පෞද්ගලික බස් සේවක වර්ජනය නිසා මගී ජනතාව පීඩාවට පත් නොකොට ඔවුන්ට ගමන් පහසුව සැලැසීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය විසින් අතිරේක බස්රථ ධාවනයට යොදවා ඇතැයි ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා පවසයි.
 

දිවයිනේ වැසි සහ සුළං තත්ත්වය අද(16) දිනයේදී තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පරිසරයට හානිකර පොලිතින් නිෂ්පාදනය,අලෙවිය හා භාවිතය සම්බන්ධයෙන් වැටලිම් දිනපතා ක්‍රියාත්මක බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ (විමර්ශන)  එන්.එස් ගමගේ මහතා පවසයි.

දිවයිනේ පවතින වැසි තත්ත්වයේ සහ සුළං වේගයේ වැඩිවීමේ හැකියාව තවදුරටත් පවතින බවත් දිවයින පුරා අහස වලාකුලින් බරව පවතිනු ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 

පොදු සේවා මෝටර් ට්‍රයිසිකල් (ත්‍රීරෝද) පැදවීමට අදාළව විශේෂ නියෝග කිහිපයක් ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත.