MT New Diamond නෞකාවේ ගින්න පාලනය හා ඒ ආශ්‍රිත  සිදුවීම් වෙනුවෙන්   රුපියල් මිලියන 340 ක මුදලක් ලක් රජයට   ගෙවන ලෙස  නීතිපති එම සමාගමේ නීති අංශයට  දන්වයි.

සම­තු­ලි­තාව සහ සහ­ජී­ව­නය සොබා දහමේ ඇති අපූරු සංසි­ද්ධි­යකි. ගොවි­තැන යනු මෙම පාරි­ස­රික නිය­තීන් අපූ­රු­වට ගළපා ගනි­මින් සිදු කළ යුතු කර්මා­න්ත­යකි. ගොවි­තැන් කට­යු­තු­ව­ලදී ගොවින් මුහුණ දෙන විවිධ පළි­බෝධ හානි ජය ගැනී­මට සොබා දහ­මෙන්ම ලබා දී තිබෙන අසි­රි­මත් ප්‍රති­කාර සොබා­ද­හමේ තුලි­ත­තා­ව පෙන්වන හොඳම සාධ­කයි. ගොවි­තැන ජය ගැනී­මට රසා­ය­නික තෙල් පොහො­රම වුව­මනා යැයි පව­තින මතය පුස්සක් බවට පත් කරන මේ ප්‍රති­කා­ර­වල ශක්තිය බොහෝ දෙනෙක් නොදනිති. කෘමි­නා­ශක වෙනු­වට සොබා දමේ අපූරු නිපැ­යුම් වන ගහ­කොළ පැළෑ­ටි­වල පස් පංගු­වෙන් සකසා ගන්නා ප්‍රති­කා­ර­ව­ලින් මෙම පළි­බෝධ හානි මැඬී­මට ඇති හැකි­යාව ඔබ­ටත් අත්හදා බැලිය හැකියි.

පළි­බෝධ හානි මැඬ­ලීම සඳහා ශාක සාර­යෙන් සකසා ගත හැකි පළි­බෝධ නාශක පරි­ස­ර­යට හිත­කර මෙන්ම ගොවි­යාට මුදල් ද ඉතිරි කර ගත හැකිය. එමෙන්ම අස්වැන්න ආහා­ර­යට ගැනී­මෙන් නිද­න්ගත රෝගා බාධ ව්‍යාප්තිය අවම කිරි­මට සාර්ථක පිළි­ය­මක් ද වෙයි. සෞභා­ග්‍යයේ දැක්ම රජයේ ජාතික වැඩ­ස­ට­හ­නට සම­ගා­මීව විද්‍යා හා තාක්ෂණ අමා­ත්‍යාං­ශය මඟින් ක්‍රියාත්මක කර ඇති ගොවි ප්‍රජාව කාබ­නික කෘෂි­ක­ර්මා­න්ත­යට නැඹුරු කිරිමේ එක් උත්සා­හ­යක ප්‍රති­ඵ­ල­යක් ලෙස ඇහැ­ටු­වැව විදාතා සම්පත් මධ්‍ය­ස්ථා­නයේ විද්‍යා හා තාක්ෂණ නිල­ධාරි හේමන්ත වන්නි­නා­යක මහ­තාගේ සංවි­ධා­න­යෙන් ආණ­ම­ඩුව කොට­වෙ­හෙර විදාතා සම්පත් නිල­ධාරි එන්.පී.පී සුනෙත් මහ­තාගේ සම්පත් දාය­ක­ත්ව­යෙන් පැවති වැඩ­මු­ළු­ව­කින් ගොවි ප්‍රජ­වට දුන් මේ දැනුම ඔබ­ටත් ඔබේ ගෙව­ත්තට වගා බිමට රැගෙන යන්න පුළු­වන්.

පණු හානි­යට

කොහොඹ කොළ හා කරඳ කොළ අමු ගොම දියර සමඟ මිශ්‍ර කර දින 14ක් පල් කර තබා ඉසින්න.

