2017 ජාතික රණවිරු සැමරුම් උත්සවය හේතුවෙන් හෙට (19) පස්වරු 2.00 සිට පස්වරු 7.00දක්වා කාලය තුළ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
 

අද (18) සහ හෙට (19) දෙ දින විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛය අමාත්‍යංශය කටයුතු යොදා ඇත. ඒ අනුව මෙම විශේෂ මදුරු මර්දන වැඩසටහන  වැඩි අවධානම් දිස්ත්‍රික්ක 12ක් කේන්ද්‍ර කරගනිමින් කණ්ඩායම් 1800ක් යොදවා ගැනීමට නියමිතය.
 

දිවයින හරහා (විශේෂයෙන්  මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම ප්‍රදේශ වල පැ.කි.මී.40-50 දක්වා) සහ උතුරු සහ දකුණු මුහුදු ප්‍රදේශ වල විටින් විට හමන (පැ.කි.මී.60-70 දක්වා) තද සුළං අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඊශ‍්‍රායලයේ රැකියාවට ගොස් සිය ගිවිසුම්ගත කාලය ඉක්මවීමෙන් පසු නීතිවිරෝධීව රැඳී සිටින ශ‍්‍රමිකයින් හේතු කොටගෙන ඊශ‍්‍රායල් රැකියා අවදානමක් ඇතිවී තිබෙන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප‍්‍රකාශ කළාය.  අමාත්‍යවරිය මේ අදහස් පළ කළේ පසුගිය දා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ පැවති, ඊශ‍්‍රායල් රැකියා සඳහා පිටත්වන ශ‍්‍රමිකයින්ට ගුවන් ටිකට්පත් පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමිනි.
 

කලාපීය සයිබර් මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