Editor
අපරාධ සම්බන්ධව තොරතුරු දැන්වීමට පොලීසිය හඳුන්වාදුන් විශේෂ දුරකතනයට ගෙවුණු සති දෙක තුළදී ඇමතුම් 1527ක්
අපරාධ සම්බන්ධව තොරතුරු දැන්වීමට පොලීසිය හඳුන්වාදුන් විශේෂ දුරකතනයට ගෙවුණු සති දෙක තුළදී ඇමතුම් 1527ක්- 1263ක් මේ වන විටත් විමර්ශනය කරයි
ඔන්ලයින් අයදුම්පත පුරවා ලබන 15 වැනිදාට පෙර තොරතුරු ලබා දෙන ලෙස පාර්ලිමේන්තුවෙන් මන්ත්‍රීවරුන්ට දැනුම්දීමක්
අගෝස්තු 20 වැනි දින ආරම්භ කිරීමට නියමිත නවවැනි පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති මන්ත්‍රීවරයන්ගේ තොරතුරු ඔන්ලයින් ක්‍රමයට ලබා ගැනීමේ ක්‍රමවේදයක් (Online Registration System) පාර්ලිමේන්තුවේ මහ ලේකම් කාර්යාලය මගින් හඳුන්වා දී තිබේ.
අලුත් කැබිනට් මණ්ඩලයට හදිසි ආර්ථීක ක්‍රියාකාරකම් යෝජනාවක්
කොවිඩ් වසංගතය ශ්‍රී ලංකාවට අප්‍රමාණ බලපෑමක් එල්ල කර ඇති අතර ආර්ථීකය රින අගයක් ගැනීමට ඉඩ තිබේ. රැකියා විරහිතභාවය ඉහළ යනු ඇත. 2020 සහ 2021 වසර වල විදේශ ණය වර්ධනයවීමක් අපේක්ෂා කළ හැකිය. සංචාරක, සහ විගමනික ආදායම සීමා වනු ඇති අතර සහ ආයෝජන වශයෙන් ලැඛෙන විනිමය දැනටමත් පහත වැටී තිබේ. වසංගත තත්ත්වය හමුවේ කරන සහන පිරිවැය ද එකතු වූ පසු මුල්‍ය අංශයේ අර්බුදයක් ඇති කරනු ඇත. යහපත් කාලගුණය කෘෂි අංශයට වැඩදායක විය හැකි නමුත් පවතින රාමුව ආර්ථීක වර්ධනය අඩාල කර දිග කාලයක් එම තත්ත්වයට කොටු කරනු ඇති බව එහි වැඩිදුරටත් දක්වයි.
කොළඹ, හම්බන්තොට, යාපනය හා ත්‍රිකුණාමලය බහුවිධ වානිජ නගර වශයෙන් දියුණු කරනු සදහා ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කරන ලද යෝජනාව සංවර්ධනය පිටපලාත් වලට ව්‍යාප්ත කරනු ඇති අතර කෘෂි නිෂ්පාදනය නැංවීමට හා පසු අස්වනු හානි අවම කිරීමට ගන්නා ප්රයත්නය මෙම දුෂ්කර අවස්ථාවේ දී ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කරනු ඇත. කෙසේ වෙතත් ගෝලීය ආර්ථීකයේ අඩු වර්ධනයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකාවට සෑහෙන අවදානමක් තිබේ. අලූතින් බලයට පත් වූ රජය මූලික වශයෙන් කරුණු තුනක් ගැන අවධානය යොමු කළ යුතු බව පාත්ෆයින්ඩර් පදනම සිය නිවේදකයෙන් යෝජනා කරයි.
1. රජයේ න්‍යාය පත්‍රය අනුව කටයුතු කරන විට අවශ්‍ය කරන සම්පත් සොයා ගැනීම බලවත් වගකීමකි. පවතින තත්ත්වය කළමනාකරණය සදහා රජය සෑහෙන මුදල් ප්‍රමාණයක් යෙදවීම තීරණාත්මකය. කොවිඩ්-19 ආර්ථීක බලපෑම ඉදිරියේ මෙතෙක් ශ්‍රී ලංකාව නිකුත් කර ඇති සහන දළ දේශිය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 0.5 නොඉක්මවයි. මැලේසියාව හා තායිලන්තය නිකුත් කර ඇති සහන එම රටවල දළ දේශී්‍ය නිෂ්පාදිතයෙන් සියයට 12-15 අතරය. දියුණු රටවල එය සියයට 15-20 මට්ටමක පවතී. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ක්ෂුද්‍ර මුල්‍ය අංශයට දශක ගණනක බලපෑමක් අපේක්ෂා කෙරේ. ස්ථාවරත්වය අරමුණු කරගෙන සැලසුම් කළ සහයෝගයෙකින් යුතු මධ්‍යකාලීන මුල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදයක් අවශ්‍යය. මෙය දෙස් විදෙස් ආයෝජකයන්, ණය ගැතියන් සහ ශ්‍රේණිගත කිරීමේ ආයතන වල විශ්වාසය තහවුරු කරනු ඇත.