කෘමි හානි­යට

• සුදු ලූනු ග්රෑම් 100ක් සහ සබන් ග්රෑම් 10ක් සිහින්ව අඹරා ජලය ලීටර් ½ක ට මිශ්‍ර කර පැය 24ක් තබා එම මිශ්‍ර­ණ­යට ජලය ලීටර් ½ක් නැවත එකතු කර වගා­වට ඉසීම යෝග්‍ය­යයි.

• සුදු­ ලූනු ග්රෑම් 50ක් සිහින්ව අඹරා වතුර ලීටර් 1කට මිශ්‍ර කර ඉසින්න

කුඩි­ත්තන්ට සහ කොළ හකු­ළන දළ­ඹු­වන්ට

සුදු ­ලූනු ග්රෑම් 100ක් අඹරා භූමි­තෙල් තේ හැදි දෙක­කට කල­වම් කර ජලය ලීටර් 1ක් හා සබන් ග්රෑම් 50කට මිශ්‍ර කර පැය 24ක් තබා පෙරන්න. ඉන් පසු හතර ගුණ­යක් තනුක කර ඕනෑම වගා­ව­කට ඉසිය හැකිය.

කූඹීන්, වේයන් සහ නයි කූඹීන්ට

අනෝදා ඇට පතක් කොටා අඹරා ජලය ලීටර් 1කට දිය කර පෙරා ගත් දිය­රය ඉසින්න.

කුඩි­ත්තන්, පැළ කීඩෑ­වන්, සුදු මැස්සන්ට

වතුර ලීටර් 2කට අනෝදා කොළ ග්රෑම් 500ක් එක් කර ළිපක තබා රත් කරන්න. ඉන් පසු ජලය ලිටර් ½ක් දක්වා හිඳෙන්න හරින්න. පසුව පෙරා එයට ජලය ලීටර් 2ක් දමා මිශ්‍ර කර වගා­වට ඉසින්න.

ඉල් මැස්සන්, කොළ කන දළ­ඹු­වන් සහ ගෙඩි විඳින පණු­වන්ට -

තෝර මුල් ග්රෑම් 50ක් ගෙන සබන් ග්රෑම් 10ක් සමඟ කොටා ගෙන එයට ජලය ලීටර් 1ක් දමා හොඳින් දිය කර ගන්න. ඉන් පසු හානි කර ඇති පත්‍ර­වල උඩ සහ යටට හොඳින් ඉසින්න.

ඉල් මැස්සාට තවත් ප්‍රති­කා­ර­යක්

• කල­වැල් යුෂ ඉතා ස්වල්ප ප්‍රමා­ණ­යක් පැණි හෝ සීනි ද්‍රාව­ණ­ය­කට මිශ්‍ර කර එයින් රෙදි කැබලි පොඟවා පන්ද­ලමේ තැනින් තැන එල්ලන්න.

• අමු ඉඟුරු සහ සුදු ­ලූනු කොටා එම යුෂ මේස හැඳි 5කට ජලය ලීටර් 1ක් මිශ්‍ර කර ඉසින්න.

සොල­නේසි කුලයේ කොළ හැකි­ළෙන රෝග­යට

ගඳ­පාන, ගන්සූ­රියා සහ ඇල්බී­සියා කිලෝ­ග්රෑම් 1 බැගින් ගෙන අමු ගොම කිලෝ­ග­රෑම් 1කට මිශ්‍ර කර ගෝණි­ය­කට දමා කට ගැට ගසා එම ගෝණිය ලොකු බැර­ල­ය­කට දමා ඒ මත ලොකු ගලක් තබා ජලය ලීටර් 20ක් දමා දින 21ක ට පසු එම දිය­ර­යෙන් ලීටර් 1කට ජලය ලීටර් 3ක් මිශ්‍ර කර ඉසින්න.

