කල්පිටිය මුුහුදු තීරයේ කඩොලාන වගා කිරීමේ විශේෂ ව්‍යාපෘතියක්
කල්පිටිය මුහුදු තීරයේ පාරිසරික ආරක්ෂාවත් අලංකරණයත් උදෙසා කඩොලාන වගාකිරීමේ ව්‍යාපෘතියක් රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩ සටහන යටතේ කල්පිටිය ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලය වනජීවී දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ විශේෂ ව්‍යාපෘතිය (21) පෙරවරුවේ කල්පිටිය මුහුදු තීරයේදී පැවැත්විණි.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ශාඛා ජාලය තවදුරටත් පුළුල් කිරීමට පියවර. මාතලේට සහ දඹුල්ලට නව ඔසුසල්
කෙට්කාලීන සහ මධ්‍යකාලීන සැළැස්මක් යටතේ ඔසුසල ශාඛා ජාලය පුළුල් කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය එම්.එච්.එම් රූමි මහතාට උපදෙස් ලබා දී ඇත.
ඩෙංගු මර්දන විශේෂ ක්ෂේත්‍ර වැඩසටහනක් මාර්තු 21 සහ 22
ඩෙංගු වසංගත තත්ත්වය වැළැක්වීමේ අරමුණින් ඩෙංගු මර්දන විශේෂ ක්ෂේත්‍ර වැඩසටහනක් මාර්තු 21 සහ 22 දිනයන් හී දී පැවැත්වීමට කටයුතු සළසා ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
තැපැල් දෙපාර්තමේන්තුවට ලියාපදංචි ආදේශකයින් බඳවා ගැනේ
තැපැල් දෙපාර්තමේන්තුවේ කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ සේවා අවශ්‍යතාවය අනුව,දෛනික වැටුප්මත රාජකාරි ඉටුකරවා ගැනිම සඳහා ආදේශකයින් ලියාපදිංචි කරවා ගැනිම වෙනුවෙන් 2019 අප්‍රේල් 01 දින දක්වා ප්‍රාදේශීය තැපැල් අධිකාරි කොට්ඨාස මට්ටමින් අයදුම්පත් කැඳවන බව තැපැල් දෙපාර්තමේන්තුවේ මූලස්ථානයේ ජේෂ්ඨ (පාලන) ලේකම් රවින්ද්‍ර ගුණරත්න රජයේ නිල වෙබ් අඩවියට පැවසිය.
දිවයින පුරා ප්‍රධාන රෝහල් 10 කට ආඝාත ඒකක පිහිටුවීමට පියවර
දිවයින පුරා ප්‍රධාන රෝහල් 10 ක ඉදිකෙරෙන ආඝාත ඒකක වල ඉදිකිරිම් කටයුතු කඩිනම් කිරිමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.