ජාතික නාමල් උයන හා රෝස තිරිවානා කන්ද ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් ඇරඹීමේ යෝජනාවට රජයේ අවධානය යොමුවෙයි. මෙම කේබල් කාර් ව්‍යාපෘතිය ජාතික නාමල් උයනේ භාරකාරීත්වය දරණ වනවාසී රාහුල හිමියන්ගේ යෝජනාවකි. මෙම යෝජනාව සම්බන්ධයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල, වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව , පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව, සංචාරක සංවර්ධන අධිකාරිය වැනි ආයතන සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ජාතික නාමල් උයනේ භාරකාරීත්වය දරණ වනවාසී රාහුල හිමියන් සමඟ ඊයේ (08) සංචාරක අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

Cable-Car-Namal-Uyana.jpg

වනවාසී රාහුල හිමියෝ මෙම සාකච්ඡාවේදී ඇමතිවරයාට පෙන්වා දුන්නේ ජාතික නාමල් උයන හා රෝස තිරුවානා කන්ද ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සංචාරක ආකර්ෂණය ඉහල නැංවීමට හේතුවන බවයි. ජාතික නාමල් උයනේ හා රෝස තිරුවානාකන්ද ආශ්‍රිතව පරිසර පද්ධතියට හානියක් නොවන පරිදි එය සැලසුම් කලයුතු බව ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී අවධාරණය කළේය. ඔහු පෙන්වා දුන්නේ මේ සම්බන්ධයෙන් සියලු පාර්ශව සමඟ සාකච්ඡා කර කඩිනමින් පියවර ගන්නා බවයි. පාරිසරික සංචාරක කර්මාන්තය නංවාලීම නව රජයේ එක් අරමුණක් බවත් ඒ අනුව ඉදිරියේදී ජාතික නාමල් උයන වැනි ස්ථාන දෙස් විදෙස් සංචාරකයන්ගේ වැඩි ආකර්ෂණයට ලක්වන ලෙස දියුණු කිරීමට අපේක්ෂා කරන බවත් ඇමතිවරයා මෙහිදී කියා සිටියේය.

ජාතික නාමල් උයනේ භාරකාරී වනවාසී රාහුල හිමියන් මෙහිදී කියා සිටියේ ශ්‍රී ලංකාවේ වැඩිම නා ගස් සංඛ්‍යාවක් ඇති එකම ස්ථානයද මෙය බවයි.එය අක්කර 760කින් සමන්විතය.මෙරටට ආවේණික හා ආවේණික නොවෙන පක්ෂි වර්ග 18ක් එහි වෙසෙන බවත්, ශාඛා විශේෂ 72ක් හා කෘමී විශේෂ 75ක් ඇති බවත් පරීක්ෂණ මඟින් තහවුරු වී ඇතැයි රාහුල හිමියෝ මෙහිදී පෙන්වා දුන්හ.නාමල් උයනේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වසර කෝටි 50ක් පැරණි යැයි සැලකෙන රෝස තිරිවානා නිධිය අක්කර 250ක භූමි භාගයක විසිරී ඇත. මෙම නිධියේ රෝස තිරිවානා ඉන්දියාවේ මෝගල් අධිරාජ්‍යා සිය පෙම්වතිය සිහි කිරීමට ඉදිකල ටජ් මහල් මන්දිරයේ ජනෙල් අලංකරණයටද යොදවා ගෙන ඇතැයි පැවසේ. පරිගණක අමතර කොටස් හා වාහන වින්ඩිස්ක්‍රීන් සඳහාද මෙම රෝස තිරිවානා යොදා ගන්නා බව පර්යේෂකයෝ පවසති.

ක්‍රි.පූ.තුන්වෙනි සියවසේ දේවානම් පියතිස්ස රජුගේ කාලය දක්වා විහිදෙන මෙම ජාතික නාමල් උයන හා රෝස තිරිවානා කන්ද පිලිබඳ පුරාවෘතය අනුව ක්‍රි.ව.924 දී මෙරට රජකල දප්පුල රජු විසින් මෙය අභයභූමියක් ලෙස නම්කර ඇති බව පුරාණ සෙල්ලිපි වල සඳහන් වන බවද වනවාසී රාහුල හිමියෝ ඇමතිවරයාට මෙහිදී පෙන්වා දුන්හ.