මයි­ටා­වන්ට සහ පැළ මැක්කන්ට

මැටි භාජ­න­ය­කට ජලය ලීටර් 1ක් දමා හොඳි­න් උණු කර ගන්න. එයට පොඩි කර ගත් රතු ලූනු කිලෝ­ග්රූම් 1ක් දමා රෙදි කඩ­කින් කට ගැට ගසා පැය 24ක් තබා පෙරා ගන්න. පෙරා ගත් දිය­ර­යට ජලය ලීටර් 10කට මිශ්‍ර ­කර ඉසින්න.

අඹ­න්පොළ විශේෂ - සකු­න්තලා ජය­සිංහ

15/03/2020 - දේශය
කොවිඞ් -19 වසංගතය හා තාක්ෂණික අවස්ථා

ලෝකය පුරා පැතිරෙන කොවිඞ් -19 වයිසරය ගැන බලවත් ප‍්‍රශ්න පැන නැගී තිබේ. ආර්කථික ප‍්‍රශ්න උත්සන්න කර ඇත. සමාජ අර්බුද ඇති කර තිබේ. සෞඛ්‍ය හා සනීපාරක්ෂාව සම්බන්ධයෙන් අලූත් අභියෝග එල්ල වී ඇති බව පෙනේ. ලෝකයේ සෑම මහාද්වීපයකම වයිරසය පැතිරෙන අතර චීනයේ වූහාන් ප‍්‍රාන්තයෙන් පැන නැගුණ ව්‍යසනය කෙළවර කොතැනක ද යන්න කිසිවෙකු නොදන්නා කාරණයකි. දැනට ලැබෙන වාර්තා අනුව වයිරසයට ගොදුරුවන හා ජීවිතක්ෂයට පත්වන පිරිස ක‍්‍රමයෙන් අඩුවන බව චීනය අනාවරණය කර තිබේ. අනෙක් රටවල තවමත් පැතිරෙන බව නොරහසකි.

සමාජ ගෝලීයකරණය ව්‍යාප්තියට හේතුවකි

යුද ගැටුම් හැරුණ කොට අභිරහස් සේ පැන නැගෙන වසංගත වලින් ලෝක වාසීහු අර් බුදයට පත් වූ පළමු අවස්ථාව මෙය නොවේ. ඉතාහාසය පරීක්ෂා කරන විට මෙයට වඩා බරපතල තත්ත්ව ගැන තොරතුරු කියැවිය හැකිය. අද තරමට මාධ්‍ය හා තොරතුරු සන්නිදෙව්නය දියුණු නැති පසුබිමක සිද්ධි ගැන තත්ත්ව විස්තර නිසි සේ එකතු වෙන්නේ නැත. සමාජ ගෝලීයකරණය හෙයින් තොරතුරු දේශ සීමා පරාජය කර පැතිරෙන අතර වසංගත පවා වේගයෙන් පැතිරෙන බව නිරීක්ෂණය කළ හැකිය. අතීතයට වඩා වේගයෙන් ජනී ජනයා රටින් රට යන අතර නොයෙක් ක‍්‍රම වලින් ප‍්‍රවාහනය වේගවත් වී තිබේ. රෝග ව්‍යාප්තියට එය පිටිවහලකි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම තත්ත්වය වසංගතයක් සේ දක්වා ඇති අතර එය පාලනය කරනු සදහා උපරිම පියවර ගනිමින් සිටිති. ස්වභාවයය නිති පතා පරීක්ෂා කරමින් සිටින අතර රෝගය හදුනාගනිමින් වලකාගනු සදහා පියවර නිර්දේශ කරමින් දැවැන්ත මාධ්‍ය මෙහෙවරක නිරත බව පෙනේ. දශකයකට කලින් මෙවැනි සිද්ධියක දී ක‍්‍රියාකරනවාට වඩා හාත්පසින්ම වෙනස් මාධ්‍ය භාවිතාවක් අද පවති. කෙලින්ම ජනී ජනයා දැනුම්වත් කරන අතර ඉතාම වේගයෙන් සන්නිවේදනය සිදුවන පසුබිම මත විශාල රැකවරණයක් ලැබී ඇත.