2. ශ්‍රී ලංකාව ජාතයන්තරය සමග අඛණ්ඩ සබදතා තර කරගත යුතුය. සංවර්ධන අභිලාශයන් සාක්ෂාත් කරගැනීමේ දී ඉන්දියන් සාගරයේ උපායශීලී වැදගත්කමක් සහිත තැනක පිහිටිමෙන් ප්‍රයෝජන ගෙන වඩා විවෘත විය යුතුය. චීනය, කොරියාව හා වියට්නාමය අනුගමනය කර ඇති විවෘත උපාය මාර්ග අනුගමනය කළ හැකිය. රාජ්‍ය කටයුතු ඩිජිටල්කරණයෙන් හා පැරණි නීති වෙනස් කර දෙස් විදෙස් ආයෝජන වලට අවස්ථාව සම්පාදනය කිරීම අවශ්‍යය. අපනයන සංවර්ධන මණ්ඩලය හා ආයෝජන මණ්ඩල සහයෝගයෙන් ජාත්‍යන්තර ආර්ථීක සම්බන්ධතා ඇති කරන්නට තානාපති කාර්යාල පියවර ගත යුතු අතර චීනය, ඉන්දියාව හා තායිලන්තය වැනි ආසියානු රටවල් සමග නිදහස් වෙළ`ද ගිවිසුම් ඇති කරගත යුතුව තිබේ.
3. පුනර්ජීවනය අරමුණු කරගෙන අන්තර් ක්‍රියාකාරී විද්වත් කණ්ඩායමක් පත් කිරීමේ අවශ්‍යතාව. අන්තර්ජාතික අත්දැකීම් ඇති, සුදුසුකම් සහිත හා පිලිගත් කණ්ඩායමක් රජය සිය ආර්ථීක උපදේශකයන් පත් කරගත යුතු අතර පුනර්ජීවනය උදෙසාස්වාධීනව උපදෙස් දෙන, නිරීක්ෂණය කරන හා අවශ්‍ය අවස්ථාවල ප්‍රතිපත්ති නිවැරදි කිරීමට යෝජනා ගෙන එන්නට හැකි කණ්ඩායමක් විය යුතුය. ප්‍රතිපත්ති සම්පාදකයන් හා මෙම කණ්ඩායම අතර ඔවුන්ට පමණක් සීමා වූ සංවාද පැවැත්විය යුතු අතර ආර්ථීකය ස්ථාවර කරන හා ප්‍රතිපත්ති තීරණ ගැනීම සදහා ලැඛෙන කාලසීමාව සීමිත බව ද පාත්ෂයින්ඩර් පදනම දක්වයි. තිරසාර සංවර්ධනය අරමුණු කරගෙන ප්‍රතිපත්ති හා වැඩසටහන් වලින් යුතු සර්ව සම්පූර්ණ කි‍්‍රයාකාරී සැලැස්මක් රජයට අවශ්‍යය.
ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාවලිය පිලිබඳ හසල සමීක්ෂකයෙකු වන පාත්ෆයින්ඩර් පදනම නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැහැදිලි කරන අතර ඔවුන්ගේ නිරීක්ෂණයන් හා යෝජනා මෙසේ මාධ්‍ය වෙත මුදාහැර තිබේ.
ඔවුන් 2020 අප්‍රියෙල් මාසයේ දී විද්වත් පිරිසකගෙන් යුත් අධ්‍යයන කණ්ඩායමක් පත් කර,කොවිඩ් අර්බුදය අභිමුවෙහි ශ්‍රී ලංකාවේ ආර්ථීකය ගැන නිරීක්ෂණය කර නිර්දේශ ඉදිරිපත් කළ අතර එහි වාර්තාව පසුගිය මැයි මාසයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිලිගැන්වීය.
ජනතා ජයග්‍රහණයට වටිනාකමක්
ලෝකයේ ප්‍රබල රාජ්‍ය නායකයෝ 2020 මහ මැතිවරණයෙන් බලයට පත් ශ්‍රී ලංකාවේ අලූත් ආණ්ඩුවට සුබ පැතුම් එක්කරමින් සිටිති. මුළු මහත් ජගත් ප්‍රජාව කොවිඞ් -19 වයිරසය අභිමුවෙහි බලවත් පීඩනයකය. එසේ තිබිය දී ඉන්දියන් සාගරයේ කුඩා රටක් වන ශ්‍රී ලංකාව මහා පියවරක් ඉදිරියට තබා තිබේ. එකක් සෞඛ්‍ය අංශවලට ඔරොත්තු දෙන තරමට වසංගතය පාලනය කරගත හැකිවීමය. ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරන පියවර ගනිමින් මහ මැතිවරණයක් පැවැත්වීම අනෙක් කාරණාවය. ඡන්දයකට අවස්ථාව නැති බව විවාරක මතය වී තිබුණි. මෙම අවස්ථාවේ සුදුසු නැති බව සදහන් කළ දේශපාලන පක්ෂ අධිකරණය හමුවේ නඩු පැවැරීය. මැතිවරණ කොමිසම ඡුන්දය වෙනුවෙන් විශාල කැපකිරීමක් කළ අතර සෞඛ්‍ය බලධාරීහු ඡුන්දය පැවැත්වීම සදහා යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කරමින් අනුබල දුන් බව සදහන් කළ යුතුය. ඉතිහාසයේ පළමු වතාවට ඡන්ද ගණන් කිරීම දවසක් කල් දමන ලද අතර වාර්තා පිහිටුවන ලද අති විශිෂ්ඨ ප්‍රතිඵලය ඉතිහාසය අලූතින් ලියා තිබේ.
