හදිසි විදුලිය බිද වැටීම මුළු රටටම බලපාන ලද බව දැනට නිකුත් වී ඇති වාර්තා දක්වයි. මහජන උපයෝ්ගීතා කොමිසම වහාම සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉල්ලා තිබේ. විදුලිය බල අමාත්‍යංශයේ රාජකාරි භාර ගත් අලූත් ආණ්ඩුවේ අමාත්‍යවරයා ඉක්මන් වාර්තාවක් සහ පැහැදිලි අනාවරණයක් කරන සේ අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දී ඇත. විදුලිය රහිත කාලසීමාව තුළ අතුරු ප‍්‍රශ්න ද පැනනැගිණ. ජල සම්පාදන මණ්ඩලයේ පොම්ප අක‍්‍රිය වූ අතර එය නාගරික ජනතාවට ගැටළු ඇති කළේය. වාහන සංඥා ආලෝක පද්ධති අක‍්‍රීයවීමෙන් මහා මාර්ගවල තත්ත්වය නරක අතට හැරිණි. රෝහල් වල විදුලිය ජනක යන්ත‍්‍ර ක‍්‍රියාත්මක වූ නමුත් සම්පූර්ණ අවශ්‍යතා ආවරණය නොකෙරිණි.
විදුලිය ජනක යන්ත‍්‍ර රහිත කාර්යාල, වැඩ පොල අපහසු තැන් බවට පත් වී තිබුණි. මහල් නිවාස වල තත්ත්වය තවත් දුෂ්කර වූ අතර වායු සමීකරණ රහිත හා විුලිය සෝපාන සම්පූර්ණයෙන් කි‍්‍රයාත්මක නොවන ස්වභාවයක් පැවැතිණ. අනපේක්ෂිත හදිසි තත්ත්වයක් බව තේරුම් ගත හැකිය. විදුලිය බලවත් අව්‍යශතාවයක් වන අතර නියමානුකූලව පවත්වාගෙන යන්නට ඇති උවමනාව මෙම සිදුවීමෙන් නැවතත් තහවුරු කරන ලද බව දැක්විය යුතුය.


පද්ධති දෝෂ ගැන අවධානයක සිටීම වැදගත්ය
අගෝස්තු 17 ඊයේ දහවල් 12.30 ට පමණ රට පුරා විදුලිය ඇනහිටියේය. සමහර පලාත් වලට පැය කිහිපයකින් විදුලිය ලැබුණ නමුත් සමස්ථ රටට සම්පූර්ණ විදුලිය බලය ලැබෙනවිට පැය අටකට වඩා කාලයක් ගත වී තිබුණි. 2016 වසරේ මාර්තු මාසයේ දී ද මෙවැනි කටුක අත්දැකීමකට මුහුණ දෙන්නට සිදුවිය. මණ්ඩලයට සම්බන්ධ තොරතුරු දක්වන අන්දමට විදුලිය බි`දවැටීමට හේතුව කෙරවලපිටිය ග‍්‍රිඞ් උප පොලට සම්බන්ධ ප‍්‍රශ්නයකි. නොරොච්චෝල විදුලිය බලාගාරයෙන් සැපයෙන මෙගා වොට් 900 ක සහ කෙළවරපිටිය බලාගාරයෙන් ජනනය කෙරෙන මෙගාවොට් 300 ක් සමස්ථ පද්ධතියට එකතු කරන්නේ එම ස්ථානයෙන්ය. කිසියම් දෝෂයක් නිසා මෙගා වොට් 1,200 ක හදිසි බි`ද වැටීමක් සිදුවී ඇති අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් රට තුළ තිබුණ ඉල්ලූම පාලනය කරගත නොහැකි වී තිබේ. ජල විදුලිය හා අනෙක් තාප විදුලිය මධ්‍යස්ථාන වලින් කඩින් කඩ ඉල්ලූම සපයන අතර සමස්ථ පද්ධතියම පණ ගන්වන්නට සමත්වූයේ බලාගාර වල දෝෂ පිලිසකර කිරීමෙන් අනතුරුවය.
රටට අවශ්‍ය කරන විදුලිය සම්පූර්ණයෙන් උත්පාදනය නොවන සහ යාන්තම් අරපිරිමසා ගන්නා තත්ත්වයක් තුළ මෙවැනි දේ සිදුවිය හැකිය. ඉදිරියේය දී පවා හදිසි බි`දවැටීම් වලක්වා ගැනීමට නම් හදිසි අවස්ථාවක ප‍්‍රයෝජනයට ගත හැකි ආපදා විදුලිය ජනන පද්ධතියක් රටට අවශ්‍යය. සියළුම බලාගාර පැය විසි හතරම වසරපුරා කිසිම නතර කිරීමක් රහිතව වැඩ කරන විට ප‍්‍රශ්න මතුවෙයි. රටට අවශ්‍ය සැලැස්මකි. වසරකටට සියයට 7-10 අතර ඉල්ලූම ඉහළ යයි. එම පසුබිම ගණනය කර අවශ්‍ය තරමට විදුලිය සූදානම් කරගැනීම වගකිව යුතු අංශවල අවධානය යොමු විය යුතුය. එය විශාල ආයෝජනයක් වන අතර විදුලිය උත්පාදනය, බෙදා හැරීම හා අලෙවිය සම්බන්ධ ඒකාධිකාරයකින් නොපිරිහෙලා ඉටු කළ නොහැකි වගකීමක් බව දැක්වෙයි.


