අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා රාජ්‍ය ඡායාරූප උපදේශක මණ්ඩලය  එක්ව දෙවන වරටත්  සංවිධානය කරනු ලබන රාජ්‍ය ඡායාරූප සම්මාන උළෙල 2017,  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 19 වැනි දින  නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වේ.  

කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයක් මත ක‍්‍රියාත්මක ප‍්‍රමුඛතා මංතීරුව හඳුන්වා දීමේ වැඩසටහන මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙය වීමෙන්, විශේඥ දැනුම සමග ව්‍යාපෘති උපදේශක ලෙස මහාචාර්ය අමල් කුමාරගේ මහතාගේ මූලිකත්වයෙන් ශ‍්‍රී ලංකා පොලීසිය, මාර්ග සංවර්ධන අධිකාරිය, මොරටුව විශ්ව විද්‍යාලය, කොළඹ මහනගර සභාව, ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය, ජාතික ගමනා ගමන

අ.පො.ස. උසස් පෙළ විභාගයේ  පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අදියර 3ක් යටතේ සිදු කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

පානීය නොවන ස්ප්‍රීතු ආනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් 50,000 ක වාර්ෂික බලපත්‍ර ගාස්තුවකට යටත් කර ඇති අතර, ඒ අනුව මෙතනෝල් ස්ප්‍රීතු ලීටර් 01 ක් සඳහා රුපියල් 25 ක නව බද්දක්ද, මහා භාණ්ඩාගාරය විසින් පනවා ඇත.
 

නැගෙනහිර, ඌව, උතුරු සහ උතුරුමැද පළාත්වල සවස් කාලයේ ගිගුරුම්සහිත වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.