පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් පිළිබඳ විමසිල්ලෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ II වැනි ශ්‍රේණියේ සහකාර රේගු අධිකාරී තනතුරුවලට බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය  - 2017 විභාගය  ලබන 10 වැනි දා කොළඹ පිහිටි විභාග මධ්‍යස්ථාන 48 ක දී පැවැත්වීමට කටයුතු කර ඇති  බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකාර මහතා සඳහන් කරයි.

2017 අධ්‍යයන වර්ෂයට අදාළ තෙවැනි පාසල් වාරය අද (06) න් ආරම්භ විය. ඒ අනුව අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා යොදා නොගන්නා පාසල් 05ක් හැර අනෙකුත් පාසල් මෙලෙස ආරම්භ කරයි.
 

ඉදිරි දින කිහිපයේදී විශේෂයෙන් සැප්තැම්බර් මස 01 දින සිට 02 වෙනි දින දක්වා දිවයිනේ (විශේෂයෙන් උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ දකුණ පළාත්වල) වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (31) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

අගෝස්තු මස 31 දින සිට සැප්තැම්බර් මස 02 වෙනි දින දක්වා දිවයිනේ බොහෝ පළාත් වල (විශේෂයෙන් ම උතුරු, උතුරු-මැද,  නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් වල) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව වැඩි වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.