රජයේ ආයතන සතු ධාවන තත්ත්වයේ නොපවතින වාහන අලුත්වැඩියා කර භාවිතයට ගැනීමට සහ අපහරණයට පියවර

 

අබුඩාබි හි අවන්හලක ඇතිවූ පිපිරීම පිළිබඳ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. 

එහි දැක්වෙන්නේ,

"2020 අගෝස්තු 31 වන සඳුදා, අබුඩාබි හි අවන්හලක පිපිරීමක් සිදුවූ අතර මෙම සිදුවීමේ දී ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ආපදාවට ලක් වී ඇති බවට තහවුරු නොකළ තොරතුරු ලැබිණ. මෙම ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරුවල සත්‍යභාවය පිරික්සා තහවුරු කරගැනීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීහු රෝහල වෙත ගියහ. එම ශ්‍රී ලාංකිකයන් දෙදෙනාගෙන් එක් අයෙකු ඒ වන විට මියගොස් සිටි අතර අනෙක් පුද්ගලයා මේ වන විට රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි. 

මේ සම්බන්ධයෙන් අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ විදේශ අමාත්‍යංශය එක්ව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ  නීති කටයුතු පිළිබද බලධාරීන් හා රෝහල් බලධාරීන් සමඟ ආපදාවට ලක්වූ ශ්‍රී ලාංකිකයන් සදහා අවශ්‍ය සහාය ලබාදීම සඳහා ඉතා සමීපව කටයුතු කරමින් සිටියි." යනුවෙන් එහි දැක්වෙනවා.

මහජන සේවය උදෙසා සියලුම රාජ්‍ය නිලධාරීන් සිය කාර්යාලයේ රැදී  සිටිය යුතු බව ජනාධිපති තුමා කැබිනට මණ්ඩලයට දැනුම් දෙයි. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව  

 

ජනාධිපතිවරයා සහ රජය මෑතකදී කළ ඇතැම් පත්වීම්වලට විරුද්ධව විවිධ බලපෑම් ඉදිරිපත් වෙමින් ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඔවුන් නිවේදනය කළේ ඉතා සුවිශේෂි කරුණු සළකා බලමින් මෙම පත්වීම් සිදුකර ඇති බවයි.

ගැඹුරින් සිතාබලා කරන ලද පත්වීම් වෙනස් කර විවිධ බලපෑම් හේතුවෙන් වෙනත් පුද්ගලයින් ඒ සදහා යෙදවීමට කිසිදු අපේක්‍ෂාවක් නොමැති බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අවධාරණය කර ඇත්තේ.

පත් කළ සෑම පුද්ගලයෙකුගේම ජාති හිතෛෂිභාවය, සුදුසුකම් සහ පසුබිම පරීක්‍ෂා කර රජයේ ප‍්‍රතිපත්ති ඉදිරියට ගෙනයාමට හැකි පරිදි පත්වීම් සිදුකළ බවද ජනාධිපතිවරයා පවසනවා. 

මේ වනවිට සිදුකර ඇති පත්වීම්වලට එරෙහිව අදහස් පළ කිරීමෙන් ඔවුන්ට භාරදී ඇති කාර්යය නිසි පරිදි ඉටු කිරීමට නොහැකි වනවා සේම රජයේ ගෙනයන වැඩපිළිවෙලද ඒ හේතුවෙන් දුර්වල වනු ඇතැයි ජනාධිපතිවරයාගේ අදහසයි.
 

පවත්නා අයහපත් කාළගුණය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක සුළු ආපදා තත්ත්වයක් වාර්තා වී ඇතැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (02) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.