මහ මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය කරනවිට පැහැදිලි වන එක පොදු සාධකයක් තිබේ. මුළු රටක් එක අරමුණකින් එකට රොද බැද ගැනීමය. විවිධ බෙදීම්, මතිමතාන්තර හා පරස්පරතා ඇති ජන සමාජයක් තමන් ගේ ආණ්ඩුව තෝරා ගැනීමේ දී ඒකමතිකවීම විශේෂ සිද්ධියකි. මුළු මහත් ශ්‍රී ලංකාව එක හ`ඩින් තෝරා ගෙන ඇති ආණ්ඩුව තම ජනතා ජයග්‍රහණය ආරක්ෂා කරගත යුතුය.
දේශපාලන පක්ෂ වලට අලූතින් හිතන්නට සිදුවීම
මහ මැතිවරණයේ දී ඡන්දය පාවිච්චි කරන හිමිකම තිබුණ ලාංකේය පුරවැසියෝ ගණන 16,263, 885 කි. මැතිවරණ කොමිසම නිකුත් කළ අවසන් ප්‍රතිඵල වාර්තාව එය දක්වයි. පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 353 ක් මහ මැතිවරණයට තරග කළහ. ඡන්දය භාවිතා කරන ලද පිරිස 12,343,309 ක් වන අතර එයින් ඡන්ද 11,598,936 ක් වලංගු ඡන්ද වශයෙන් පිලිගෙන තිබේ. ඡන්ද පෙට්ටියට බහා ලන ලද ඡන්ද අතරින් 744,373 ප්‍රතික්ෂේප වී ඇත. එය භාවිතා කළ ඡන්ද ප්‍රමාණයෙන් සියයට 4.58 කි. ඡුන්ද පොලට නොපැමිණි ගණන 3,920,576 ක් බව දැක්වෙයි. භාවිතා නොකළ හා ප්‍රතික්ෂේප වූ ඡුන්ද ප්‍රමාණය මෙරට ප්රජාතන්ත්රවාදය ගැන ලියන විට විශේෂයෙන් හුවා දක්වනු ඇත.
ඡන්ද පොලට පැමිණ සිය අයිතිවාසිකම භාවිතා කළ එහෙත් ප්‍රතික්ෂේප වන තරමට ක්‍රියා කරන ලද පුරවැසියන් අතරින් අතරින් වැඩිම කොටසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවෙයි. එය හැත්තෑ පන් දහසකට අධිකය. වසර අනූවකට ආසන්න මෙරට සර්ව ජන ඡන්ද බලය ගැන කතා කරන විට ජනතාව ඉතා කැමැත්තෙන් ඡුන්දය පළ කරන ලද පමණක් නොව ඉතා වෛරයෙන් ක්‍රියා කරන ලද බව ද සැලකිල්ලට ගත හැකිය. උරණ වූ ජන කොටස ඡුන්දය දෙන්නට පක්ෂයක් නැති බව කල්පනා කරන ලද බව උපකල්පනය කළ හැකිය. මුල් බැසගත් පාරම්පරික දේශපාලන පක්ෂ මෙවර මහ මැතිවරණයේ දී වලංගු සාධකයක් වූයේ නැත. එක්සත් ජාතික පක්ෂය මෙරට පැරණිම හා විශාල ජන පදනමක් තිබුණ පක්ෂයකි. කිසිම මැතිවරණ දිස්ත්‍රික්කයක් ජය ගන්නට හැකි වූයේ නැත. ජනතා ඡන්දයෙන් එකම ආසනයක් හෝ හිමි නොවූ අතර ලැබුණේ එක ජාතික ලැයිස්තු ධුරයකි. එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් වන අතර මුලින් විප්ලවවාදී පක්ෂයක් ලෙස ගමන අරඹන ලද ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගය නමින් ඡන්දයට ඉදිරිපත් වූ නමුත් ලබා ගත හැකි වූයේ මන්ත්‍රී ධුර දෙකකි. එක ජාතික ලැයිස්තු මන්තී‍්‍රවරයෙකු ද පත්ව තිබේ.
පැරණිම දේශපාලන පක්ෂයට හා තුන්වැනි බලවේගය මුහුණ දුන් ඉරණම ඉතා සැලකිල්ලෙන් අධ්‍යනය කළ යුතුය. ජනතාව ඉල්ලන ප්‍රතිපත්ති සහ නායකත්වය පෙන්නුම් කරන්නට නොහැකි වී තිබේ. ඉකුත් ජනාධිපතිවරණය හා අවසන් වූ මහ මැතිවරණය ගැන පමණක් නොවේ. දිගින් දිගටම පුරවැසියන්ගේ විශ්වාසය තහවුරු කරගන්නට නොහැකිවීමට හේතුව සොයා බැලීම සුදුසුය.
කෙටි කාලයකින් ලොකු විශ්වාසයක් දිනා ගත්තේ කෙසේද?
