දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේත් නැගෙනහිර  සහ ඌව (විශේෂයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ) පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි තත්ත්වයේ සුළු වර්ධනයක් ඇතිවිය හකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (14)නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල සිහින්වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ළමා ශ‍්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය  ලබන 12 දිනට යෙදී තිබේ. මෙවර එහි තේමාව වන්නේ “ගැටුම් හා ආපදාවන් හී ප්‍රතිඵලයක් ලෙස ළමයින් ශ්‍රමිකයින් වීම වළක්වමු!” යන්නයි.

උතුරු සහ උතුරුමැද පළාත්වල අහස වළාකුලින් බරව පවතිනු ඇතැයි  අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ස්ථානකිහිපයක වැසි ඇතිවේ.

සොබාදහමේ තිරසර පැවැත්මෙන් තොර පැවැත්මක් මිනිසාට නැති බව දැන් දැන් කෙරෙන අනතුරු ඇගැවුම් හමුවේ පිළිගන්නට අපට සිදුව තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.