කොවිඩ් වැළඳී සුව වුවත් වෛරසය මාසයක් සිරුරේ - නවතම සොයාගැනීම
කොවිඩ් ආසාදිතයින්ගේ සිරුරෙන් නව්‍ය කොරෝනා වෛරසය මුළුමනින්ම පහවයාම සඳහා මාසයක පමණ කාලයක් ගතවිය හැකි බව නවතම පර්යේෂණයකින් හඳුනාගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් කළ පර්යේෂණ තොරතුරු බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවක දැක්වේ.
ඒ අනුව, එක් වරක් වෛරසය ආසාදනය වූ තැනැත්තෙකු එයින් සුව වූ පසු එම රෝගියා කොරෝනා වෛරසය රහිත පුද්ගලයෙක් බව හඳුනාගත හැක්කේ මාසයකට පසුව සිදු කෙරෙන පීසීඅර් පරික්ෂාවක් අනුව බව එම සඟරාවේ පළ කළ ලිපියක දැක්වේ.
මොදේනා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ෆ්රැන්සෙස්කෝ වෙන්චුරෙල්ලි ඇතුළු කණ්ඩායමක් රෙජියෝ එමිලියා පළාතේ රෝගීන් 1,162කු යොදාගෙන කළ පීසීඅර් පරීක්ෂණ මත එම නිගමනයට එළඹ තිබේ.
කොවිඩ් ව්‍යාප්තිය මධ්‍යයේ වුවත් මේ වනවිට ලෝකයේ බොහෝ රටවල් සිය දෛනික ජීවන රටාවට හුරුවෙමින් පවති.
කෙසේ නමුත් නිවැරැදි සීමාකිරීම් යටතේ පමණක් නැවත රටවල් විවෘත කළ යුතු බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩේරෝස් ඇඩිනම් ගේබ්‍රියාසෙස් පවසා තිබේ.
ඔහු වැඩිදුරටත් පෙන්වාදෙන්නේ එසේ නොමැතිව ජනතාව සුලභව එක්වන ඉසව් පැවැත්වීමෙන් මහා ව්‍යසනයක් ඇතිවිය හැකි බවය.
සංචරණ සීමාවලින් හෙම්බත්ව සිටින ජනතාව හැකි ඉක්මනින් නැවතත් සිය සුපුරුදු ජීවන රටාව ආරම්භකිරීමට සූදානමින් පසුවුවත්, එය ඉතාමත් කල්පනාවෙන් සහ ආරක්ෂිත ක්‍රමවේද යටතේ සිදුකළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා පැවසීය.
මිහිතලය රැකගැනීම සදහා ගතයුතු සියලු ක්‍රියාමාර්ග ගන්නවා - වනජීවී ඇමති ආර්. එම්. සී. බී. රත්නායක
තමා හට තනතුරු තානාන්තර ලොකු නැති බවත් ඊට වඩා මාතෘ භූමිය, තමා වෙත ලබාදී ඇති අමාත්‍යංශය සහ මිහිතලය තමාට ලොකු බවත් මිහිතලය රැකගැනීම සදහා ගතයුතු සියලු ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් වනජීවී ඇමති ආර්. එම්. සී. බී. රත්නායක මහතා ප්‍රකාශ කළේය.
බිනර පුර පසළොස්වක පෝය අදයි
ගංජා රට යැව්වොත් සියලු අපනයන පරාදයි - බන්දුල එක පොටකට එන ලකුණු
Written by Editorගංජා පදනම් කර ගනිමින් ඖෂධ නිෂ්පාදනය කොට අපනයනය කළහොත් සියලුම අපනයන භාණ්ඩවලට වඩා වැඩි විදේශ විනිමයක් උපයාගැනීමට හැකිවනු ඇතැයි, පශ්චාත් උපාධි පර්යේෂණාත්මක නිබන්ධනයක් මඟින් පෙන්වාදී තිබෙන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
විස්මයට පත්වන සටන් කලාවක් සහිතව ඉතා ශක්තිමත් ලෙස අධිරාජ්‍ය විරෝධීන්ට එරෙහිව සටන්වැදීමට කංසා භාවිත කළ නිසා බ්‍රිතාන්‍යයන් විසින් ලංකාවේ කංසා භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කළ බව පැවැසූ අමාත්‍යවරයා ලෝකයේ වෙනත් රටවල කංසා ඉතා බහුල අපනයන භාණ්ඩයක් යැයිද පෙන්වා දුන්නේය.
සාම්ප්‍රදායික බටහිර වෙළෙඳපොළ වෙනුවට අප්‍රිකානු මෙන්ම ආසියානු ජාත්‍යන්තර වෙළෙඳපොළ කරා ගමන් කිරීමට මෙරට වෙළෙඳපොළ විවිධාංගීකරණය කළ යුතු යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
අලුත් ලෝකයේ නව තාක්ෂණය සහිතව නවීකරණය වූ අපනයන ක්‍රමයක් සම්බන්ධයෙන් මේ වනවිට අවධානය යොමු කළ යුතු බවද අමාත්‍යවරයා කොළඹ පැවැති වැඩසටහනකට එක්වෙමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ගම්වදින වන අලි කැලෑ වදින ක්‍රමවේදයක් හදන්න-ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
වන අලි ගම් වදිනවා වෙනුවට කැලෑ වදින ක්‍රමවේදයක් සකස් කර අලි මිනිස් ගැටුමට දෙවසරක් තුළ ස්ථීර විසඳුමක් දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.