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට දිග ඉතිහාසයක් නැත. 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්විය. පොදු අපේක්ෂකයෙකු සේ ජනාධිපතිවරණයට පැමිණි මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ද ලබා ගත්තේය. එයට නෛතික පසුබිමක් විය. අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා ගේ ප්‍රතිවාදියා වූ නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අත්හැරියේ නැත. බලයට පත් ජනාධිපති මෛත්‍රී බලවත් විපක්ෂය සිටිය දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කොටසක් එකතු කරගත් එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් පිහිටුවන්නට ඉඩ දුන්නේය. පාර්ලිමේන්තුවේ දෙවැනි බහුතරය සිටිය දී අඩුම තරමින් විපක්ෂ නායකත්වයට පවා අවහිර පැනවීය. අලූත් පක්ෂයක් ගොඩනැගීම හැර අනෙක් විකල්පයක් නොතිබුණි. මහින්ද රාජපක්ෂ මහතා නැවත පත්වන අවස්ථාව අවුරන ලද අතර රාජපක්ෂ කිසිවෙකුට ඉඩ නොදෙනතැනට ව්‍යවස්ථාව සංශෝධනය කරන්නේ ද්විත්ව පුරවැසි නීතියක් ඉදිරියට තබමින්ය. ඉතාම සුක්ෂම අන්දමට, ව්‍යාජත්වය මතු කිරීම ජනතාව ඉවසුම් නොදෙන තත්ත්වයක් විය. මිත්‍යා තොරතුරු සහ අභූත චෝදනා වල යටි අරමුණ ජනතාව වටහා ගත්තේය. විශේෂ අධිකරණ, කොමිෂන් පත් කර මට්ටු කිරීමට තැත් කරන ලද බව ස`දහන් කළ යුතුය.
තැලෙන වාරයක් පාසා අලූත් මුවහතක් ලැබිණ. ජනතාව ඒකරාශී විය. යහපාලනය අන්තර්ගතය ගැන සැක කළහ. අලූතින් පිහිටුවන ලද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පළමු සංවත්සරයේ සිට ජයග්‍රාහී ගමනක් අරඹා තිබුණි. බැසිල් රාජපක්ෂ එහි පිටුපස සිටි ශක්තියයි. ඔහු සියල්ල සැලසුම් කළේය. පක්ෂය පණලබන්නේ අනෙක් පක්ෂ වල වෛරයෙන්ය. දූෂිත ගනුදෙනු, රටේ ණයගැතිභාවය, කොමිස් හා බලය අයුතු ලෙස භාවිතා කරන ලද බව පුන පුනා කියන අතරවාරයේ සමුපකාර ඡුන්දයේ් සිට ජනතාව අලූත් පක්ෂය වටා එකතු වූ බව මතක් කර දිය යුතුව ඇත.
ඉකුත් ජනාධිපතිවරණය එහි උණුසුම් අවස්ථාවයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රමුණ පොදු ජන පෙරමුණ බලවේගයට හතර පැත්තෙන් වට කර චෝදනා කරන අතරවාරයේ පවා ප්‍රතිවාදීන් ගේ න්‍යාය පත්‍රයට ගොදුරු නොවීමට වත්මන් ජනාධිපතිවරයාට එදා ඒකාග්රතාවයක් තිබුණි. සෙස් අපේක්ෂකයන් ගේ තරාතිරම නොසලකා ඉදිරියට ගිය හෙතෙම තමන්ගැන විශ්වාසය තබන ලෙස ඉල්ලා සිටි අතර වැඩ කරන රටක් හදන්නට බලය ඉල්ලා සිටියේය. සෞභාග්‍යයේ දැක්ම වැඩ පිලිවෙල ජනතාව හමුවේ තැබීය.
වැඩ කරන රටක් වෙනුවෙන් එකට එකතු වූ බලයක්
ශ්‍රී ලංකාව ප්රජාතන්ත්රවාදයෙන් පොහොසත්ය. ජනතාවගේ පරමාධිපත්‍ය තහවුරු කරනු ස`දහා සෑහෙන ආයතන ප්‍රමාණයක් තිබේ. අවසානයේ දී රටක් දියුණු කරන තීරණ ගන්නට අසමත්ය. එක කණ්ඩායමක් එක පැත්තකට හරවද්දී අනෙක් කණ්ඩායම එය නොපිට හරවයි. සුක්කානම අතට ගැනීමට ඇති අරමුණ හැර ඉලක්කයක් කරා ගෙන යන්නට අදහසක් නැත. ඉතිහාසය එය නැවත නැවතත් පෙන්වා දී තිබේ.
පොදු ජන එක්සත් පෙරමුණෙන් පත් වූ ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව එකට වැඩ කරන්නට අසමත් විය. එම ආණ්ඩුවේ අගමැතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් හමුවට කලින් තවත් කැබිනට් හමුවක් පැවැත්වූ අතර එහි දී තීරණ ගැනීමෙන් පසු නිල රැුස්වීමේ දී අනවශ්‍ය ගැටුම් ඇති කරගත්තේය. මෛත්‍රී රනිල් යුගය දෙවැනි අවස්ථාවයි. ආණ්ඩුවේ ඉතා බැ?රුම් තීරණ තමන් පත්තරෙන් දැන ගත් බව මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා නොයෙක් අවස්ථාවල ප්‍රකාශ කරන ලද බව මතක් කළ යුතුය. ජාතික වැඩ පිලවෙලකින් ආරම්භ වූ නමුත් අවසානයේ දී එම සම්මුතිය ද කැ`දවූයේ අභාග්‍යයි. විධායක ජනාධිපති එක පක්ෂයකින් හා අගමැති අනෙක් තැනෙකින් පත් කර නැවත වතාවක් අතුල් පහරක් කන්නට මෙරට පොදු ජනතාව සූදානම් වූයේ නැත. පක්ෂය තුළ පමණක් නොව රට තුළ පවා අවිධිමත්ව කටයුතු කරමින් සිටිය දී රටට යහපතක් කරන පියවරකට යා නොහැකි බව ජනතාව ඉ`දුරා තීරණය කළේය. අන්තිමේ දී වැඉ කරන රටක් වෙනුවෙන් එකට එකතු වූ බලයක් නිර්මාණය වී තිබේ.