අභියෝගය අවස්ථාවක් කරගෙන ඇති බව

චීනයේ කර්මාන්ත ශාලා සෑහෙන ප‍්‍රමාණයක් වසා දමා තිබේ. ඔවුන්ගේ අලූත් අවුරුදු නිවාඩුවට පසු නැවත නිෂ්පාදන ආරම්භ කර නැත. එහෙත් නිෂ්පාදන හා සේවා අංශ වල විශාල බාධා නොවෙන පරිදි හසුරුවන්නට තාක්ෂණය උපයෝගී කරගෙන ඇත. සේවා අංශවල ශ‍්‍රමිකයෝ සිය නිවෙස්වල සිට අන්තර් ජාලයෙන් සේවා සම්පාදනයට පියවර ගෙන තිබේ. වෙළදාම සම්පූර්ණයෙන්ම පාහේ තාක්ෂණයට නැඹුරු වී තිබේ. චීනය මුදල් පරිහරණය අඩුවෙන් තිබුණ රටක් වන අතර වී චැට් යන සමාජ මාධ්‍ය හරහා පාරිභෝගික ද්‍රව්‍ය ඇනවුම් කරන්නට වැසියන්ට හැකි වී ඇත. සාමාන්‍යයෙන් මෙම තාක්ෂණ පරිවර්තනය සිදුවෙමින් පැවැති අතර අභියෝගය හමුවේ වේගවත් වී ඇති බව දැක්වෙයි. නිවාස සංකීර්ණ වෙත භාණ්ඩ ප‍්‍රවාහනයට ඩ්‍රෝන යානා භාවිතා කරන අතර පඩිපෙල නැග නිවසේ දොරට තට්ටු කර ඇනවුම භාරදෙන රොබෝවරු බහුලව භාවිතයට ගෙන ඇත.

විශේෂයෙන් රෝගීන්ට ආහාර පාන හා බෙහෙත් භාරදීමේ දී රොබෝ තාක්ෂණය ඉදිරියට පැමිණ ඇත. සෞඛ්‍ය අංශ රෝගීන් හදුනාගැනීමට හා නිවරණයට ඉතාම සංකීර්ණ තාක්ෂණ මෙවලම් භාවිතා කරන බව චීනයෙන් දැක ගත හැකි තත්ත්වයකි. රෝගය පාලනය කරනු සදහා අලූත් ඖෂධ සොයා ගැනීමට විද්‍යාඥයෝ වෙහෙසෙති. සාමාන්‍යයෙන් අලූත් ඖෂධ සදහා කරන පරීක්ෂණ වසර ගණන් ගතවන අතර කොවිඞ්-19 වයිරසය එය පාලනය කර ඇත. මාස ගණනකින් අලූත් ඖෂධ වර්ග එළිදක්වන්නට වෛද්‍ය පර්යේෂකයෝ සමත්ව සිටී. දින ගණනක් තුළ අලූත් රෝහල් හැදීම, ඒවාට අවශ්‍ය පුහුණු ශ‍්‍රමය සොයා ගැනීම තාක්ෂණයට හැකි වී ඇත. එය මෙම අභියෝගය මැද දිනා ගත් අවස්ථාය.

පාසල් වසා දමන නමුත් ඉගෙනගැනීම දිගටම

ලෝකයේ නොයෙක් රටවල ශාස්ත‍්‍රීය අධ්‍යයන අංශ, විශ්ව විද්‍යාල හා පාසල් තාවකාලිකව වසා දමා තිබේ. දරුවන් හා තරුණ පරපුර ගලවා ගැනීම එහි අරමුණ වී ඇත. ඔක්ස්ෆඞ් ඇතුළු විශ්ව විද්‍යාල අන්තර් ජාලයෙන් දේශන පවත්වන අතර ඉගැන්වීමේ ක‍්‍රම තාක්ෂණයට භාර දී තිබේ. ඇමරිකාවේ විශ්ව විද්‍යාල සියයක් පමණ තාක්ෂණයට වැඩි නැඹුරුවක් සපයා ඇත. එය ඉතාම සුවිශේෂී අත්දැකීමකි. අධ්‍යාපනය වෙනුවෙන් කැපවූ වෙබ් අඩවි සහ මෙතෙක් විශේෂ මුර පද යටතේ දේශන විකාශය කළ විශ්ව විද්‍යාල ඒවා බාධාවකින් තොරව පරිහරණයට ඉඩ දීම ද විශේෂත්වයකි.