සූර්ය විදුලියෙන් ද ප‍්‍රයෝජනයක් නොවන තැනට පත්වීම
විදුලිය විසන්ධි වූ මහ දවල් සූර්ය කෝෂ විදුලියෙන් ද පලක් වූයේ නැත. සාමාන්‍ය ජනතාව ණය පදනමකින් සිය නිවාස වල සුර්ය කෝෂ පද්ධති සවි කළේය. ආසියානු සංවර්ධන බැංකුව සහන ණයක් වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන පනහක් රජයට ප‍්‍රදානය කළ අතර එය සියයට අටක පොලී අනුපාතයක් යටතේ ගෘහස්ථ සූර්ය කෝෂ සැපයුමට යෙදවීය. ආසියානු සංවර්ධන බැංකුව දක්වන පරිදි මෙම ණය ව්‍යාපෘතියට තවත් ඇමරිකානු ඩොලර් මිලියන පනහක් යොදවන්නට සූදානම්ය.
ගෘහස්ථ සූර්ය කෝෂ වලට අමතරව මහා පරිමාන සූර්ය තාපබලාගාර ඉදිකරනන යෝජනාවක් ද තිබේ. වාර්තා දක්වන අන්දමට සැපයුම්කරුවන් 250 ක් ව්‍යාපෘති ඉදිරිපත් කර ඇත. ඔවුන්ගේ වියදමෙන් විදුලිය නිපදවා රටට සපයන අදහස ඇතිව සිටී. එහෙත් තාක්ෂණික ප‍්‍රශ්න හෙයින් මෙම ආයෝජන වලට තවමත් ස්ථිර අනුමැතියක් නැත.
විදුලිය රහිත අවස්ථාවල නිවසේ සවිකළ සූර්ය කෝෂ ප‍්‍රයෝජනයට ගැනීමට නොහැකි මන්ද යන ප‍්‍රශ්නය ගෘහස්ථ පාරිභෝගිකයන්ට තිබේ. දැනට පවතින තාක්ෂණය අනුව ගෘහස්ථව නිපදවන විදුලිය පද්ධතියට එකතු කළ හැකි විදුලිය පවතින අවස්ථාවක පමණි. නඩත්තු කටයුතු හෝ බි`ද වැටීමක් සිදුවන අවස්ථාවක නිවසේ ජනනය කරන සූර්ය කෝෂ විදුලිය තමන්ගේ ප‍්‍රයෝජනයට ගැනීමට පුලූවන්කමක් නැත. එවැනි පියවරක් අනුගමනය කළ යුතු පාරිභෝගිකයන් වෙතොත් කෙලින්ම සූර්ය විදුලිය නිවසේ පරිහරණයට යොදවා ගත යුතු අතර රාත‍්‍රී කාලය ස`දහා බැටරි පද්ධතියක සහාය ගත යුතුය. දැනට නිවසක සම්පූර්ණ අවශ්‍යතා ස`දහා බැටරි පද්ධතියක් යෙදවීමේ දී විශාල පිරිවැයක් දරන්නට සිදුවන අතර අවශ්‍ය බැටරිය ද විශාල එකකි.
බිල්ගේට්ස්, ජෙෆ් බිසෝස්, අලි බාබා සහ මාක් සුකර්බර්ග් ඇතුළු ලෝකයේ ප‍්‍රමුඛ ධනවතුන් ගේ පරිත්‍යාග වලින් වැඩි දියුණු බැටරියක් නිපදවන පර්යේෂණ අරඹා ඇති අතර එය සාර්ථක වුවහොත් ජාතික විදුලිය පද්ධතියෙන් මිදී සම්පූර්ණයෙන්ම තමන්ටම විදුලිය නිපදවා ගබඩා කරගත හැකි ක‍්‍රමයක් අනාගතයේ දී ඇතිවනු නිසැකය.


රටට අවශ්‍ය විදුලිය පසුරා ගැනීම බලවත් අභියෝගයකි
විදුලිය බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා පසුගිය දා පුවත්පත් සාකච්ඡුාවක් පවත්වන ලද අතර එහි දී අනාවරණය කළ කරුණු වැදගත්ය. පසුියවසර පහ තුළ විදුලිය නිෂ්පාදනයට අලූතින් කිසිම පියවරක් ගෙන නැත. නොරොච්චෝල දෙවැනි අදියර හා තවත් ගල් අ`ගුරු බලාගාරයක් වශයෙන් සෑහෙන යෝජනා තිබුණි. වසර 2045 දක්වා විදුලිය අවශ්‍යතා ගණනය කරන ලද අතර ඒවා වෙනුවෙන් අලූත් බලාගාර සැලස්මක් අනුමත කරන ලද නමුත් බල ගැන්වූයේ නැත. ඉන්දීය ආධාර මත ගල් අ`ගුරු බලාගාරයක් ඉදිකරන යෝජනාවක් තිබුණ අතර පසුව එය ද්‍රව ගෑස් බවට හරවන සේ හිටපු ජනාධිපතිවරයා ඉන්දීය අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කළේය. ඉදිකිරීම් ආරම්භ කරන ලද මට්ටමේ තිබුණ එය සහමුලින්ම නැවත සැලසුම් කරන්නට සිදුවූ අතර අවුරුදු පහකින් අලූතින් යමක් සිදු නොවී රටක් ආලෝකවත් කරන්නේ කෙසේ ද යන්න ප‍්‍රශ්නයකි.
විදුලිය බල මණ්ඩලය දක්වන ලද පරිදි ඉදිරියේ ඉක්මනින් තීරණ ගත යුතුව තිබේ. විදුලිය අවශ්‍යතා සම්පූර්ණ කරගත නොහැකිවුවහොත් ඉල්ලූම සැපයිය නොහැකිය. ආයෝජනයට අවශ්‍ය අති විශාල මුදල සොයා ගැනීමට පියවර ගත යුතුය. දැනට කරගෙන යන ව්‍යාපෘති අතර ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර සහිත මන්නාරම සුලං බලාගාරය ප‍්‍රධානය. එයින් ජනනය කරනු ඇති විදුලිය ප‍්‍රමාණය මෙගාවොට් 100 කි. උමා ඔය මගින් තවත් මෙගාවොට් 120 ක් සහ බොරලන්ද බලාගාරයෙන් මො වොට් 35 ක් අනාගතයේ දී ලැබෙනු ඇත. මොරගල්ල ජලාශයෙන් 2021 දී අවස්ථාවක් ලැබෙනු ඇති බව ස`දහන්ය. මේවා ප‍්‍රමාණවත් නැත. කොළඹ නගරය හා සමාන ප‍්‍රදේශයක් පෝට් සිටි මගින් හැදේ. එහි මහල් නිවාස හා වෙනත් අවශ්‍යතා වෙනුවෙන් සෑහෙන විදුලියක් අවශ්‍යය. රට පුරා ජනතාව විදුලිය උඵකරණ භාවිතය වැඩි කළහොත් පරිභෝජනය ඉහළයයි. එය අපේක්ෂා කළ යුතු තත්ත්වයකි. නොරොච්චෝල බලාගාරයේ තවත් අදියරක් 2023 දී විවෘත කරනු ඇති අතර එයින් ලැබෙන විදුලිය ප‍්‍රමාණය මෙගවොට් 300 ක් බව දැක්වෙයි.
විදුලිය බල මණ්ඩලයේ යෝජනා අනුව 2018-37 කාලය තුළ අලූත් විදුලිය නිපදවන යෝජනා ක‍්‍රම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 14 ක් යෙදවිය යුතුය. එය අති විශාල මුදලකි.