සෞභාග්‍යයේ දැක්ම ඉදිරියට ගෙන යන්නට ජනතාවගේ වරම ඉල්ලා සිටියේය. රටට අභාග්‍යයක් වී ඇති ක්‍රමය වෙනස් කරන්නට තුනෙන් දෙකක බලයක් දෙන්නැයි ජනතාවට දෙන ලද තවත් පණිවුඩයකි. වලංගු ඡුන්ද වලින් සියයට 59.09 ක් ගන්නට පොදු ජන පෙරමුණ සමත්විය. පක්ෂය අලූත් මුහුණු ජනතාව හමුවේ තැබීය. වියත් සහ අත්දැකීම් බහුල අය අපේක්ෂක ලැයිස්තුවට ඇතුළු කළේය. පොදු ජන පෙරමුණේ ජයග්‍රාහී මන්තී‍්‍ර ලැයිස්තුව පරිනත පුද්ගලයන්ගෙන් සමන්විතය. ජනතාව පක්ෂය පමණක් නොව සුදුසු මහජන නියෝජිතයන් ද තෝරා ගෙන තිබේ. සෑම දිස්ති‍්‍රක්කයකම වැඩිම මනාප ගන්නට අලූත් චරිත වලට හැකියාව ලැබී ඇත. ජනතා තීරණය විශාල වගකීමක් බව අමතක කළ යුතු නැත. කිළිටි විය යුතු නැති අතර මහජන විශ්වාසය ආරක්ෂා කරගත යුතුය.
කලින් මැන ගන්නට නොහැකි වන තරමට ජන බලය ගැඹුරුය
ගැඹුරු දිය නිසසලය. කොතැනකින් හෝ කාන්දු නොවන තෙක් නිශ්චලය. කාන්දුවකට ඉඩ තිබුණහොත් ඉවුරු තලා බැස යයි. මෙරට ඉතිහාසය තුළ පක්ෂ හා සන්ධාන වලට එම ඉරණම අත්ව තිබේ. ජනතා ප්‍රසාදය දිනා ගැනීම හා තරමටම ආරක්ෂා කරගැනීම ඉවසිලිවන්ත එකකි. කිසිම දේශපාලන විචාරකයෙකුට 2020 මහ මැතිවරණයේ ප්‍රතිඵලය කලින් අනුමාන කරන්නට නොහැකිවිය. එක්සත් ජාතික පක්ෂයට එකම ආසනයක් හෝ නොදී තුනෙන් දෙකක් ගැනීමට හැකිවනු ඇතැයි පුර්ව නිගමනයකට එන වට පිටාවක් නොතිබුණි. එක්සත් ජාතික පක්ෂයෙන් කැඞී අලූතින් හැදුන සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුතු ජන බලවේගය සියයට 23.90 ක ඡුන්ද පදනමක් ලබා ගත් නමුත් එක්සත් ජාතික පක්ෂයට ඡුන්දය නොදුන් පිරිස එතැන නැත. විශේෂයෙන් තරුණ පරපුර දිනා ගත නොහැකි වී තිබේ. පාරම්පරික එ.ජා.ප. පාක්ෂකයෝ ද එතැනට එකතු වී නැත. ජාතික ජන බලවේගය ලබා ගත් සියයට 3.84 ද පදනම දෙදරා ගිය තත්ත්වයකි. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඡුන්ද එකතු කිරීමෙන් පසු පවා පසුගිය ජනාධිපතිවරණයට ලැබුණ ඡුන්ද ප්‍රමාණය නැත. අනුරු කුමාර දිසානායක මහතා ගේ ප්‍රධානත්වයෙන් සටනට ගිට ජාතික ජන බලවේගයට ද එම සාධකය තිබේ. දේශපාලන විචාරකයන්ට කලින් දකින්නට නොහැකි වූ සහ ජෝයතිෂ්ය්ය අනාවැකි කරුවන්ට නොපෙණුන ජන බලය ඉතා ගැඹුරු බව පෙනේ.
වහාම අලූත් ව්‍යවස්ථාවක් ද නැත්නම් ඉක්මනින් ජනතාවට සහන ද යන අවකාශය අවධානයට ගත යුතුය. ආර්ථිකය හදන්නේ නැතිව ව්‍යවස්ථාවෙන් පලක් නැත. ශ්‍රී ලංකාව අවස්ථාවාදී ව්‍යවස්ථා හදා ඇති රටකි. බලයට එන ආණ්ඩු කරන්නේ මුලින් තමන් පරාජය කරග්නට බැරි වන තරමට ව්‍යවස්ථා සංශෝධන කර ගැනීමය. අලූත් ආණ්ඩුවට එය පාඩමකි. ජනතාව ඉල්ලන යුගය ඇති කළ යුතුය. තරුණ පෙල වෙනුවෙන් අලූත් අවස්ථා ඇති සමාජයක් නිර්මාණය කරන්නට අවශ්‍යය. පිබිදෙන ජාතියක්, යළි ඉදිරියට යන රටක් අලූත් අවකාශයක් ඇති කරන බව සැකයක් නැත. රට දියුණු කළහොත් නැවත අවස්ථාවක බලයට පත්වෙන්නට පවතින ව්‍යවස්ථාව හො`දටම ප්රමාණවත්ය. මූලික කරුණු හ`දුනාගෙන පියවරෙන් පියවර ඉදිරියට යෑම හැර අනෙක් මාවතක් නැත. ජනතාව ඉල්ලා සිටි වෙනස ගැන අවධානය යොමු කිරීම බලය තහවුුරැු කර ගැනීමට වඩා මනෝඥ බව පෙන්වා දිය යුතුය.
