පාසල් නිල ඇඳුම් වවුචර්වල වලංගු කාලය දීර්ඝ කෙරේ
පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් ලබාගැනීමට දී තිබූ වවුචර්වල වලංගු කාලය ජනවාරී 30 දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යවරවරයා උපදෙස් ලබා දී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. කිසියම් හේතුවක් මත වවුචරපත්වලින් නිල ඇඳුම් මිලදී ගැනීමට මෙතෙක් නොහැකි වූ සිසුන්ට සිදුවන අපහසුතාව සලකා බලා මෙම තීරණය ගෙන තිබේ.
මැතිවරණ කොමිෂමේ වෙබ් අඩවියේ නව නම භාවිත කරන්න
මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ නව නම www.elections.gov.lk බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. වර්ෂ ගණනාවක් සිට පවත්වාගෙන යන ගිය මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ නම වර්ෂ 2015 දී සුළු වෙනස් කිරීමක් සිදු කර තිබේ.
රාජගිරිය ගුවන්පාලම ජනපති සුරතින් අද ජනතා අයිතියට
දීර්ඝ කාලයක් පුරා මගී ජනතාව අපහසුතාවයට පත් කරමින් රාජගිරියේ පැවති දැඩි වාහන තදබදයට විසඳුම් ලබාදෙමින්, රාජගිරිය මංසන්ධියේ ඉදිකෙරුණු ගුවන් පාලම අද (08) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පැවරේ.
කොළඹ, රාජගිරිය ගුවන්පාලම ලබන 08දා ජනපති අතින් ජනතා අයිතියට
දීර්ඝ කාලයක් පුරා මගී ජනතාව අපහසුතාවයට පත් කරමින් රාජගිරියේ පැවති දැඩි වාහන තදබදයට විසඳුම් ලබාදෙමින්, රාජගිරිය මංසන්ධියේ ඉදිකෙරුණු ගුවන් පාලම මෙම 08දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පැවරේ.
වැසි රහිත කාලගුණයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තවදුරටත් ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.