අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් දිස්ත්‍රික් 07කට නායයාමේ අනතුරු ඇඟවීම් සිදු කොට ඇති අතර ඉදිරි පැය 24 පුරාත් වර්ෂාපතනය අඛණ්ඩව පැවැතුණ හොත් එම අවදානම තවදුරටත් පවතින බව එම ආයතනය සඳහන් කරයි.
 

ඇතිවී තිබෙන ආපදාව හේතුවෙන් සිදු වූ විදුලි බිඳවැටීම පිළිබදව දැනුම්දීම සදහා නව දුරකතන අංකයක් හඳුන්වාදී ඇති බවත්, විදුලි මීටර් හා නිවාස විදුලි පරිපථවල සුළු නඩත්තු කටයුතු ආදිය නොමිලේ සිදුකර දීමට පියවර ගන්නා බවත්, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සබරගමුව පළාතේ සියලු පාසල් අද (26)  දිනයේ තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ. සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් අද උදෑසන මෙම තීරණය ගෙන ඇත.

නිරිතදිග මොසම සක්‍රියවීමත් සමග දිවයිනේ නිරිත දිග කලාපයේ බොහෝ ප්‍රදේශවලට අධික වර්ෂා පතනයක් වාර්තා වීම හේතුවෙන් කළු, කැලණි, වළවේ, ගිං යන ප්‍රධාන ගංඟාවන් මෙන්ම අතු ගංඟාවන් ආශ්‍රිතව ආපදා තත්ත්වයක් මතු ව තිබේ.
 

නිරත දිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින පුරා ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේ වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.