 

උපුටා ගැනීම  අද derana BIZ 

මේ දිනවල පවතින අදික වර්ෂාව හේතුවෙන් පහත් බිම්  රැසක් ජලයෙන් යටවී ඇති අතර මිනිසුන් මෙන්ම සත්තුන් ද  දැඩි පීඩාවට ලක්වී ඇති බව සුලබ දසුනක්. දියට ගසාගෙන යන කුහුඹුවා පවා බේරා ගැනීමට පසුබට නොවන සමාජයක දුප්පත් පොහොසත් බව තේමාව කරගත් මෙම අහඹු වීඩියෝව සමාජමාධ්‍ය තුල බොහෝ පිරිසකගේ කතාබහට ලක්විය 

01.jpg

 

සිය 69 වන ජන්ම දිනය අදට යෙදී තිබෙන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය උපන්දිනය දා විශේෂ ආයාචනයක් මහජනතාවගෙන් ඉල්ලා තිබෙනවා. ඒ අප සැමට හුස්ම ලබාදෙන පිරිසරය ආරක්ෂා කිරීමට දායකත්වය දක්වන ලෙසයි.

සිය උපන්දිනය මෙන්ම ජිවිතයේ සෑම සුබ කටයුත්තකදීම ගසක් රෝපණය කොට අප ජිවත් කරවන පරිසරය සුරකින්න දායකවන්නැයි හිටපු ජනාධිපතිවරයා මෙහිදී ඉල්ලීමක් සිදුකර සිටියා.

ගංජා පදනම් කර ගනිමින් ඖෂධ නිෂ්පාදනය කොට අපනයනය කළහොත් සියලුම අපනයන භාණ්ඩවලට වඩා වැඩි විදේශ විනිමයක් උපයාගැනීමට  හැකිවනු ඇතැයි, පශ්චාත් උපාධි පර්යේෂණාත්මක නිබන්ධනයක් මඟින් පෙන්වාදී තිබෙන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
විස්මයට පත්වන සටන් කලාවක් සහිතව ඉතා ශක්තිමත් ලෙස අධිරාජ්‍ය විරෝධීන්ට එරෙහිව සටන්වැදීමට කංසා භාවිත කළ නිසා බ්‍රිතාන්‍යයන් විසින් ලංකාවේ කංසා භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කළ බව පැවැසූ අමාත්‍යවරයා ලෝකයේ වෙනත් රටවල කංසා ඉතා බහුල අපනයන භාණ්ඩයක් යැයිද පෙන්වා දුන්නේය.

සාම්ප්‍රදායික බටහිර වෙළෙඳපොළ වෙනුවට අප්‍රිකානු මෙන්ම ආසියානු ජාත්‍යන්තර වෙළෙඳපොළ කරා ගමන් කිරීමට මෙරට වෙළෙඳපොළ විවිධාංගීකරණය කළ යුතු යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

අලුත් ලෝකයේ නව තාක්ෂණය සහිතව නවීකරණය වූ අපනයන ක්‍රමයක් සම්බන්ධයෙන් මේ වනවිට අවධානය යොමු කළ යුතු බවද අමාත්‍යවරයා කොළඹ පැවැති වැඩසටහනකට එක්වෙමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

ජපන් මෝටර් රථ දැවැන්තයා වන ටොයෝටා සමාගම පියාඹන මෝටර් රථයක් අද සාර්ථකව අත්හදා බලා තිබෙනවා. ස්කයි ඩ්‍රයිව් (Sky Drive) යනුවෙන් හඳුන්වන මෙම පියාඹන මෝටර් රථය ටෝකියෝ හිදී අද ගුවන් ගත කළේ 2023 වසර වනවිට සම්පුර්ණයෙන් එය ටැක්සි රථයක් ලෙස වෙළඳ පළට හඳුන්වා දීමේ අටියෙන්. අද ගුවන් ගතකල ආදර්ශ මොඩලය හඳුන්වන්නේ SD -03 යන නමින්.

මුලින් ඇමෙරිකා ජපන් ඒකාබද්ධ ව්‍යාපෘතියක් වූ මෙම ගුවන් කාර් වැඩ පිළිවෙල සාර්ථකව යම් යම් අවස්ථාවල අත්හදා බැලීම් වලට ලක් කර තිබුනද එම ව්‍යාපෘතියේ වීඩියෝවක් සමාජ ගත කර ඇත්තේ අද ( 29 සිකුරාදා). ඒ ජපානයේ ටොයෝටා සිටි නම් කලාපයේ දී.

