දුම්රිය මඟී සේවය අඩාල කරන්න එපා - නැති නම් දැඩි ක්‍රියාමාර්ග - ප්‍රවාහන අමාත්‍ය
දුම්රිය මඟී සේවාව අඩාල නොකරන ලෙසත් එසේ නොමැති වුවහොත් දුම්රිය මඟී සේවාව පවත්වාගැනීමට දැඩි පියවර ගැනීමට සිදු වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක්
අද දිනයේ දී දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නුවරඑළියේ නව රෝහල විවෘත කිරීම ලබන වසරේ
යූරෝ මිලියන 39 ක ණය ආධාර යටතේ නුවරඑළියේ ඉදිකරන නව දිස්ත්‍රික් මහරෝහල පසුගියදා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ නිරීක්ෂණයට ලක් විය.
2020 වනවිට ශ්‍රී ලංකාවේ බෝනොවන රෝග 1/3 ක් පාලනය කිරීමට සැළසුම්
වසර 2020 වනවිට ශ්‍රී ලංකාවේ බෝනොවන රෝග 1/3 ක් පාලනය කිරීමට සැළසුම් දියත් කර ඇති බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලෝක සෞඛ්‍ය සමුලුවේ දී කියයි.
ලෝක සෞඛ්‍ය සමුලුව ජර්මනියේ බර්ලින් නුවර දී පසුගිය 15 දින සිට 17 දින දක්වා පැවැත්විනි.
අඩුපීඩන කලාපය, පීඩන අවපාතයක් වී දිවයිනෙන් ඉවතට
දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපයතව දුරටත් පීඩන අවපාතයක් බවට වර්ධනය වෙමින් දිවයිනෙන් ඉවතටගමන් කරනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයින පුරා අහස වළාකුලින් බරව පවතිනු ඇතැයි බලාපොරොත්තු වන අතර දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල තරමක් තද සුළං ද අපේක්ෂා කළ හැක.