මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 05 වැනි දින පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා සඳහන් කරයි.

මෙවර අ.පො.ස. (උ/පෙළ) විභාගය ලබන 06 වැනි දින සිට සැප්තැම්බර් 01 වැනි දින දක්වා පැවත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව විභාග කොමසාරිස් ජනරල් බී. සනත් පූජිත මහතා සඳහන් කරයි.

දියවැඩියාව වැළැක්වීම සඳහා ඉවහල්වන වී ප්‍රභේදයක් හඳුන්වා දීමට අම්බලන්තොට වී පර්යේෂණායතනය විසින් පියවර ගෙන තිබේ.

ලබන අගෝස්තු 06 වැනි දා ආරම්භ වීමට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා පෞද්ගලික අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර මේ වන විට තැපැල් කර යවා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා සඳහන් කරයි.

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩිවීමේ හැකියාව පවතින අතර මෙම තත්ත්වය ඉදිරි දිනවලදීත් තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.