සංවර්ධනය පමණක් නොව පාඩුව ද අවම කරන මග
නිසි කලට විදුලිය නිපදවන සැලසුම් ක‍්‍රියාවට නැංවීම අපොහොසත්වීමෙන් රට පත්ව ඇති ස්වභාවය ගැඹුරින් තක්සේරු කළ යුතුය. මෙරට විදුලිය පරිභෝජනයෙන් සියයට තිස් හතරක් සාමාන්‍ය පාර්භෝගිකයෝය. සියයට විසි නමයක් කර්මාන්ත අංශයයි. අනෙක් වැදගත් අංශ තවත් සියයට විසි එකක් භාවිතා කරන අතර සියයට දහසයක ප‍්‍රතිශතයක් රජයේ ආයතන, ආගමික ස්ථාන හා සංචාරක කර්මාන්තයට අදාල අංශ ප‍්‍රයෝජනයට ගන්නා බව සැලකේ. මෙම සියළු දෙනා වෙනුවෙන් අනාගත විදුලි අවශ්‍යතා සුරක්ෂිත කළ යුතුය.
කොවිඞ් වසංගතය නිසා රට තුළ තිබුණ ස්වභාවය සලකා විදුලිය බිල වෙනුවෙන් ජනතාවට සහනයක් ප‍්‍රකාශයට පත් කළේය. එයට වැඩ වන මුදල රු. මිලියන 3000 ක් බව දැක්වෙයි. එහෙත් මණ්ඩලය මෙම වසරේ අපේක්ෂා කරන අලාභය රු. බිලියන 15 කි. පසුගිය වසරේ අලාභය රු. බිලියන 85 ක් බව දැක්විණ. මෙම පාඩු පියවන්නේ කෙසේද? ජනතාවය සහන දෙන බව දක්වන ආණ්ඩුව අනෙක් පැත්තෙන් මෙම පාඩු පියැවීම සදහා විශාල වශයෙන් සෘජු හා වක‍්‍ර බදු පනවයි. අලූතින් හිතන්නට අවශ්‍යය. පාඩු වලකන ක‍්‍රියා මාර්ග වලට යා යුතුය. විදුලිය අඩු ගාස්තුවක් ගෙවන නමුත් අත යටින් වැඩි බදු ගෙවන රටක් ජනතාවගේ ප‍්‍රාර්ථනාව නොවේ. එම බදු බර ඉවසන අතර දෛනික විදුලිය සැපයුම ද නිසි පරිදි පවත්වාගෙන යන්නට අපෙෙහොසත්වීම ප‍්‍රශ්නයකි. බරපතල විදුලිය බි`ද වැටීම එකකි. නමුත් සෑම පාරිභෝගිකයෙකුටම තිබෙන අත්දැකීම් අනුව නිරන්තරව සිදුවන හදිසි බි`දවැටීම් හිරිහැරයකි. වැඩපොලක්, කර්මාන්ත ශාලාවක පවත්වාගෙ යන ව්‍යවසායකයෙකුට සතියකට දෙතුන් වතාවක් පැය ගණන් විදුලිය විසන්ධිවන අවස්ථා ගැන ඇතැම් ප‍්‍රදේශවල වාර්තා වෙයි. එයට අමතරව නඩත්තු කටයුතු ස`දහා අත්හැටුවන නිවේදන ද දක්වයි. මේවා ගැන තදින් හිතන්නට අවශ්‍යය. විදුලිය බල මණ්ඩලය සිය දෛනික අවශ්‍යතා වෙනුවෙන් බැංකු වලින් ණය ගන්නා අතර ඒ වෙනුවෙන් ගෙවන පොලිය අති විශාලය. ඒවා ද පොදු ජනතාව වෙත පැටවෙන වන්දියකි.
මෙම පැති ගැන අලූතින් හිතනිනට අලූත් ආණ්ඩුවට වගකීමක් තිබේ. ලෝකයේ බලශක්ති වෙනස්කම් අධ්‍යයනය කළ යුතුය. බුද්ධිමතුන් කැ`දවා නිසි ක‍්‍රියාමාර්ග ගැන උපදෙස් ගත හැකිය. නියම ව්‍යුහයක් ඇති කර බලශක්තිය නිපදවන හා බෙදාහැරීම ගැන සම්පූර්ණ සමාලෝචනයක් කළ යුතුය. නියාමන අධිකාරියට ද වගකීමක් තිබේ. දින තුනකින් වාර්තා කැ`දවන නමුත් දෙන තීන්දුව කුමක්ද? 2016 වසරේ මාර්තු මාසයේ දී රට පුරා විදුලිය ඇන හිටියේය. සෑහෙන කාලයක් පැය ගණන් විදුලිය කප්පාදුවක් සිදුවිය. බලය ඇති නියාමන කොමිසම නිදහසට අහන කරුණු අවසානයේ දෙන තීන්දුව ජනතාවට පැහැදිලි නැත.

ශාමින්ද වත්තේගෙදර මව්බිම පුවත්පතට ලියූ ලිපියක් ඇසුරෙන් 

2020-08-10 
කොරෝනා වෛරසයට එරෙහිව ලොව පළමු එන්නත සෑදීමට සිය රට සමත්ව ඇති බව ශ්‍රී ලංකාවේ පිහිටි රුසියානු තානාපති කාර්යාලය ටුවිටර් පණිවිඩයක් තබමින් සදහන් කරයි.

සන්නස අප මීට පෙර වාර්තාකළ ඔක්ස්ෆර්ඩ් සරසවිය මගින් නිපදවූ එන්නත තවමත් රෝගී පුද්ගලයින්ට ලබාදීමට කටයුතු  නොකරන නමුත් රුසියාව නිෂ්පාදනය කරන මෙම එන්නත රෝගීන් සඳහා ලබාදීම අරඹා තිබේ.

රුසියානු නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ඔලෙග් ග්‍රිඩ්නෙව් ප්‍රකාශ කර සිටියේ මොස්කව් හි Gamelei මධ්‍යස්ථානයට නව කොරෝනා වෛරසයට එරෙහිව නිපදවූ ලොව පළමු එන්නත මෙම මස 12 වෙනිදා ලියාපදිංචි කිරිමට හැකියාව ඇති බවයි.

නිෂ්පාදනය කළ එම එන්නත රටේ සෞඛ්‍ය අංශ නිලධාරින් සහ වැඩිහිටියන් හට පළමුව ලබා දීමට අදහස් කර ඇති බවද නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත.

මෙම එන්නතේ පළමු සායනික පරික්ෂාව ඉකුත් ජුනි මස 18 වෙනිදා මොස්කව් සෙකෙනොව් විශ්ව විද්‍යාලයේදී ආරම්භ කෙරුණා. ඒ සඳහා ස්වෙච්ජාවෙන් පුද්ගලයින් 38 දෙනෙකු එක්වූ අතර ඔවුන් සියලු දෙනාම වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණය වර්ධනය කළ බවයි රුසියානු බලධාරින් සඳහන් කරයි.

කොරෝනා වෛරසයට එරෙහිව ලොව පළමු එන්නත නිපදවීමට රුසියාව සමත්වීම සම්බන්ධයෙන් ලොව බටහිර රටවල් පුදුමයට පත්ව ඇති බවත්, රුසියාව ගතවු 20 වසරක කාලයේදී වෛරස් සම්ප්‍රේෂණය වන ආකාරය සම්බන්ධයෙන් හඳුනා ගැනීමේ අධ්‍යනයක නිරතවීම නිසා මෙහිදී වඩා පහසුවක් ඇතිවූ බව ජේෂ්ඨ විද්‍යාඥයෙකු වන වඩීම් ටාරසෝව් එරට මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද – 6,853,693 | ආසන 128
  • සමගි ජන බලවේගය – 2,771,984 | ආසන 47
  • ඉලංගෙයි තමිල් අරසු කච්චි – 327,168 | ආසන 9
  • ජාතික ජන බලවේගය – 445,958 | ආසන 2
  • EPDP – 61,464 | ආසන 2
  • AITC – 67,766 | ආසන 1
  • TMVP – 67,692 | ආසන 1
  • SLFP – 66,579 | ආසන 1
  • MNA – 55,981 | ආසන 1
  • TMTK – 51,301 | ආසන 1
  • ACMC – 43,319 | ආසන 1
  • NC – 39,272 | ආසන 1
  • SLMC – 34,428 | ආසන 1

02.jpg01.jpg02.jpg


- රාත්‍රී ආහාරය දෙන්නේ සවස දෙකයි තිහට
- කාන්තා බන්ධනාගාරයට ආහාර සකසන්නේ පිරිමි සිරකරුවන්
- බරපතළ වැඩ සහිත සිරකරුවකුගේ රාත්‍රී ආහාරය ලුණුයි - බතුයි පමණයි
- එළවළු කපන්නේ තුඩක් නැති පිහිවලින්

හිරේ ඉන්න හැම කෙනාම අපරාධකාරයෝ නොවේ. නියම අපරාධකාරයෝ ඉන්නේ හිරේමත් නොවේ. කොහොම වුණත් අපරාධකාරයෙක් කියන්නේ මුළු මහත් සමාජයක වැරදී ගොන්නක එකතුවක්. කරපින්නාගෙන ආව කරුම ගෙවලම ඉවර කරන්න වෙන ජීවිතේ කවුරු වුවත් කළේ වරදක් නම් දඬුවම යනු විඳින්නම වෙන අත්දැකීමකි. එහෙත් චූදිතයා වී සිටින්නේ වින්දිතයෙක් නම් එය ඛේදවාචකයකි.

