අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා සිදුකරනු ලබන පිච්ච මල් පූජා මහෝත්සවය 29දා පස්වරු 3.00ට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී පැවැත්වේ. මෙම අවස්ථාවට සමඟාමීව 29චදා සිට 02දා දක්වා වැසි පිරිත් දේශනයක් ද පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ පළාත් වල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (24) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

නාගරික ඝන අපද්‍රව්‍ය භාවිතා කරමින් සකසන කොම්පෝස්ට් සහ කෘෂිකාර්මික අවශේෂ භාවිතා කරම්න් සකසන කොම්පෝස්ට් සඳහ‍ා වන නව ප්‍රමිති පිරිවිතර කෙටුම්පත් දෙක ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මඟින් දැනට උද්යෝගිමත් පාර්ශවවල අදහස් ලබා ගැනීම සඳහා නිකුත් කර ඇත.

දුම් රහිත දුම්කොළ නිෂ්පාදනය  කිරීම, ආනයනය, විකිණීම හෝ විකිණීම සඳහා ප‍්‍රදර්ශනය කිරීම අද (19) සිට සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය ජුලියා බිෂොප්  මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා අද (19) දිවයිනට පැමිණීමට නියමිතව ඇත.