උතුරු නැගෙනහිර දෙමළ භාෂාව කතා කරන ජනතාව සඳහා "සංහිඳියාවේ නාලිකාව" නමින් නව රූපවාහිනි නාලිකාවක් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව මගින් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.
 

දිවයින හරහා ඊසාන දිග මෝසම් ත්ත්වය ස්ථාපිත වී ඇති බැවින් දිවයිනේ බොහෝ පලාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව නැගෙනහිර, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් සමහර ස්ථානවල (මි.මි.75 ට වැඩි) සාමාන්‍යයෙන් තද වැසි ඇති විය හැක.
 

විදේශ රැකියා අමාත්‍යාංශය හා IM ජපන් ආයතනය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම අනුව ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා හිමිව තිබේ. ඒ අනුව ජපන් භාෂා ප‍්‍රවීනතාව N4 මට්ටම සමත් හෝ හදාරා ඇති වයස අවුරුදු 18-30ත් අතර ලාංකික තරුණ තරුණියන්ට මේ සඳහා අයදුම් කළ හැකිය.
 

2017 වර්ෂය සඳහා රාජ්‍ය සංස්ථා සහ සම්පූර්ණයෙන් ම රජය සතු සමාගම්වල කාර්ය මණ්ඩලවලට ප්‍රසාද දීමනා ගෙවීම කැබිනට් මණ්ඩලය මගින් අනුමත කර ඇති පරිදි රුපියල් 15,000ක උපරිමයකට සහ රුපියල් 3,000ක අවමයකට යටත් ව කාණ්ඩ හතරක් යටතේ රාජ්‍ය ව්‍යවසායයන්ගේ සේවකයන්හට මෙම ප්‍රසාද දීමනා හිමි වෙයි. ඒ පිළිබඳ චක්‍රලේඛයක් භාණ්ඩාගාරය විසින් 2017 දෙසැම්බර් මස 11 වැනි දින නිකුත් කරන ලදී.
 

බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳ බෙංගාල බොක්ක ආශ‍්‍රිත රටවල සංවිධානය හෙවත් බිම්ස්ටෙක් සමුළුව අද (19) කොළඹ දී පැවැත්වේ.