ඉරිදා ලංකාදීප අප අද ඔබ කැඳවාගෙන යන්න හිතුවා මෙන්න මේ වැරදි කරපු නොකරපු අය සිරකර සිටින වැලිකඩ බන්ධනාගාරයට.

ඒ තවත් අපරාධයක සුලමුල සොයන්නට හෝ අපරාධකරුවෙක් ගැන කියන්න නම් නොවේ අද යන්නේ වැලිකඩ බන්ධනාගාරයේ කුස්සියටය.

අපි සිරකාරයින්ට බෙදෙන හිරබත් හැදෙන හැටි බලමු.
මේ වැලිකඩ බන්ධනාගාරය 1841 වසරේදී බ්‍රිතාන්‍ය රජයේ කැමරුන් (Cameron) ආණ්ඩුකාරවරයා යටතේ ඉදිකරනු ලැබූවකි. ශ්‍රී ලංකාවේ තිබෙන විශාලතම සහ උපරිම ආරක්ෂාව සහිත බන්ධනාගාරය වන වැලිකඩ බන්ධනාගාරය අක්කර 48 භුමියක ගැවසී ගත්තකි.114.jpg

වැලිකඩ බන්ධනාගාරයේ ගොඩනැගිලි ඇමරිකා පෙන්සිල්වේනියා (PENNSYLVANIA) ප්‍රාන්තයේ චල්නට් වීදියේ හිරගෙදර ආකෘතියක් බව වැලිකඩ පිළිබඳ ඉතිහාස තොරතුරුවල සඳහන්ය.
1959 වර්ෂයේ සිට භාවිතයට නොගන්නා එල්ලු‍ම් ගහකින්ද යුතු වැලිකඩ බන්ධනාගාරයේ මේ වනවිට රැඳවියන් කාන්තා හා පිරිමි ලෙස තුන්දහසකට ආසන්න සංඛ්‍යාවකට පහසුකම් සපයා ඇත. ව්‍යවස්ථාපිත බන්ධනාගාර නීති 222 උපලේඛනයේ සඳහන් ආකාරයට අධිකරණයේදී ලබන සිර අච්චුවේ නිර්දේශ සහ සිරකරුවාගේ සෞඛ්‍ය තත්ත්වය අනුව ඔවුන් කාණ්ඩ ලෙස වෙන් කරනු ලබන අතර ලබාදෙන ආහාර වේලද ඒ අනුව ලබාදීමට බන්ධනාගාර නීති රෙගුලාසි සැකසී ඇත.

සිරකරුවා කාණ්ඩයන් ලෙස ගත්කල සාමාන්‍ය සිරකරු, සැහැල්ලු‍ වැඩ ඇති සිරකරු, බරපතළ වැඩ සහිත සිරකරු, රෝගී සිරකරු, විදේශීය සිරකරු, රිමාන්ඩ් සිරකරු ලෙස වෙන්කොට ඇත.
එසේ කාණ්ඩ කරන ලද සිරකරුවෝ මස් මාළු සහිත සහ රහිත ලෙසද කාණ්ඩ කරනු ලබයි.
සුද්දගේ කාලයේ ආහාර වට්ටෝරුවට අනුව මස්මාළු සහිත සාමාන්‍ය සිරකරුවෙකුට උදේ අාහාර ලෙස පාන් අවුන්ස හයක්, සීනි අවුන්ස 1 තේ අවුන්ස දාසයෙන් එකක් සහ සම්බෝල හැඳි 2 නිර්දේශ කර ඇත. එවැන්නෙකුගේ දිවා ආහාරය ලෙස බත් අවුන්ස අටක් , අළු කෙසෙල් මාළුවක්, වෙනත් මාළුවක් හෝ මැල්ලු‍ම් අවුන්ස එකක්, මාළු අවුන්ස දෙකක් නිර්දේශ කර ඇත.
සෑම සිරකරුවෙකුටම දිවා ආහාරය දහවල් එකොළහමාරට ලබාදෙන අතර රාත්‍රී අාහාරය ඔවුන්ට ලබාදෙනුයේ සවස දෙකයි තිහට පමණය.

සාමාන්‍ය සිරකරුවෙකුට රාත්‍රී ආහාරය ලෙස බත් අවුන්ස හයක් ,මස් අවුන්ස දෙකක්, පරිප්පු අවුන්ස දෙකක් වෙනත් ව්‍යාංජන අවුන්ස තුනක් ලබාදීමට නිර්දේශිතය. සවසට තේ අවුන්ස දාසයෙන් එකක්, සීනි අවුන්සයක් ලබා දීමට නිර්දේශිතය.
කාන්තා බන්ධනාගාරයේ ආහාර ඉවීම නොකරන අතර ඔවුන්ගේ ආහාර සකසන්නේද පිරිමි සිරකරුවන් විසිනි.

මෙහි සඳහන් බරපතළ වැඩ සහිත සිරකරුවන්ට ලබාදෙන ඔවුනට උරුම දඬුවමට අමතරව දඬුවම් ආහාර ක්‍රමයක්ද එකල පැවතිණි. බරපතළ වැඩ සහිත සිරකරුවන්ගේ උදෑසන ආහාර වේල පාන් අවුන්ස හතරක්, සීනි අවුන්ස කාලක්, තේ අවුන්ස දාසයෙන් එකක් සහ සම්බෝල හැඳි දෙකකි.
දිවා ආහාරයට නිර්දේශය වන්නේ බත් අවුන්ස හයක් සහ ලු‍ණු අවුන්ස කාලකි. (එයට මාළුපිනි කිසිවක් නැත. ලු‍ණුයි බතුයි පමණය)

