71 වන ජාතික දින සැමරුම් උළෙල පැවත්වෙන පෙබරවාරි 4 වන දා සහ පෙරහුරු පැවැත්වෙන දියන්හිදී‍ කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ 71වැනි ජාතික නිදහස් දින මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පෙබරවාරි මස 4වැනි දින පෙරවරු 8.00 ට කොළඹ,  ගාලුමුවදොර පිටියේදී අභිමානවත් අයුරින් පැවැත්වීමට නියමිතය.

''සුරක්ෂිත හෙටක් - මෛත්‍රී පාලනයක්'' තේමාව යටතේ මතින් නිදහස් රටක් උදෙසා ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන යටතේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ප්‍රකාශයට පත් කෙරේ.

සුව සැරිය ගාස්තු රහිත පූර්ව ප්‍රතිකාර සේවාව සබරගමු පළාතේ අද(21) සිට ක්‍රියාත්මක වෙයි.

ත්‍රිරෝද රථ නියාමනය සඳහා වෙනම අධිකාරියක් පිහිටුවන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.