ග්‍රාමීය කර්මාන්ත කරුවන්ට බලපාන ගැටළු වලට, වගකිය යුතු සියලු රාජ්‍ය ආයතන සමබන්ධ කරගෙන විසඳුම් ලබාදෙන තිරසර වැඩ පිළිවෙලක් සකසනවා.” යැයි අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ප්‍රකාශ කරයි.

ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල පුද්ගලයින් 6000 කට වැඩි පිරිසක්
තවදුරටත් නිරෝධායනයට ලක්වෙමින් සිටින බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත
මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව මධ්‍යස්ථාන 63ක දී පුද්ගලයින් 6,610 දෙනෙකු නිරෝධායනයට ලක්වෙමින් සිටින බව එම මධ්‍යස්ථානය පැවසුවේය.

‍එමෙන්ම පුද්ගලයින් 38,359 දෙනෙකු මේ වන විට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටත්ව ගොස් තිබේ.

මේ අතර කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්යගස්ථානයට අදාළව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 14 දෙනෙකු පමණක් තවදුරටත් ප්‍රතිකාර ලබයි.

එහි වෛරසයට ලක්වූ 626 දෙනෙකු මේ වන විට සුවය ලබා පිටව ගොස් ඇති බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ දිනවල පවතින අදික වර්ෂාව හේතුවෙන් පහත් බිම්  රැසක් ජලයෙන් යටවී ඇති අතර මිනිසුන් මෙන්ම සත්තුන් ද  දැඩි පීඩාවට ලක්වී ඇති බව සුලබ දසුනක්. දියට ගසාගෙන යන කුහුඹුවා පවා බේරා ගැනීමට පසුබට නොවන සමාජයක දුප්පත් පොහොසත් බව තේමාව කරගත් මෙම අහඹු වීඩියෝව සමාජමාධ්‍ය තුල බොහෝ පිරිසකගේ කතාබහට ලක්විය 

01.jpg

ගුවන් තොටුපළ අපනයන භාණ්ඩ පරීක්ෂාවට විශේෂ ස්කෑනර් යන්ත්‍ර සවි කීරීමට තීරණය කෙරේ. මේ සදහා වහා අවශ්‍ය පියවර ගන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගුවන්තොටුපළ බළධාරීන්ට උපදෙස් දුන්නේය.

එම්ටී නිව් ඩයමන්ඩ් (MT New Diamond) නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇති වූ ගින්න නිවා දැමීමට කටයුතු කළ සියලු පාර්ශව වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ස්තූතිය පිරිනමා තිබේ.