ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඇරයුම මත ඉන්දුනීසියානු ජනපති ජෝකෝ විඩෝඩෝ මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (24 ) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

2017 / 2018 අධ්‍යයන වර්ෂය සඳහා අන්තර්ජාලය හරහා විශ්වවිද්‍යාල ප්‍රවේශ අයඳුම්පත් භාරගැනීමේ අවසාන දිනය පෙබරවාරි 02දා දක්වා දීර්ඝ කොට ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දෙයි.

දිවයිනේ බොහෝ පළාත් වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (24) නිවේදනය කර තිබේ. කෙසේ වෙතත්,හම්බන්තොට,මාතර, බදුල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක වල සවස 2.00 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් ඇති විය හැක.

ළමා අපයෝජන අවම කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය රැගෙන යන වැඩපිළිවෙළ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පැසසුමට ලක්වූ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
 

ඉන්ධන අවභාවිතය සහ අක්‍රමිකතා වැළැක්වීමට හදිසි වැටලීම් තවදුරටත් වේගවත් කර ඇති බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රනතුංග මහතා පවසයි. නුගේගොඩ ගම්සභා හංදියේ පිහිටි ඉන්ධන පිරවුම්හලේ පෙට්‍රල් පොම්පවලට සහ භූගත පෙට්‍රල් ගබඩා ටැංකියට සීල් තබනා ඇතැයි ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.