ජගත් නායකයෝ හා විවිධ සංවිධාන ප‍්‍රධානීහු මුහුණට මුහුණ හමුවන අවස්ථා නතර කර අලූත්ම පරම්පරාවේ සන්නිවේදන තාක්ෂණය භාවිතා කරන්නට පටන්ගෙන ඇත. දුරකතන ජාලා මගින් ලෝකයේ ඕනෑම තැනක සිට සෑහෙන පිරිසක් සමග එකට සාකච්ඡා පවත්වා තීරණ ගැනීමට ඉඩ ලැබී තිබේ. ඉතාලිය ඇතුළු රටවල් පොදු ක‍්‍රීඩා තරග නරඹන්නන්ගෙන් තොරව පවත්වන්නට තීරණය කර ඇති අතර ඒවා ඒ මොහොතේම සජීවී විකාශය කිරීමෙන් සුපුරුදු ජීවන පැවැත්ම ආරක්ෂා කරගන්නට සමත්ව තිබීම විශේෂත්වයකි.

මිනිසා හා සොබාදහම අතර සදාතනික අරගලය

අලූත් සොයා ගැනීම් අනුව මනුෂ්‍යයා වේගයෙන් ඉදිරියට ගමන් කරමින් සිටී. එය සොබා දහමට අභියෝගයකි. පරිසර පද්ධති වෙනස් කරන අතර කෘතීම වැසි පවා ඇති කරන්නට සමත්ව තිබේ. සිය අවශ්‍යතාව පරිදි වාරි පද්ධති අලූතින් තනන අතර අන්තිමේ දී සොබා දහම එයට එරෙහිව නැගී සිටින බව පෙනේ. නිෂ්පාදන ක‍්‍රියා, ප‍්‍රවාහනයේ සංකීර්ණ පැති, බලශක්තිය බාවිතා කරන ආදාරය ස්වභාවික පැවැත්ම අනතුරකට හෙලා ඇත. මේවා ඉදිරියේ සොබා දහම ප‍්‍රතික‍්‍රියා දක්වන අතර ගෝලීය උණුසුම සිට කිසිදා අහන්නට නොලැබුණ වසංගත පැතිරීම දක්වා වෙන් කර දැක්විය හැකිය.

කෙසේ නමුත් මෙම සදාතනික අරගලයේ දී පරාජය වන්නට මනුෂ්‍යයා සූදානම් නැත. කොවිඞ්-19 වයිරසය හමුවේ පවා නොයෙක් උපක‍්‍රම අනුගමනය කරමින් සිටී. ඉරණමට භාර දී පැත්තකට වෙන්නට සූදානම් නැත. උපරිම ආයුෂ වෙනුවෙන් පර්යේෂණ කරන අතර සිරුරේ අවයව කෘතීමව තනා එයින් පැවැත්ම ආරක්ෂා කරගන්නට පවා සූදානම් තැනකය.

ලෝය පුරා අබියෝග පැන නැගෙන අතර ඒවාට විසදුම් සොයා ගන්නට ද මනුෂ්‍ය ප‍්‍රජාව සමත්ය. සන්නිවේදනයේ සිට එදිනෙදා ආහාරය දක්වා සියයට සියයක් දේ අලූතින්ම හදන්නට මිනිසා සමත්ය. මනුෂ්‍ය බුද්ධිය අසමත් අවස්ථාවක මිනිසාට වඩා බුද්ධිමත් කෘතීම පරිගණක හදන වෑයමක ද නිරතය. මෙම ගමන කෙළවර හිතා ගැනීමට පවා නොහැකි විශ්වයක් අනාගතයේ නිර්මාණය කරනු ඇත.

