බෝනොවන රෝග පාලනය කිරිම සදහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. ළදරු සහ මාතෘ මරණ අවම කළ රටක් ලෙස යුනිසෙෆ් සංවිධානය ශ්‍රී ලංකාව පිළීගෙන තිබෙනවා.රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ ඖෂධ නිෂ්පාදනය බිලියන 2 සිට බිලියන 4 දක්වා වැඩි කර තිබෙනවා යැයි සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

තම ධුර කාලය තුළ දී ලෝකයේ දූෂණයට එරෙහිව ක‍්‍රියාකරන රටවල් අතර ශ‍්‍රී ලංකාව පළමු තැනට පත්කිරීම සිය අපේක්ෂාව බව ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

ශ්‍රී ලංකාවේ සිදුවන මරණවලින් 75%කට පමණ හේතුව වී ඇත්තේ බෝ නොවන රෝග බවත් 11%ක් පමණ බෝ වන රෝග මෙන් ම 14%ක් හදිසි අනතුරු හේතුවෙන් මරණයන් සිදුවන බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ, ළමා රෝග විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා පවසයි.
 

දරුවෙකුගේ පෝෂණය හා පළමු ප්‍රතිශක්තිකරණය මව්කිරි බවත් එය දරුවාගේ අයිතිවාසිකමක් මෙන් ම දරුවාගේ එම අයිතිවාසිකම සැපිරීම මවගේ මෙන් ම පවුලේ සෙසු පුද්ගලයින්ගේ යුතුකමක් බවත් කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය යූ.ඩි.පී. රත්නසිරි මහතා පැවසීය.
 

වාර විභාග පැවැත්වීමෙන් අනතුරුව අදාළ පාසල්වාරය අවසන් කිරීමට ප්‍රථම එම ප්‍රතිඵල ලබා දෙන ලෙස අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සියලුම විදුහල්පතිවරුන්ට පළාත් අධ්‍යාපන ලේකම්වරුන් හරහා මේ වනවිටත් උපදෙස් ලබාදීමට පියවර ගෙන තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.