නගරයට පැමිණෙන වාහන නවතාලීම සඳහා ස්ථාන ප්‍රමාණවත් අයුරින් නොමැති නිසා පැන නැගී ඇති ගැටලුවට විසඳුම් සෙවීමේ අරමුණින් ගම්පහ  නගර සභාව, පොලීසිය, වෙළෙඳ සංගමය ඇතුලු රාජ්‍ය ආයතන රැසක් සමඟ විශේෂ සාකච්ඡාවක් පසුගියදා ගම්පහ නගර සභා පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙහිදී වාහන තදබදය අවම කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සොයා බැලීම පිණිස කමිටුවක් පත් කිරීමට ද පියවර ගැනිණි.
 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන අම්පාර දිස්ත්‍රික් මාධ්‍යවේදී වැඩමුළුව අද (10) පෙ.ව.8.30ට අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙයි.

මේ වනවිට දුම්රිය කීපයක් කොළඹ කොටුවට පැමිණෙමින් තිබෙන බවත් අද (10) සවස වන විට දුම්රිය ධාවනයේ වර්ධනයක් කරගැනීමට බලාපොරොත්තු වන බවත් දුම් රිය දෙපාර්තමේන්තුවේ අතිරේක දුම්රිය සමාන්‍යාධිකාරී ආචාර්ය විජය සමරසිංහ මහතා පැවසී ය.

චීන රජයේ සහයෙන් ඉදිවන යාං ඔය ජලාශයේ ඉදිකිරීම් අවසන් වෙමින් පවතින බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක මහතා පැවසී ය.

පසුගිය 2017 වසරේ ජනවාරි මස සිට ජුලි මස දක්වා ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම 128,077 ක් වූ අතර, 2018 වසරේ ජනවාරි මස සිට ඡුලි මස දක්වා ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම 30,786 කි. ඒ අනුව පසුගිය 2017 වසරට සාපේක්ෂව 2018 වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවීමේ ප්‍රතිශතය සියයට 76 ක අඩුවීමක් පෙන්නුම් කරන බව  ජාතික ඩෙංගු මර්දන වැඩසටහන පෙන්වා දෙයි.