 

පල ගෙඩි පිළිබඳව කතා කිරීමේ දී පලතුරු ලෝකයේ ඔටුනු හිස මත දරා ඇති ගෙඩිය වන්නේ කිරලය. ඒ නිසා ඔටුනු පලන් නැතහොත් කිරුල දරාසිටින පලතුර කිරල බව පතපොතෙහි හා ජනසාහිත්‍යයේ සඳහන්වේ.

වගුරු බිම්වල වැවෙන කිරල ශාකය පලතුරක් වශයෙන් ඉතා රසවත් මිහිරි පෝෂණයෙන් හෙබ් පලතුරකි.අමුවෙන් ද ආහාරයට ගතහැකි මෙම කිරල පලතුරු රසවත් ආකාරයට සකස් කරගත් විට රසමරස පානයකි.මේ රසවත් ගුදායි පෝෂණිය කිරල විවිධ රෝග සඳහා ඔසුවක් වශයෙන්ද ප‍්‍රයෝජනවත්ය දේශිය වෙදහෙදකමටද ගැමියනගේ මිහිරි රසවත් ආහාරයක් වශයෙන්ද අගනා ආහාරයකි. නමුත් කිරල රසවත් වුවත්, ගුණවත් වුද කිරල ළුල නෙලනා අපේ කාලයේ කිරල කිරිලියනගේ කතාන්දරය එතරම් සුන්දර නොවේ.මෙම කිරල කිරිල්ලියනගේ කරල පැහෙන්ට නම් කිරල වගාව ආරක්ෂා කරගත යුතුය.

නමුත් අද මහා පරිමානයෙන් වගුරු බිම් ගොඩ කිරීම හා විනාශ කිරීම් නිසා කිරල කිරිල්ලියනටද කිරුල හිස මත දරාසිටින කිරල වලටද සිදුව අත්තේ කිරුල බිම තබා පල්ලම් බසින්නටය.

සමහරු නිදි කිරනවාය.අනුන්ට සීනි කිරන්න යනවා කියා ගැමියෝ කියන කතාන්දරයක්ද තිබේ.කිරා බුදිද බන්,කිරුම් මිනුම් ගැන අපි දනිමු. හොරට කිරන මනින අයට කිරුම් මිනිම් අධිකාරයෙන් නඩුවරනු ඇත.කිරලා යනු රාත‍්‍රීයේ පියාසර කරන නිශාචර පක්ෂියෙකි. මෙම පක්ෂිියා රාත‍්‍රීයේ මුුරකරුවා යැයි ද, ගම්හු කියති. කිරල ගස් අතර, වගුරු බිමවල වාසය කරන කරලා. රාත‍්‍රීයේ යම් අවදානමක් ඇතිවන අවස්ථාවක ඒ අයට යම් සංඥාවක් ලැබේ. ක්ෂණිකව, ඒ අයට මනා සංවේදී සත්වයෙකි. පොළවේ සිදුවන ගහකොල අතරේ සිදුවන දෑ රාත‍්‍රීයේ දකින්ට හැති ඉතා තියුණු කන් හා ඇස් සහිත පක්ෂියෙකි. හොරකමේ යන පිරිසටනම් කරලා හතුරෙකි. නමුත් කරලා අහිංසක සත්වයෙකි. නමුත් කිරලා නිතරම හිතන්නේ දැන් අනතුරක් සිදු වෙතැයි යන්න හිතමිණි.මහත් සැකයෙනි. නිරතුරුවම පරික්ෂාවෙන් සිටින ආරක්ෂිත කරුල්ලෙකි කිරලා. නමුත්, අහස කඩා වැටේ යැයි සිතා කිරලා ගස්වල හා මහපොලවේ සිටන විට නිදියන විට දෙපා අහසට දිගුකරගෙන නිදියන බව කිරල කඩන ජනතාව කියති. එය ගැමියනගේ මතයකි.