බරපතළ වැඩ සහිත සිරකරුවෙකුට එකී ලු‍ණුයි බතුයි කෑමේ දඬුවමට යටත් කිරීමට පෙර සිරකරු බන්ධනාගාර වෛද්‍යවරයෙකු වෙත යොමු කරන අතර එහිදී ලු‍ණුයි බතුයි දඬුවම දරා ගැනීමට සිරකරු ශරීර සෞඛ්‍යයෙන් සිටිය යුතු යැයි වෛද්‍යවරයා නිර්දේශ කරයි නම් එතැන් පටන් දඬුවම ක්‍රියාත්මක කිරීම බන්ධනාගාර නිලධාරින් සිදු කරනු ලබයි. බරපතළ වැඩ සහිත සිරකරුවෙකුගේ රාත්‍රී ආහාරයද ලු‍ණුයි බතුයි පමණය. සුද්දගේ කාලයේ ඉදි වූ දුම්රිය මාර්ග සඳහා අවශ්‍ය කළුගල් කැබලි කිරීම මෙකී බරපතළ වැඩ සහිත සිරකරුවන්ට එකල පැවරුණ බරපතළ දඬුවමය.
මෙකී ලු‍ණුයි බතුයි දඬුවම් ආහාරය ක්‍රමය එකී සිරකරුවන්ට එකල ක්‍රියාත්මකව පැවතුණි.
එමෙන්ම සැහැල්ලු‍ වැඩ සහිත සිරකරුවන්ටද සාමාන්‍ය සිරකරුවෙකුට මෙන් දිවා ආහාරයට මාළු ලබා නොදෙන අතර රාත්‍රී ආහාර වේල සමග මාළු අවුන්ස තුනක් ලබාදෙනු ලබයි.
මෙහි තවත් විශේෂ ආහාර වේලක් ලබා දෙන තවත් සිර කාණ්ඩයක් නම් බන්ධනාගාරය තුළ කලහකාරි ලෙස හැසිරුණ පැන යාමට කැරලි ගසන සිරකරුවන්ය. එකල එවැන්නෙකුට දඬුවම් ආහාර ලෙස උදෑසන ආහාරය හුලං විස්කෝතු අවුන්ස දෙකක්, සීනි අවුන්ස බාගයක් සහ තේ අවුන්ස දාසයෙන් එකක්ද, දිවා ආහාරය ලෙස හුලං විස්කෝතු අවුන්ස දෙකක්, සව්හාල් අවුන්ස දෙකක්, කිරි අවුන්ස හයක්, සීනි අවුන්ස බාගයක් ලෙසය.
සිරකරුවන්ගේ හැඟීම් දැනවීමට උරදෙන හෝමෝන පාලනය වීම සඳහා ඔවුන්ට අළු කෙසෙල් දිවා ආහාරයට ලබාදීම සතියට දින තුනකට හෝ නොවැඩි වාර ගණනක් ලබා දීමට නිර්දේශ කර ඇත. අළු කෙසෙල් නොදෙන දිනයන්හිදී ගෝවා, බණ්ඩක්කා, මුරුංගා, තක්කාලි, පතෝල, කරවිල, බීට් රූට්, ඉන්නල, බෝංචි, කිරිඅල යන එළවළු වර්ගයන්ගෙන් එකක් ලබාදිය හැක.

බන්ධනාගාර නීතිවලට අනුව විවිධ රෝගී සිරකරුවන් සඳහා වූ ආහාර වේල වරින් වර වෙනස් වන අතර එකී ආහාර වෛද්‍ය නිලධාරියා විසින් ලියවිල්ලකින් දෙනු ලැබුවද බන්ධනාගාර අධිකාරිය විසින් අනුමත කරනු ලබන උපදෙස් අනුව කළ යුතුය. බන්ධනාගාර පනතට අනුව එළවළු, පලා, අල ලෙස නිර්දේශිත වට්ටෝරුවක් ඇත. එකී වට්ටෝරුවට පිටින් කිසිදු එළවළුවක් ආහාර ලෙස සිරකරුවන්ට ලබාදීම තහනම්ය.
නිර්දේශිත එළවළු වනුයේ මුරුංගා කොළ, ගොටුකොළ, මුකුණුවැන්න, තම්පලා, නිවිති, කතුරු මුරුංගා, කංකුං, කොහිල දලු‍, සාරණ, ගෝවා, වම්බටු, බණ්ඩක්කා, මෑ කරල්, මුරුංගා, පතෝල, වට්ටක්කා, කරවිල, තක්කාලි, අළුකෙසෙල්, අර්තාපල්, බතල, ඉන්නල, වැල් අල, මඤ්ඤොක්කා, කිරි අල, රටඅල, කොස්, බීට්රූට් අල, බටර් බෝංචි, ලීක්ස් යනාදියයි.
එකී එළවළු සිරකරුවන්ට ලබාදීමේදී කාලගුණික තත්ත්වය ගැනද සලකා බැලිය යුතුය. ශීත කාලගුණික තත්ත්වයකදී පුහුල්, වට්ටක්කා වැනි එළවළු පිට පිට සිරකරුවන්ට ලබා දීම නොකරන අතර නීති රෙගුලාසිවලට අනුව නිර්දේශ මත කාලගුණයට අනුව එය සිදුවන්නකි.

විදේශීය සිරකරුවන්ටද සාමාන්‍ය සිරකරු ආහාර වේල අච්චුවේ ස්වභාවය අනුව සැකසෙන අතර වෛද්‍ය නිර්දේශයන්ට අනුව තැම්බූ එළවළු දෙනු ලබයි. වර්තමානයේ බන්ධනාගාරය වෙත ආහාර සැපයීම ටෙන්ඩර් පටිපාටියකට අනුව සිදු වන්නකි. එහිදී සැපයුම්කරුටද නීති රෙගුලාසි පැනවී ඇත. සැපයුම්කරු විසින් බන්ධනාගාරයට මාළු ලබාදීම සතියකට හතර වතාවක් පමණ සිදුකරන අතර බොහෝ විට බොකු බඩවැල්, වරල්, කරමල් ඉවත් කර තලපත්, කෙළවල්ලා, බලයා වැනි මාළු ලබා දිය යුතුය.
අයිස් රහිත අලු‍ත් මාළු කොන්ත්‍රාත්කරු විසින් බන්ධනාගාරයට ලබා දිය යුතු අතර යම් හෙයකින් ශීත කළ මාළු ලබා දෙන්නේ නම් එහි අයිස් දියවී තිබිය යුතුය.
එසේ ලබාදෙන මාළු කැබලි කිරීමේදී ඉවත් කෙරෙන බොකු බඩවැල්, වරල්, කරමල්ද නැවත කිරා මැන බලා එකී බරට සෑහෙන මාළු ප්‍රමාණයක් කොන්ත්‍රාත්කරු විසින් ලබා දිය යුතුය.
එමෙන්ම එක් හිර ගෙයකින් තවත් හිර ගෙදරකට සිරකරුවෙක් රැගෙන යාමේ අතරමගදී දිවා ආහාර වේලාව උදාවන්නේ නම් සැපයුම්කරු විසින් පිරිමසාගත හැකි පිසූ ආහාරයක් එසේ රැගෙන යන සිරකරුට ලබාදිය යුතුය.
ගමනාන්තය සවස දක්වා දිගු වන්නේ නම් එක් සිරකරුවෙකුට පාන් අවුන්ස 10, ඉදුණු කෙසෙල් දෙකක්, මිරිස් සම්බෝලයක් වන ලෙස කොන්ත්‍රාත්කරු විසින් ලබා දිය යුතුය.
එදිනෙදා අවශ්‍ය කරන ආහාර ආහාර ලේඛන තබන්නා විසින් බන්ධනාගාරයෙන් පිටව යෑමට පෙර ආහාර ලේඛනයන් වන 24 වැනි බන්ධනාගාර පෝරමය සහ 46 වැනි පෝර්මය පිරවිය යුතුය.
සලාක ලබාගැනීමේ කාර්යය අධිකාරිවරයාගේ අනුමැතිය යටතේ ජේලර් කෙනෙකු හෝ අදාළ නිලධාරියෙකු විසින් සිදුකරනු ලබන්නකි.
සලාක කාමරය පිහිටා ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන පිවිසුම් දොරටුවේ වම් පසට වන්නටය. එහිදී කිරුම් මැණුම් කරමින් නිකුත් කරන වියළි සලාක මුළුතැන්ගෙය වෙත රැගෙන යාම සිරකරුවන් කිහිපදෙනෙකු සිදුකරනු ලබන්නකි.115.jpg

