දිවයිනට කි.මී. 800 පමණ දුරින් මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 12 ඇතුලත පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන ලකුණු ඇති අතර එය වයඹ ‍‍දෙසට බරව දිවයිනෙන් ඉවතට ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ හේතුවෙන් විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩිවීමේ හැකියාවක් පවතී.
 

2017 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය ලබන 8 වැනි සිකුරාදායින්  අවසන් වන අතර 2018  වර්ෂයේ පළමු පාසල් වාරය  2018 ජනවාරි මස 02 වන අඟහරුවාදා ආරම්භ වේ.

අධ්‍යයන පොදු සහතික සාමාන්‍ය විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම අද (06) මධ්‍යම රාත්‍රී 12.00 සිට  විභාගය අවසන් වන ලබන 21 වැනිදා දක්වා සම්පූර්ණයෙන් තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා සඳහන් කරයි.

අද සිට ඉදිරි දිනවලදී උතුරු සහ නැගෙනහිර පළාත්වල සහ විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩිවීමේ හැකියාවක් පවති.

මෙවර පළාත් පාලන මැතිවරණය ලබන පෙබරවාරි 04 දිනට පසු හා  පෙබරවාරි 17 වෙනිදාට පෙර පැවැත්වීමට බලාපොරොත්තු වන බව  මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. මේ වන විට නාමයෝජනා ඉදිරිපත් කිරීමට කිසිදු බාධාවක් නොමැති බවත් නාමයෝජනා භාර ගැනීම අදියර දෙකක් යටතේ සිදුවුවත් ඡන්දය ප්‍ර‍කාශ කිරීම එක් දිනයක පවත්වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.