කිරල කුරුල්ලෝ මෙන්ම කිරල කිරිල්ලියෝද අපේ රටේ දැකිය හැකිය. වගුරුබිම් ආශ‍්‍රිතව ජිවත් මිනිසුන් තම ප‍්‍රධාන රැකියාවක් වශයෙන් සිදුකරන්නේ කිරල කඩා වෙළෙඳ පොළට රැගෙන ගොස් විකුණා මුදල් සරකර ගැනීමයි.සෙවිමයි.සමහරු නිවෙස්වලට හා ගාල්ල නගරයේ කාර්යාලවලටද ගොස් විකුණුම් කරති. පිරිසිදු ඉරටුවක අමුනන ලද කිරල ගෙඩි පහක හයක මිල රුපියල් පනහක් වේ. රසට සකස් කළ පිරිසිදු කිරල කෝප්පයක් රුපියල් විස්ය විසිපහට තිහටද දැකිය හැකිය.

ලක්වැසියේ මෙන්ම විදේශිකයෝද කිරල පානයට කැමැත්තක් දක්වති. මෙම කිරල පානය යම් නව වෙළෙඳ සැලකමෙන් තේ කඩමෙන් භාවිතාවන ආකාරය හබරාදුව,අහංගම ගාල්ල,හික්කඩුව ආදි ප‍්‍රදේශවල ගාල්ල මාතර මාර්ගයේ ගමන් කරන ඕනෑම අයෙකුට දැකිය හැකිය.

මේ සඳහා සුන්දර කිරල කිරිලියන් සේවයේ යොදවා තේ බොමු, කිරි බොමු, රා බොමු ආකාරය ඇති වෙළෙද සැල් මෙන් යම් කාසි ආකාරයට මේ කිරල පානය කරන ස්ථානවලට යම් වෙනසක් රිද්මයක් නවමු ආකාරයට පවත්වාගෙන යනනට හැකිනම්, කිරල කඩන කිරල පානය පවත්වාගෙන යන වෙළෙන්දන්ගේ කරල පැහෙනු ඇත.

නමුත් අපගේ අවාසනාවට මේ ආකාරයේ නවමු කටයුත්තකට දිරියක් ශක්තියක් දෙන්නට ගමෙන් රටෙත් කෙනෙක් නැති බව කිරල පලතුරු කඩන ජනතාවගේ කතාන්දරයයි.

ගම්මට්ටමින්ද ගාල්ල නගරයේ පදික වේදිකාවල සිටින ගමේ එළවලූ පලතුරු විකුණන ස්ථානවලි දැකිය හැකි කිරල වෙළෙන්දියන් කිරල කඩා සොදා පිරිසිදු කරගත් ඉරටුවල අමුනා කිරල වෙළෙඳ පොලට ගෙනියති. එවිට එය කිරල කරවල් වනු ඇති. පහ, හත දහය වශයෙන් කිරල ගෙඩි ඉරටුවල අමුණා වෙළෙඳ සැලට යැවෙන ඇන.
කිරල කිරිලියන් කී විගසම අපට මතකයට එන්නේ රුවැති මුහුණු සහිත. රුවැත්තියන්ය. අපේ කාතාවේ එන මේ කිරල කිරිල්ලියෝ මිනිසුනට නොදෙවනි වැඩ කිඩ ශිල්ප දක්වන සම්මතයෙන් එහා හිතන පතන ජිවත්වනන්ට වෙර වීරිය දරණ දිරිය කිරල කිරිල්ලියෝමය. කැත්ත, පිහිය. වලල්ල,නියවල්ල ඇතුව නැතුව කිරල ගස් අතු පතර ඇවිදින කිරල කිරිල්ලියෝ ගස් වලබඩ ගාන්නේ කල පුරුද්ද,දැකපුරුද්, පලපුරුද්ද නැතිනම්, සංසාරගත පුරුද්දැයි හිතේ. ඒ තරමට මේ කිරල කිරිල්යෝ තටු නොමැති වුවද ගස් අතර ගසින් ගසට පනිමින් කිරල කඩන දසුන අපට නම් සුන්දරය. පය ලිස්සා ගියහොත් ඔවුනගේ ජිවිත අවදානමේය. ඒ සඳහා කිසිදු රක්ෂණයක් නැත. ගොඩබිමි මෙන්ම ගස්වලද කස්තිරම් ගසන අපේ කාලයේ කිරල කිරිල්ලියෝ ජලයේද ගැඹුරු දියෙහිද ඔරු,පාරු, බෝට්ටු පදවාගෙන කිරල කඩන්නට දියඹට තම යාත‍්‍රාවෝ පදවති.