තනි පුද්ගලයෙකුට පමණක් ගමන් කල හැකි මෙම ගුවන් මෝටර් කාරය පොළෝ මට්ටමින් අඩි හයක් හතක් පමණ උසකින් ඉහල අහසේ විනාඩි පහක් පමණ දැලින් වටකළ නිශ්චිත අත්හදා බැලීමේ කලාපයක ගමන් කර තිබෙනවා. වැදගත් වන්නේ මේ පියාසර කිරීම සිදුකර ඇත්තේ එක් ගුවන් කාර් නියමුවෙක් ද සහිතව වීමයි.

මේ වනාහි ස්කයි ඩ්‍රයිව් සමාගමේ මුල්ම ගුවන් මෝටර් කාර් අත්හදා බැලීම වන අතර මේ සඳහා පුර්ණ දායකත්වය සපයා ඇත්තේ ටොයෝටා සමාගම. මේ අත්හදා බැලීම 2023 වනවිට අසුන් සහිත වාණිජ කාර් රථයක් මට්ටමට ගෙන ඒමට ටොයෝටා ඔටෝ මොබයිල් සමාගම දැන් සුදානම් වෙනවා.

අධික වාහන තදබදයක් සහිත ටෝකියෝ සහ ඕසකා යන නගර සඳහා ටැක්සි රථයක් ලෙස ඔවුන් මෙය මුලින් ම හඳුන්වා දෙනු ඇති. දැනට මේ රථයට ගමන් කල හැක්කේ ඉතාම අඩු වේගයක් යටතේ විනාඩි දහයක් පමණයි. නමුත් ඊළඟ පියවරේ දී ඔවුන් පැයට කිලෝ මීටර් 40ත් 60ත් අතර වේගයක් කරා ගමන් කරනු ඇති බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටොමොහීරෝ ෆුකුසාවා (Tomohiro Fukuzawa) මහතා ප්‍රකාශ කර සිටිනවා.

ඔහුගේ බලාපොරොත්තුව වන්නේ අධික වාහන තදබදයන් ඇති ලෝකයේ අනෙක් නගර සඳහාත් මේ රථය හඳුන්වා දීමට. 'මේ වර්ගයේ ගුවන් කාර් අත්හදා බැලීම් සියයක් පමණ මේ මොහොතේ පවා ලෝකයේ සෑම තැනම සිදු වෙමින් පැවතුනත් මිනිසෙක් සහිතව ගුවන් මෝටර් රථයක් සාර්ථකව ගුවන්ගත කළේ අපි' යනුවෙන් ඔහු එක්සත් පුවත්පත් (AP) සඳහා අද පැවසුවා.

මේ සාර්ථක අත්හදා බැලීම සමග මිනිසුන් මෙවන් රථයක ආරක්ෂාකාරීව ගමන් කිරීමට කැමති වනු ඇති යන්න ෆුකුසාවා ගේ මතයයි.

ලම්බාකාරව නැත්නම් සිරස් අතට ඉහළට නැංවිය හැකි සහ ගමන් කළ හැකි (vertical take off and landing - VTOL) මේ රථය ගුවන් යානයකින් සහ හෙලිකොප්ටරයකින් වෙනස් වන්නේ ගුවන් ගත කිරීම සහ ගොඩබෑම සඳහා වෙනම ගුවන් තොටුපළක් අවශ්‍ය නොවීම නිසයි. ගුවනින් මෙන්ම මහපාරේ ද දොරින් දොරට ගමන් කල හැකි මේ විශ්ම කර්ම වාහනය දිගින් මීටර් හතරක් සහ උසින් මීටර් දෙකක් වන අතර මෙය නගර ප්‍රවාහනය සඳහා ඉතාම යෝග්‍ය බවට ස්කයි ඩ්‍රයිව් සමාගමේ මත පළ කරනවා.

කෙසේ වුවද යටිතල පහසුකම් සහ ආරක්ෂාව පිළිබද කරුණු මත බොහෝ රටවල් මේ නව නිර්මාණය දෙස සැක සංකා සහිතව බලනු ඇති. එක්සත් ජනපදයේ පවා මෙවන් ව්‍යාපෘති කිහිපයක් අත්හදා බලමින් පැවතුනද ඒ සඳහා පුර්ණ අනුමැතිය තවමත් හිමිවී නැහැ.

කෙසේ වුවද ටොයෝටා අනුබද්ධ ස්කයි ඩ්‍රයිව් සමාගමේ මේ ව්‍යාපෘතිය ලොව මිනිස් රියදුරෙක් සහිතව ගුවන් ගතකළ ප්‍රථම මෝටර් රථය බවට ඉතිහාස ගත වනු ඇති.

 

 

Page 8 of 22