ශාමින්ද වත්තේගෙදර
තද සුළං සමඟ මුහුද රළු වෙයි
කන්කසන්තුරය සිට මන්නාරම හරහා කොළඹ දක්වා සහ මාතර සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 60 දක්වා වැඩි වීමේ ඉහළ හැකියාවක් පවතින අතර මෙම මුහුදු ප්‍රදේශ ද රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සෞඛ්‍ය නිර්දේශවලට අනුව 09 වැනි පාර්ලිමේන්තුව රැස්කිරීමට සියල්ල සූදානම්
සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශයන්ට අනුව 9 වන පාර්ලිමේන්තුව රැස් කිරීමට අවශ්‍ය සියලු කටයුතු සකස්කර ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
දිවයින පුරා තෝරාගත් රෝහල්වල හෙද හෙදියන්ට විශේෂ පුහුණුවක්
බෝ නොවන රෝග වලක්වාගැනීම පිළිබද මහජනතාව සවිබල ගැන්වීමටත් , බෝ නොවන රෝග වලින් පීඩා විඳින්නන්ට රෝගය පාලනය පිළිබඳ දැනුම ලබා දෙමින් ඔවුන්ගේ ජීවිතය සතුටින් ගත කිරීමට අවශ්‍ය මග පෙන්වීම ලබාදීමට දිවයින පුරා තෝරාගත් රෝහල්වල හෙද හෙදියන්ට විශේෂ පුහුණුවක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරයි.
කොරෝනාවට එරෙහිව ලොව පළමු එන්නත රුසියාවෙන්
2020-08-10
කොරෝනා වෛරසයට එරෙහිව ලොව පළමු එන්නත සෑදීමට සිය රට සමත්ව ඇති බව ශ්‍රී ලංකාවේ පිහිටි රුසියානු තානාපති කාර්යාලය ටුවිටර් පණිවිඩයක් තබමින් සදහන් කරයි.
සන්නස අප මීට පෙර වාර්තාකළ ඔක්ස්ෆර්ඩ් සරසවිය මගින් නිපදවූ එන්නත තවමත් රෝගී පුද්ගලයින්ට ලබාදීමට කටයුතු නොකරන නමුත් රුසියාව නිෂ්පාදනය කරන මෙම එන්නත රෝගීන් සඳහා ලබාදීම අරඹා තිබේ.
රුසියානු නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ඔලෙග් ග්‍රිඩ්නෙව් ප්‍රකාශ කර සිටියේ මොස්කව් හි Gamelei මධ්‍යස්ථානයට නව කොරෝනා වෛරසයට එරෙහිව නිපදවූ ලොව පළමු එන්නත මෙම මස 12 වෙනිදා ලියාපදිංචි කිරිමට හැකියාව ඇති බවයි.
නිෂ්පාදනය කළ එම එන්නත රටේ සෞඛ්‍ය අංශ නිලධාරින් සහ වැඩිහිටියන් හට පළමුව ලබා දීමට අදහස් කර ඇති බවද නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත.
මෙම එන්නතේ පළමු සායනික පරික්ෂාව ඉකුත් ජුනි මස 18 වෙනිදා මොස්කව් සෙකෙනොව් විශ්ව විද්‍යාලයේදී ආරම්භ කෙරුණා. ඒ සඳහා ස්වෙච්ජාවෙන් පුද්ගලයින් 38 දෙනෙකු එක්වූ අතර ඔවුන් සියලු දෙනාම වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණය වර්ධනය කළ බවයි රුසියානු බලධාරින් සඳහන් කරයි.
කොරෝනා වෛරසයට එරෙහිව ලොව පළමු එන්නත නිපදවීමට රුසියාව සමත්වීම සම්බන්ධයෙන් ලොව බටහිර රටවල් පුදුමයට පත්ව ඇති බවත්, රුසියාව ගතවු 20 වසරක කාලයේදී වෛරස් සම්ප්‍රේෂණය වන ආකාරය සම්බන්ධයෙන් හඳුනා ගැනීමේ අධ්‍යනයක නිරතවීම නිසා මෙහිදී වඩා පහසුවක් ඇතිවූ බව ජේෂ්ඨ විද්‍යාඥයෙකු වන වඩීම් ටාරසෝව් එරට මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
ප්‍රවීණ ක්‍රීඩක කුසල් ජනිත් කුඹුරු වැඩට බසී
මතුරගේ දොන් කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සිටින ආරම්භක වමත් පිතිකරුවෙකු හා කඩුලු රකින්නෙකු මෙන්ම ප්‍රවේගකාරී පිතිකරුවෙකි ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රවේගකාරී පිතිකරු සනත් ජයසූරියගේ පන්දුවට පහරදීමේ ආකාරයට සමාන බැවින් බොහෝ ක්‍රිකට් ක්‍රීඩා විචාරකයන් විසින් මොහුව සනත් ජයසූරියගේ නැවත ඉපදීම ලෙස විග්රහ කරනු ලබයි. කුසල්, කොට්ටාව ධර්මපාල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය මෙන්ම අවුරුදු 13න් පහල ක්‍රිකට් ක්‍රීඩාව සඳහා පිවිසි අතර පසුව කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුලත් වන ලදී. 2008 යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගිවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු වූ කුසල්, ඉන්පසු කොල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩා සමාජය වෙනුවන් පළමුපෙළ ක්‍රිකට් තරඟ සදහා යොමුවන ලදී. ශ්‍රී ලංකා කණ්ඩායමේ 2013 ඕස්ට්‍රේලියානු සංචාරයේදී පළමුවරට එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක් සඳහා සහභාගී වීමට මොහුට ලැබුණි. එදා සිට මේ දක්වා ඉහල ප්‍රේක්ෂක ආදරයක් ඇති දක්ෂ පිතිකරුවෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරයි.
