හෙට (22) සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පත් කර ඇත.

අද (21) පූර්ණ සූර්ය ග්‍රහණයක් සිදුවන අතර මෙම  සූර්ය ග්‍රහණය උතුරු ඇමරිකාවට පූර්ණ සූර්ය ග්‍රහණයක් ලෙස දර්ශනය වන බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය සඳහන් කරයි.  එමෙන් ම මෙම සුර්ය ග්‍රහණය අර්ධ සූර්ය ග්‍රහනයක් ලෙස  බටහිර යුරෝපා රටවලට, ඊසාන දිග ආසියාව, දකුණු ඇමරිකාව සහ  අප්‍රිකාවේ වයඹ ප්‍රදේශයට දර්ශනය වේ.
 

2017 ඡන්ද හිමි නාමලේඛනයේ කෙටුම්පත සකස්කර අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මෙම කෙටුම්පත  මැතිවරණ කොමිෂන් සභාවේ www.elections.gov.lk වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කෙරේ.

ඉදිරි දින කීපයේ දී (විශේෂයෙන් 18 සහ 19 දිනවලදී) දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය  කරයි.

කළු ගං රක්ෂිතයේ ඉදිකර ඇති සියලු ම ඉදිකිරිම් වහාම ඉවත් කිරිමට කළුතර දිස්ත්‍රික් පාරිසරික කමිටුව තීරණය කර ඇතැයි කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.