බන්ධනාගාර මුළුතැන්ගෙය පිහිටා ඇත්තේද ප්‍රධාන දොරටුවට ආසන්නවය. විශාලත්වයෙන් පර්චස් විස්සක පමණ භුමියක පැතිරගත් මුළුතැන් ගෙය සඳහා යොදවා සිටින සිරකරුවන් ප්‍රමාණය දෙසීයකට ආසන්නය.
බන්ධනාගාරයේ විවිධ කාර්යයන් සඳහා යොදවා ඇති කණ්ඩායම් හඳුන්වන්නේ ‘පාටි’ යන නාමයෙනි. උදාහරණයක් ලෙස ගතහොත් වඩු කර්මාන්තයේ නියැළෙන කණ්ඩායම වඩු පාටිය ලෙසත්, වේවැල් කර්මාන්තයේ නියැළෙන කණ්ඩායම වේවැල් පාටිය ලෙසත් හඳුන්වති.
ඒ ආකාරයට මුළුතැන්ගෙයට යොමුකර ඇති කණ්ඩායම කුස්සි පාටිය ලෙස හඳුන්වන අතර එකී සිරකරුවන්ට පැවරුණ රාජකාරි ඇත.
සිර කුස්සියේ ළිප් නැත. ඒ වෙනුවට ඇත්තේ බොයිලේරු වාෂ්පයෙන් ක්‍රියාත්මක වන ස්ටීමර් පමණි. කුස්සියේ එක් පසෙක කුඩා කුටියක ක්‍රියාත්මක වන බොයිලේරුවලින් නිකුත්වන වාෂ්ප ගැල්වනයිස් නළ මාර්ග ඔස්සේ කල්දේරම් වෙත බලය සපයයි.

දිනකට දැවි තෙල් ලීටර් හාරදහසක් පමණ බොයිලේරුවට යෙදිය යුතුය. එක වර කිලෝ පනහක් පිසගත හැකි කල්දේරම් අටකින් සමන්විත ස්ටීමර් පද්ධතියේ දිනකට පිසෙන හාල් ප්‍රමාණය කිලෝ දාහකට ආසන්නය. දිනපතා සිරකරුවන් බන්ධනාගාර ගතවීම්, නිදහස ලැබීම් යන ක්‍රියාවලිය හේතුවෙන් නිශ්චිත සහල් කිලෝ ප්‍රමාණයක් දිනපතා ගණනය කර ගැනීම දුෂ්කර ය. 113.jpg
සියලු‍ම ආහාර ස්ටීම් කල්දේරම්වල පිස ගැනීම සිදු කරන අතර එකී කල්දේරම් සුද්ද පවිත්‍ර කරනුයේද කල්දේරම් නළ මාර්ගයට සවි කොට තිබියදීමය.
කුස්සි පාටියේ එක් එක් කණ්ඩායම් එළවඞ් කැපීම, එළවළු සේදීම, තුනපහ සෑදීමට, බත් ඉවීමට, මාළු කැපීම යනාදී වශයෙන් වැඩෙහි යොදවා ඇත. තෙල් ආහාරයන්ට මිශ්‍ර කිරීම සිදු කළද බැඳුම් සැකසීම කුස්සියේ සිදුවන්නේ නැත.
උදාහරණයක් ලෙස කරවල බැදුමක් වැනි ආහාර එහි පිසින්නේ නැත. එළවළු කැපීමට භාවිත කෙරෙන පිහියාවලට පිහි තුඩක් නැත. එම පිහිවලින් කිසිවෙකුට බර යොදා පහරදී මාරාන්තික තුවාළ සිදුකිරීමට නොහැක.

එම පිහියා පිහි කෑලි ලෙස හැඳින්වූවාටද වරදක් නැත. බන්ධනාගාර නිලධාරින් පවසන ආකාරයට එම පිහි තල කිසිවෙකුට මාරාන්තික තුවාල සිදු කළ නොහැකි වන ලෙස අවදානම අඩු ලෙස එය නිමවා ඇත.
බර යොදා කැපිය හැකි මන්නා පිහියක් මාළු සහ මස් කැපීම් සඳහා පමණක් යොදවා ඇත.
කුස්සියට වුවමනා තුනපහ සැකසීමද කුස්සියේම වෙන්කොට ඇති කුඩා කුටියක සිදු කරයි. කුඩා තුනපහ බෝතල් එහි නැත. ලිටර් 20 කෑන් කට කපා සැකසු තුනබහ බහාලු‍ම් දැකිය හැක.

111.jpg
කුස්සි පාටියේ වැඩ අධීක්ෂණය සඳහා යොදවා ඇති නිලධාරීන්ට අමතරව එහි පාලන කටයුතු කරන සිරකරුවන්ද නම් කොට ඇත.
ඉවුම් පිහුම් පිළිබඳව යම් දැනුමකින් යුතු ආහාර ඉවීමේ කාර්යයේදී ප්‍රධාන කෝකියා ලෙස කටයුතු කරන ඔහු දිගුකාලීනව අච්චු ලැබූ සිරකරුවන්ගෙන් කෙනෙකි.
බන්ධනාගාර කාන්තා සිර මැදිරියේ මුළුතැන්ගෙයක් හෝ ආහාර පිසීමක් සිදු වන්නේ නැත. ඔවුනට ආහාර සැපයෙන්නේද පිරිමි සිරකරුවන් විසින් පිසින ආහාරයෙනි.
ආහාර පිසීමෙන් අනතුරුව බුද්ධ පූජාවට ආහාර වෙන් කිරීම දින චරියාවේ කොටසකි.
පිසින ලද ආහාරයන්හි සාම්පල් ආහාර ප්‍රධාන ජේලර්වරයාට හෝ බන්ධනාගාර අධිකාරිවරයෙකුට යොමුකර ආහාරවල ගුණාත්මකභාවය ආරක්ෂාව ගැන තහවුරු කරගත යුතුය. එහිදී එම නිලධාරිවරයා එකී ආහාර සාම්පල් ආහාරයට ගනිමින් පරීක්ෂාවට ලක් කළ යුතුය. ඉන්පසු එළඹෙනුයේ ආහාර බෙදාදෙන අවස්ථාවය. බන්ධනාගාරයේ සිර මැදිරි හඳුන්වන්නේ වාට්ටු ලෙසය. එකී වාට්ටුවල සිර කණ්ඩායම් තම වාට්ටුවට අවශ්‍ය ආහාර ගෙනයාම සිදු කරයි. එසේ ගෙන යන ආහාර රැඳවියන් අතරේ බෙදාදෙන්නේද සිරකරුවෙකු විසිනි.
සුද්දගේ කාලේ හිරබත් සංග්‍රහය ඒ ආකාරයෙන් වනවිට අතීතයත් වර්තමානයත් ගත්කල එදා මෙන් අදත් ඒ ආකාරයෙන්ම පවතින්නේ කුමන ආහාර ලයිස්තුවද? අද භාවිතයේ නැති ඉවත් වූ ආහාර වට්ටෝරුව කුමක්ද? අප විමසා සිටියා බන්ධනාගාර බන්ධනාගාර පරිපාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතාගෙන්.
ඇත්තටම ඒ ඉහත කී ආහාර රටාව ගත්තහම බන්ධනාගාරය තුළ පැවති අවුන්ස මිනුම් ක්‍රම ග්රෑම්, ලීටර් ලෙසට පරිවර්තනය වෙමින් ඒ නීති රෙගුලාසිවලටම අනුව ඒ අාකාරයෙන් ක්‍රියාත්මක වෙනවා.
නමුත් අර ලු‍ණුයි බතුයි, හුලන් විස්කෝතු වගේ දඬුවම් ආහාර ක්‍රමය මේ වනවිට ක්‍රියාත්මක වන්නේ නෑ.114.jpg ඒ වෙනුවට සිර දඬුවම් කාලය යම් වැඩි කිරීමක් සිදු කරනව. සුදු ආණ්ඩුකාරවරුන්ගේ කාලයේ වගේ නොවේ මානව හිමිකම් පිළිබඳව වැඩි අවධානයක් වර්තමානයේ යොමුව තිබෙනවා.
ඒ අනුව අප මේ වනවිට ක්‍රියාවට නංවන්නේ සිරකරුවන්ට සැලකීම පිළිබඳව 2015 වසරේ ජාත්‍යන්තරව පිළිගත් මැන්ඩෙලා රීතියයි

