මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින සුළි කුණාටුව (GAJA-ගජ) මේ වන විට කන්කසන්තුරය සිට ආසන්න වශයෙන් කි.මී 900 පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 13.5 සහ නැගෙනහිර දේශාංශ 87.4 ආසන්නයේ ස්ථානගතව පවතින බවකාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නැගෙනහිර වම්මිවට්ටුවාන්, රිදීතැන්න, කිරාන්, පුලිපන්චිකල් සහ පූනානි යන ප්‍රදේශයන්හි ගංවතුරෙන් විපතට පත්වු සිවිල් ජනතාව මුදාගැනීම සඳහා සහන මෙහෙයුම් යුද්ධ හමුදාව විසින් දියත් කර තිබේ.

දේශපාලකයින් මාරු වනවිට, රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් නොවිය යුතු බවත්, අධ්‍යාපනයට දේශපාලනයෙන් තොර ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

කදුකරයට ඇද හැලෙන අධික වැසි තත්වය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කිරීමට සිදු වූ බව, ශ්‍රි ලංකා මහවැලි අධිකාරියේ වික්ටෝරියා ජලාශයේ සහකාර ඉංජිනේරු උදිත් ඒකනායක මහතා පවසයි.

ආක්‍රමණශීලී දළඹු විශේෂයක් වන “සේනා” නැමති දළඹු විශේෂය මේ වන විට අම්පාර ඇතුළු දිස්ත්‍රික්ක තුනකින් වාර්තා වී තිබේ.