කෝවිද - 19 වයිරසය සමග ලැබුණු දීර්ඝ නිවාඩුවේදී තම හිත මිතුරන් සමග වගාකටයුතු සමග සම්බන්ද වූ අතර වගා කිරීමට තරුණ ප්‍රජාවගේ කැමැත්ත මනාවට පෙන්වූ අවස්තාවක් විය.
ජායරුප මුහුණු පොතෙන්
"හිරබත් කනවා කිව්වට උයන හැටි දන්නේ නෑනේ"
- රාත්‍රී ආහාරය දෙන්නේ සවස දෙකයි තිහට
- කාන්තා බන්ධනාගාරයට ආහාර සකසන්නේ පිරිමි සිරකරුවන්
- බරපතළ වැඩ සහිත සිරකරුවකුගේ රාත්‍රී ආහාරය ලුණුයි - බතුයි පමණයි
- එළවළු කපන්නේ තුඩක් නැති පිහිවලින්
හිරේ ඉන්න හැම කෙනාම අපරාධකාරයෝ නොවේ. නියම අපරාධකාරයෝ ඉන්නේ හිරේමත් නොවේ. කොහොම වුණත් අපරාධකාරයෙක් කියන්නේ මුළු මහත් සමාජයක වැරදී ගොන්නක එකතුවක්. කරපින්නාගෙන ආව කරුම ගෙවලම ඉවර කරන්න වෙන ජීවිතේ කවුරු වුවත් කළේ වරදක් නම් දඬුවම යනු විඳින්නම වෙන අත්දැකීමකි. එහෙත් චූදිතයා වී සිටින්නේ වින්දිතයෙක් නම් එය ඛේදවාචකයකි.
ඉරිදා ලංකාදීප අප අද ඔබ කැඳවාගෙන යන්න හිතුවා මෙන්න මේ වැරදි කරපු නොකරපු අය සිරකර සිටින වැලිකඩ බන්ධනාගාරයට.
ඒ තවත් අපරාධයක සුලමුල සොයන්නට හෝ අපරාධකරුවෙක් ගැන කියන්න නම් නොවේ අද යන්නේ වැලිකඩ බන්ධනාගාරයේ කුස්සියටය.
අපි සිරකාරයින්ට බෙදෙන හිරබත් හැදෙන හැටි බලමු.
මේ වැලිකඩ බන්ධනාගාරය 1841 වසරේදී බ්‍රිතාන්‍ය රජයේ කැමරුන් (Cameron) ආණ්ඩුකාරවරයා යටතේ ඉදිකරනු ලැබූවකි. ශ්‍රී ලංකාවේ තිබෙන විශාලතම සහ උපරිම ආරක්ෂාව සහිත බන්ධනාගාරය වන වැලිකඩ බන්ධනාගාරය අක්කර 48 භුමියක ගැවසී ගත්තකි.
වැලිකඩ බන්ධනාගාරයේ ගොඩනැගිලි ඇමරිකා පෙන්සිල්වේනියා (PENNSYLVANIA) ප්‍රාන්තයේ චල්නට් වීදියේ හිරගෙදර ආකෘතියක් බව වැලිකඩ පිළිබඳ ඉතිහාස තොරතුරුවල සඳහන්ය.
1959 වර්ෂයේ සිට භාවිතයට නොගන්නා එල්ලුම් ගහකින්ද යුතු වැලිකඩ බන්ධනාගාරයේ මේ වනවිට රැඳවියන් කාන්තා හා පිරිමි ලෙස තුන්දහසකට ආසන්න සංඛ්‍යාවකට පහසුකම් සපයා ඇත. ව්‍යවස්ථාපිත බන්ධනාගාර නීති 222 උපලේඛනයේ සඳහන් ආකාරයට අධිකරණයේදී ලබන සිර අච්චුවේ නිර්දේශ සහ සිරකරුවාගේ සෞඛ්‍ය තත්ත්වය අනුව ඔවුන් කාණ්ඩ ලෙස වෙන් කරනු ලබන අතර ලබාදෙන ආහාර වේලද ඒ අනුව ලබාදීමට බන්ධනාගාර නීති රෙගුලාසි සැකසී ඇත.
සිරකරුවා කාණ්ඩයන් ලෙස ගත්කල සාමාන්‍ය සිරකරු, සැහැල්ලු වැඩ ඇති සිරකරු, බරපතළ වැඩ සහිත සිරකරු, රෝගී සිරකරු, විදේශීය සිරකරු, රිමාන්ඩ් සිරකරු ලෙස වෙන්කොට ඇත.
එසේ කාණ්ඩ කරන ලද සිරකරුවෝ මස් මාළු සහිත සහ රහිත ලෙසද කාණ්ඩ කරනු ලබයි.