බොහොමයක් රටවල මෙන්න මේ (Nelson Mandela Rules) වලට අනුව කටයුතු කරනවා ඒ අනුව දඬුවම් ආහාර ක්‍රමය කිසිසේත්ම ක්‍රියාත්මක නෑ. මෙම සිරකරුවන් ගතින් අපි සිරගත කර සිර ඇඳුමක් අන්දලා දඬුවම් දීලනේ තියෙන්නෙ. ඉතින් ඔවුන්ගෙ සෞඛ්‍ය හොඳින් පවත්වගෙන යන්න නම් ඔවුන්ට හොඳ ආහාර වේලක් ලබාදිය යුතුයි.
ඔවුන් බන්ධනාගාරය ඇතුළේ සිදුකරන වැරදි සම්බන්ධයෙන් වුවත් අප දඬුවම් ආහාරයට යටත් කරන්නේ නෑ. ඒ වෙනුවට කරන්නෙ දඬුවම් කාලය වැඩි කරන එකයි. බන්ධනාගාර නීතියට අනුව අනෙකුත් ආහාර සියල්ල ඒ ආකාරයෙන් ක්‍රියාත්මකයි. ඒ වගේම ඉරිදට අප කහබත්, පරිප්පු, බටු ව්‍යාංජනයක්, චිකන් කරියක්, පපඩම් ලෙස විශේෂිත කෑම වේලක් ලබාදෙනවා. ඊට අමතරව විශේෂ අවස්ථාවන්හීදී කිරිබත්, කට්ට සම්බල් එක්ක කෙසෙල් ඔවුන්ට ලබා දෙනවා.

බන්ධනාගාරයේ වෛද්‍ය නිර්දේශයන්ට අනුව යම් රෝගී තත්ත්වයකින් පෙළෙන අයෙක් වේ නම් ඔහුගේ රෝගී තත්ත්වයෙන් මිදීම සළස්වන සෞඛ්‍යාරක්ෂිත ආහාර වේලක් ලබා දෙනවා.
උදාහරණයන් ලෙස තැම්බූ එළවළු, රතුහාලේ බත්, හයිප්‍ර්‍රෝටීන් අවශ්‍ය අයට එම අවශ්‍යතාවට සරිලන ප්‍රෝටීන් බහුල ආහාර මෙහි සැපයෙනවා.
බොහොමයත් වෙලාවට ‘සිරකරුවෝද මනුෂ්‍යයෝය’ යන මානුෂීය හැඟීමෙන් යුතුව අප මෙහි කටයුතු කරනවා.
ඒ වගේම සිංහල අවුරුදු, ජනේරු, හජ්ජි, තෛපොංගල්, නත්තල් වැනි අවුරුදු දිනයන්හිදී සිරකරුවන්ගේ නිවෙස්වලින් ආහාර ගෙන්වා ගැනීමට අවස්ථාව සලසාදෙනවා වගේම එදිනට අපගේ මුළුතැන්ගෙයිත් අප වෙනසක් කරනවා.

ඒ වගේම ඔවුන්ගේ ජීවිත දෝලනය වන අපරාධ සහ ජාවාරම් චක්‍රයෙන් මුදවා ගැන්මට අවශ්‍ය පසුබිම සකසන්නට නම් දඬුවම වගේම ඔවුනගේ කඩා වැටුණු ජීවිත නගාසිටුවීම අවශ්‍යයි.

රේඛා තරංගනී ෆොන්සේකා
ඉරිදා ලංකාදීප
2020 අගෝස්තු 09 ඉරිදා

ස්ටීනියානු වසංගතය 06-08-2020
 
 

චීනයේ සහ ඊසානදිග ඉන්දියාව තුළ ඉපදුණු හඳුනා නොගත් විෂබීජයක් (යර්සීනියා පෙස්ටිස්) ගොඩබිම සහ මුහුදු වෙළෙඳ මාර්ග හරහා අප්‍රිකාවේ මහා විල් කලාපයට ගමන් ගන්නා ලදී. එය වසංගතයක් ලෙස පැතිර යාම ආරම්භ වූයේ ඊජිප්තුවේදීය. බයිසන්තියානු ඉතිහාසඥයෙකු වූ "ප්‍රොකෝපියස් ඔෆ් සීසර්යා" (ක්‍රි.ව. 500-565) විසින් නයිල් ගඟේ උතුරු හා නැගෙනහිර වෙරළ තීරයේ "පෙලුසියම්" යන ප්‍රදේශයෙහි වසංගතයේ පළමු පැතිරීම සිදු ව ඇති බව හඳුනා ගත්තේය. "Plague" යන ග්‍රන්ථයෙහි කතුවරයා වන "වෙන්ඩි ඔරෙන්ට්"ට අනුව, රෝගය දෙයාකාරයකින් පැතිරී ඇත. එනම්, උතුරින් ඇලෙක්සැන්ඩ්‍රියාව හරහා සහ නැගෙනහිරි පලස්තීනය හරහා යනාදී වශයෙනි. පළමුවන ජස්ටීනියානු අධිරාජ්‍යයාගේ (ක්‍රි.ව. 527-565) පාලන සමයේදී වසංගතය දරුණු ලෙස පැතිර ගියේ මිලියන ගණනකගේ ජීවිත බිලිගනිමිනි. මෙම වසංගතය ක්‍රි.ව. 542 දී කොන්ස්තන්තිනෝපලය වෙත පැමිණ තිබුණේ එහි ආරම්භයෙන් වසරකට පමණ පසුය.

