![Editor](https://secure.gravatar.com/avatar/eb4ed6659d9ad079db8fbf635967a0f4?s=100&default=https%3A%2F%2Fcasite-738285.cloudaccess.net%2Fcomponents%2Fcom_k2%2Fimages%2Fplaceholder%2Fuser.png)
Editor
2020 අ.පො.ස (උසස් පෙළ) විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අයදුම්කරුවන් වෙත දැනුම් දීමයි
ඡන්ද හිමියකු ලෙස 2020 ඡන්ද නාම ලේඛනයේ ලියාපදිංචි වීම සඳහා නිර්දේශ වී ඇති තැනැත්තන්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙන්
ඡන්ද හිමියකු ලෙස 2020 ඡන්ද නාම ලේඛනයේ ලියාපදිංචි වීම සඳහා නිර්දේශ වී ඇති තැනැත්තන්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙන්
ඉංග්රීසියෙන් බණ කියා ලැබුණු දහම් පඬුරු එකතුකොට ගමේ ළමුන් ට නැණ පොවන හාමුදුරුවෝ
නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පාසල් ක්‍රීඩා තරග ආරම්භ කිරීමට පියවර
දුම්රිය ගමන් වාර ඉහළ දැමීමට පියවර
ප්‍රධානතම කුකුළු මස් කර්මාන්තශාලාවක කොරෝනා රෝගීන් , අධිශීතකර ලොරිවලින් රට පුරා කුකුළු මස් බෙදා හැරලා
කොළඹ මහජන පුස්තකාලය පාඨකයින්ට විවෘත වෙයි
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ? ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා හෙට (5) දිවයිනට
ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා හෙට (5) දිවයිනට පැමිණීමට නියමිතව ඇත. විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ, දෙදින නිල සංචාරයක් සඳහා විදේශ අමාත්‍යවරයා එලෙස දිවයිනට පැමිණෙන බවයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිලිබඳ ගැටලුව හා ත්‍රිකුණාමල වාරයේ සංවර්ධන කටයුතු පිලිබඳ සාකච්ජා කරනු ඇති බවට තහවුරු කර නොමැති අතර. අමාත්‍ය එස්. ජයශංකර් මහතා මෙම සංචාරයෙදී ජනාධිපති අගමැති ඇතුළු රජයේ ඉහළපෙලේ නියෝජිතයින් හමුවීමට ද නියමිත බව රජයේ ආරංචිමාර්ග තහවුරු කර තිබේ.
රුපියල් 2,000 ක නව මුදල් නෝට්ටුවක්
ශ්රී ලංකා මහ බැංකුව විසින් 2006 දී හඳුන්වා දුන් රුපියල් දෙදහසක මුදල් නෝට්ටුව අවලගු කළ අතර ඊට විවිධ හේතු බලපෑ අතර එහි විශාලත්වයද එක් හේතුවක් විය. කෙසේ වෙතත්
නැවත දෙදහසේ මුදල් නෝට්ටුවක් හදුන්වා දීමට ශ්‍රී ලංකා මහා බැංකුව කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි. 1950 සිට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් නෝට්ටු කාණ්ඩ එකොළහක් නිකුත් කරනු ලැබ ඇත.
1 හයවන ජෝර්ජ් රජුගේ රුව සහිත නෝට්ටු කාණ්ඩය
2. දෙ වන එළිසබෙත් රැජිනගේ රුව සහිත නෝට්ටු කාණ්ඩය
3. ලංකාවේ රාජ්‍ය ලාංඡනය ඇතුළත් නෝට්ටු කාණ්ඩය
4. එස් ඩබ් ආර් ඩී බණ්ඩාරනායක රුව ඇතුළත් නෝට්ටු කාණ්ඩය
5. පරාක්‍රමබාහු රජුගේ පිළිරුව සහිත කාණ්ඩය
6. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය ඇතුළත් නෝට්ටු කාණ්ඩය
7. සතුන් සහ වෘක්ෂලතා ඇතුළත් නෝට්ටු කාණ්ඩය
8. ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක තේමා රැගත් නෝට්ටු කාණ්ඩය
9. ඓතිහාසික සහ සංවර්ධනය විදහා දැක්වෙන නෝට්ටු කාණ්ඩය
10 .ශ්‍රී ලංකාවේ උරුමයන් ඇතුළත් නෝට්ටු කාණ්ඩය
11 .සංවර්ධනය, සෞභාග්‍ය සහ ශ්‍රී ලංකාවේ නැටුම් ශිල්පීන් යන නෝට්ටු කාණ්ඩය යටතේ මෙම නව මුදල් නොට්ටුවද නිකුත්වනු ඇති.