දියෙහි කරක් වට දියේ බැස මළුවලට කඩා ගත් ගෝනිවලට දමා ගත් කිරල දියබේ කර තියාගෙන එන්නේ දිය කිඳුරියන් මෙන්ය. කිරල කැලෑවේ ඇවිදින මේ කිරල කිරිල්ලියෝ මහ වනාන්තරයේ ඇවිද පලතුරු නෙලන්නට ගිය සම්බුලා කුමරිය සිහිපත් කරනේය. ඇයද පලවැල කඩන්නට යන දසුන අප මතකයට එක් කරන්නේ මේ අපේ කාලයේ කිරල කිරිල්ලියන් ගැන අසනා දැකිනා විටකදීය.

ගාල්ලේ, හබරාදුව,පොල්හේන,උනවටුන එරමුදු ගහහංදිය, තිත්තගල්ල, කොග්ගල , මාදුගංගාව, ගොවියාපාන,ආදි ප‍්‍රදේශවල ජිවත්වන මේ කිරල කිරිල්ලියෝ කුරුල්ලෝද ඉතාම අසරණව ජිවත් වේ.

යු.එස් සිසිල් නෝනා, ඞී. ජයවති. කුමාරරත්න කොග්ගල , ගොවියාපාන සිරිමල්,ගාල්ලේ එස් සිරියලතා, වතවනගේ කුසුමාවතී, සිරිපාල ද සිල්වා,ඞී.ඒ අමරලතා ආදි පිරිස් මේ ආකාරයට පවසන්නේ තම ව්‍යාපාරය දියුණු කර ගන්නට යම් සහයෝගයක් ලබාදෙනු මෙන්ය. සත්තකිම් මේ කර්මාන්තය ආරක්ෂා කිරීම යනු සිරිලක දේ සිරිපැප දෙන ලංකාදීපයේම දියුණු කළ හැකි පානයකි.

මතට තිත තබා ඇති නමුත්, ලොව හතරවන ස්ථානයේ අපි සුරා පානයෙන් ඉදිරියෙන් සිටිති. ඒ නිසා මතට තිත තබන අතරේ කිරල පලතුරට වලට අත තැබුවහොත් කිරල පලතුරු කඩන මිනිසුනගේ කරල පැහෙනු ඇත.

සටහන හා ජායාරූප හබරාදුව නිමල් අල්ගෙවත්ත

මිනිත්තු කිහිපය වෙනසකින් මෙලොව එලිය දැක, එකම පාසලක ඉගෙනුම ලබා, එකම දිනක යුද හමුදාවට බැඳී, එකම බඳවාගැනීමේ කාණ්ඩය යටතේ පුහුණුව ලබා, එකම දිනක විසිර ගොස්, රෙජිමේන්තු දෙකක සේවය කළ නමුත්, වසර 34 ක ඇවෑමෙන් එකම දිනක විශ්රාම ලැබීමට සූදානම් වන මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න සහ පූරක සෙනෙවිරත්න නිවුන් සොහොයුරු දෙපලට හමුදාපති තුමන් සුබපැතුම් එක්කරයි.