ජස්ටීනියානු වසංගතය පැතිරවීමට වඩාත් දායකත්වය ලබා දුන්නේ "රැටස් රැටස්" නම් වූ කළු මීයන්ය. එකල කප්පම් වශයෙන් ධාන්‍ය නැව් සහ කරත්ත කොන්ස්තන්තිනෝපලය වෙත යවන ලදී. ක්‍රි.ව. 8 වැනි සියවසේදී අධිරාජ්‍යයේ මූලික ධාන්‍ය සපයන්නා උතුරු අප්‍රිකාව බවට පත් ව තිබූ අතර කඩදාසි, තෙල්, ඇත් දළ සහ වහලුන් ඇතුළු විවිධ වෙළෙඳ භාණ්ඩ ගණනාවක් එහි සිට කොන්ස්තන්තිනෝපලය වෙත යැවිණි. විශාල ගබඩාවල ගබඩා කර තිබූ මෙම ධාන්‍ය, මැක්කන් හා මීයන් සඳහා පරිපූර්ණ අභිජනන භූමියක් සැපයූ අතර එය වසංගතය සම්ප්‍රේෂණය වීම සඳහා අධික ලෙස බලපෑවේය. "Justinian's flea" ග්‍රන්ථයේ රචකයා වූ "විලියම් රොසෙන්" සඳහන් කරන්නේ මීයන් ඕනෑම දෙයක් (එළවළු ද්‍රව්‍ය හා කුඩා සතුන් ඇතුළුව) ආහාරයට ගන්නා බවත් ධාන්‍ය යනු ඔවුන්ගේ ප්‍රියතම ආහාරය බවත්ය. තවදුරටත් නිරීක්ෂණය කරමින් ඔහු සඳහන් කර තිබෙන්නේ මීයන් සාමාන්‍යයෙන් ඔවුන්ගේ ජීවිත කාලය තුළ දී උපන් ස්ථානයෙන් මීටර් 200කට වඩා ඈතකට ගමන් නොකරන බවයි. කෙසේ වෙතත්, මෙහි දී සිදු ව තිබුණේ නොදැනුවත්වම ධාන්‍ය බෝට්ටු සහ කරත්ත හරහා මීයන් අධිරාජ්‍යය පුරා විසිර යාමයි.

මෙම යුගයේදී වසංගතය ව්‍යාප්ත වීමට කාලගුණික තත්ත්වයද බලපා තිබූ බව පෙනේ. ඉතිහාසඥයෙකු වන "කොලින් බරාස්"ට අනුව, "ප්‍රොකොපියස්" විසින් එකල දකුණු ඉතාලියේ කාලගුණික විපර්යාසයන් වාර්තා කර තිබේ. ඒ අනුව ගිම්හානය මධ්‍යයේ හිම වැටීම සහ හිමවල අසාමාන්‍යතා, සාමාන්‍ය උෂ්ණත්වයට වඩා අඩු කාලගුණය, හිරු එළිය අඩුවීම ආදිය මෙකල ලොව මුහුණ දෙමින් සිටි කාලගුණ විපර්යාස විය. එපමණක් නොව රට කඩාකප්පල් කිරීම්, යුද්ධය ආදියද වාර්තා වීමත් සමග දශක ගණනාවක් පුරා ඇදි ඇදී යාමට නියමිතව තිබූ ගැටලුකාරී තත්ත්වයනට මුහුණ දීමට ලොවට සිදු විය. සුපුරුදු කාලගුණයට වඩා හදිසියේ මතු වූ ශීත කාලගුණය අස්වැන්න කෙරෙහි බලපා තිබූ අතර එමගින් ආහාර හිඟයක්ද ඇති විය. එහෙයින් ආහාර සොයා කලාපය පුරා ගමන් කිරීමට ජනතාවට සිදු විය. මෙම අනිවාර්යය සහ අකැමැත්තෙන් ගමන් ගත් සංක්‍රමණිකයන් සමග විෂබීජය ආසාදනය වී තිබූ මැක්කන්ගෙන් පීඩා විඳිමින් සිටි මීයෝද වූහ. අධික ශීතල හා වෙහෙසට පත්ව කුසගින්නෙන් පෙළෙන මිනිසුන් සමග යුද්ධය මධ්‍යයේ අලුතින් ඇති වූ රෝගාබාධද එකතු විය. ඒ අතර සිදු වූ මීයන්ගේ ජනගහනය වැඩිවීමද වසංගතයක් සඳහා සුදුසු තත්ත්වයක් නිර්මාණය කළේය. එය කෙතරම් බිහිසුණු වූයේද කියතොත් ජස්ටීනියානු වසංගතය හේතුවෙන් යුරෝපයේ ජනගහනයෙන් අඩක් පමණ විනාශ විය.

"ප්‍රොකොපියස්" විසින් ආසාදිතයන්ගේ ස්වභාවය විස්තර කරන්නේ "මායාවන්, බියකරු සිහින, උණ සහ ඉදිමීම, ඉඟටිය, කකුල් සහ කන් පිටුපස ඇති ඉදිමීම්වලින් පෙළෙන අය" ලෙසයි. සමහර රෝගීන් කෝමා තත්ත්වයට පත්වූ අතර අනෙකුත් රෝගීන් මංමුළා වී ඇති බවක් පෙන්නුම් කර තිබේ. බොහෝ වින්දිතයන් මරණයට දින කිහිපයකට පෙර සිට දුක් විඳ ඇති අතර ඇතැම්හු රෝග ලක්ෂණ ආරම්භ වූ වහාම මිය ගියහ. ජස්ටීනියන් වසංගතය යක්ෂයෙකු ලෙස හැඳින්වීමට ජනතාව පෙලඹී සිටියහ. එසේ ම මෙය අධිරාජ්‍යයාගේ වැරදි හේතුවෙන් දෙවියන් වහන්සේ ලබා දුන් දඬුවමක් යැයි පවසමින් වසංගතයේ සම්පූර්ණ වරද ජස්ටීනියන් අධිරාජ්‍යයා වෙත පැවරීමටද ඔවුහු උත්සාහ කළහ.

වසංගතයෙන් දිනකට 10,000කට ආසන්න සංඛ්‍යාවක් මිය ගිය අතර කාර්මික, කෘෂිකාර්මික සියලු අංශ ඇන හිටියේය. අධිරාජ්‍යයන්ගේ පවුල්වලටද රෝගය වැලඳී තිබුණෙන් රටවල් ද අරාජික විය. වෛද්‍යවරු කර කියාගත හැකි දෙයක් නොමැති ව අසරණ වූහ. කිසිදු ඖෂධයක් විෂබීජයට එරෙහි ව ප්‍රතික්‍රියා නොකළ හෙයින් ජනතාව සීතල වතුර ස්නානය, සාන්තුවරයන්ගේ ආශීර්වාද ලත් කුඩු භාවිතය, මැජික් සුර, මුදු සහ විවිධ විකාරරූපී ඖෂධ (ඇල්කලෝයිඩ්) ප්‍රතිකාර සඳහා යොමු වූහ.

මෙම වසංගතයේ බලපෑම තවත් වසර 225 ක් පුරා මධ්‍යධරණී ලෝකය පුරා අඛණ්ඩව බල පැවැත්වුණු අතර ක්‍රි.ව. 750දී පමණ එය හදිසියේ අතුරුදහන් විය.

•ශ්‍රීනි ලංකා ජයකොඩි

Page 10 of 22