සිනෝහයිඩ්‍රෝ චීන සමාගම විසින් නිම කරන ලද මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් භාර ගැනීම ජනවාරි 8 වන දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මොරගහකන්ද වේල්ලෙදී සිදු කිරීමට නියමිතය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තවදුරටත් ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අද (3) නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
 

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

රට පුරා දිනෙන් දින පැතිර යන ඩෙංගු රෝග තත්ත්වයන්ගෙන් පාසල් දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය ඩෙංගු මර්දන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ.

උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ලබන ජනවාරී 15 වැනිදා දක්වා අයදුම්කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පුජිත මහතා සඳහන් කරයි.