝටලවලදී අනිවාර්ය නි​රෝධායනට ලක්විය යුතුයි. එම කාලසීමාවේදී ඔවුන්ට ගැවසිය හැක්කේ සිය කණ්ඩායම සමග පමණි. එසේම මෙම සංචාරකයන් රට තුළට පැමිණීමට පැය 72ක කාලයක් ඇතුළත ලබාගත් පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවක් ශ්‍රී ලංකාවේ වගකිව යුතු අංශ වෙත ඉදිරිපත් කළ යුතුය. රජයේ සෞඛ්‍ය නිර්දේශ අනුව යමින් පළමු දින 14 ඇතුළත නැවත පී.සී.ආර්. පරීක්ෂණවලට ලක්විය යුතුය.

සංචාරකයන්ට රට තුළදී පී.සී.ආර්. පරීක්ෂණ වෙනුවෙන් අය කෙරෙන ගාස්තුව සඳහා මේ වන විටත් කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇත. අත්‍යවශ්‍ය සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් සංචාරකයන් සඳහා වූ සෞඛ්‍ය රක්ෂණයක්ද හඳුන්වා දීමට මෙම වැඩසටහන ඔස්සේ යෝජනා වී ඇතැයි සංචාරක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වැඩිදුරටත් සඳහන් කළේය.

නයන තරංග ගමගේ - අරුණ පුවත්පත 

රත්නපුර දිස්ත්‍රික් කම්කරු කාර්යාලය එම දිස්ත්‍රික්කයෙන් පිටත කිසිදු ස්ථානයකට ගෙන යාමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපිතව ඇති රත්නපුර සහ කහවත්ත කම්කරු කාර්යාල දෙක ඉදිරියටත් එම දිස්ත්‍රික්කය තුළම පවත්වාගෙන යනු ඇති බවත් කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එන්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ මහතා පැවසීය.

කොව්ඩ් වසංගතය හේතුවෙන් මේ වන විට විවිධ රටවල රැකියා අහිමි වී සිටින ශ්‍රමිකයින්ට වෙනත් ස්ථානයක රැකියාවක් සිදුකිරිමට අවසන් අනුමැතිය ලබාදීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.

 

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය රාජ්‍ය දේපළක් ලෙස පවත්වාගෙන යාමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා.

නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉකුත් ආණ්ඩුව සමයේ එළැඹි ගිවිසුමක් හේතුවෙන් එහි කටයුතුවලට ඉන්දියාව සහ ජපානයද මැදිහත්වනු ඇති බවටයි ඉකුත් සමයේ දැඩි ලෙස කතාබහට ලක් වුණේ.

කෙසේවෙතත් නැගෙනහිර පර්යන්තය කිසිදු බාහිර පාර්ශ්වයකට ලබා නොදීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි ගුදම් පහසුකම්, බහලූම් අංගන, වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර  කියාසිටියා.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බවත් කඩිනමින් එහි කටයුතු ආරම්භ කිරීමට හැකිවනු ඇති බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.