බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ රැකියා විරහිත තරුණ තරැණියන්ට රැකියා අවස්ථා හඳුන්වා දීම අරමුණු කරගනිමින්  මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය  හා එක්ව සංවිධානය කරනු ලබන දිස්ත්‍රික් රැකියා පොළ ජුලි 01දා පෙ.ව 9.00 සිට 2.00 දක්වා නුවරඑළිය සිනිසිටා ශාලාවේ දී පැවැත්වේ.
 

උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනට උද්ගත වී ඇති තත්ත්වය අවම කරමින් කඩිනමින් ඒ සඳහා අවශ්‍ය විසඳුම් ගන්නා  බව උමා ඔය ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය සුනිල් ද සිල්වා මහතා පවසයි.
 

කාන්තාවන්ට ඇතිවන ගැබ්ගෙල පිළිකා වැළැක්වීම සදහා හියුමන් පැපිලෝමා වෛරස එන්නත ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහනට හදූන්වාදීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.

2018 වර්ෂය සඳහා රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය 2017.07.10 දින දක්වා දීර්ඝ කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.