සුද්දගේ කාලයේ ආහාර වට්ටෝරුවට අනුව මස්මාළු සහිත සාමාන්‍ය සිරකරුවෙකුට උදේ අාහාර ලෙස පාන් අවුන්ස හයක්, සීනි අවුන්ස 1 තේ අවුන්ස දාසයෙන් එකක් සහ සම්බෝල හැඳි 2 නිර්දේශ කර ඇත. එවැන්නෙකුගේ දිවා ආහාරය ලෙස බත් අවුන්ස අටක් , අළු කෙසෙල් මාළුවක්, වෙනත් මාළුවක් හෝ මැල්ලුම් අවුන්ස එකක්, මාළු අවුන්ස දෙකක් නිර්දේශ කර ඇත.
සෑම සිරකරුවෙකුටම දිවා ආහාරය දහවල් එකොළහමාරට ලබාදෙන අතර රාත්‍රී අාහාරය ඔවුන්ට ලබාදෙනුයේ සවස දෙකයි තිහට පමණය.
සාමාන්‍ය සිරකරුවෙකුට රාත්‍රී ආහාරය ලෙස බත් අවුන්ස හයක් ,මස් අවුන්ස දෙකක්, පරිප්පු අවුන්ස දෙකක් වෙනත් ව්‍යාංජන අවුන්ස තුනක් ලබාදීමට නිර්දේශිතය. සවසට තේ අවුන්ස දාසයෙන් එකක්, සීනි අවුන්සයක් ලබා දීමට නිර්දේශිතය.
කාන්තා බන්ධනාගාරයේ ආහාර ඉවීම නොකරන අතර ඔවුන්ගේ ආහාර සකසන්නේද පිරිමි සිරකරුවන් විසිනි.
මෙහි සඳහන් බරපතළ වැඩ සහිත සිරකරුවන්ට ලබාදෙන ඔවුනට උරුම දඬුවමට අමතරව දඬුවම් ආහාර ක්රමයක්ද එකල පැවතිණි. බරපතළ වැඩ සහිත සිරකරුවන්ගේ උදෑසන ආහාර වේල පාන් අවුන්ස හතරක්, සීනි අවුන්ස කාලක්, තේ අවුන්ස දාසයෙන් එකක් සහ සම්බෝල හැඳි දෙකකි.
දිවා ආහාරයට නිර්දේශය වන්නේ බත් අවුන්ස හයක් සහ ලුණු අවුන්ස කාලකි. (එයට මාළුපිනි කිසිවක් නැත. ලුණුයි බතුයි පමණය)
බරපතළ වැඩ සහිත සිරකරුවෙකුට එකී ලුණුයි බතුයි කෑමේ දඬුවමට යටත් කිරීමට පෙර සිරකරු බන්ධනාගාර වෛද්‍යවරයෙකු වෙත යොමු කරන අතර එහිදී ලුණුයි බතුයි දඬුවම දරා ගැනීමට සිරකරු ශරීර සෞඛ්‍යයෙන් සිටිය යුතු යැයි වෛද්‍යවරයා නිර්දේශ කරයි නම් එතැන් පටන් දඬුවම ක්‍රියාත්මක කිරීම බන්ධනාගාර නිලධාරින් සිදු කරනු ලබයි. බරපතළ වැඩ සහිත සිරකරුවෙකුගේ රාත්‍රී ආහාරයද ලුණුයි බතුයි පමණය. සුද්දගේ කාලයේ ඉදි වූ දුම්රිය මාර්ග සඳහා අවශ්‍ය කළුගල් කැබලි කිරීම මෙකී බරපතළ වැඩ සහිත සිරකරුවන්ට එකල පැවරුණ බරපතළ දඬුවමය.
මෙකී ලුණුයි බතුයි දඬුවම් ආහාරය ක්‍රමය එකී සිරකරුවන්ට එකල ක්‍රියාත්මකව පැවතුණි.
එමෙන්ම සැහැල්ලු වැඩ සහිත සිරකරුවන්ටද සාමාන්‍ය සිරකරුවෙකුට මෙන් දිවා ආහාරයට මාළු ලබා නොදෙන අතර රාත්‍රී ආහාර වේල සමග මාළු අවුන්ස තුනක් ලබාදෙනු ලබයි.
මෙහි තවත් විශේෂ ආහාර වේලක් ලබා දෙන තවත් සිර කාණ්ඩයක් නම් බන්ධනාගාරය තුළ කලහකාරි ලෙස හැසිරුණ පැන යාමට කැරලි ගසන සිරකරුවන්ය. එකල එවැන්නෙකුට දඬුවම් ආහාර ලෙස උදෑසන ආහාරය හුලං විස්කෝතු අවුන්ස දෙකක්, සීනි අවුන්ස බාගයක් සහ තේ අවුන්ස දාසයෙන් එකක්ද, දිවා ආහාරය ලෙස හුලං විස්කෝතු අවුන්ස දෙකක්, සව්හාල් අවුන්ස දෙකක්, කිරි අවුන්ස හයක්, සීනි අවුන්ස බාගයක් ලෙසය.
සිරකරුවන්ගේ හැඟීම් දැනවීමට උරදෙන හෝමෝන පාලනය වීම සඳහා ඔවුන්ට අළු කෙසෙල් දිවා ආහාරයට ලබාදීම සතියට දින තුනකට හෝ නොවැඩි වාර ගණනක් ලබා දීමට නිර්දේශ කර ඇත. අළු කෙසෙල් නොදෙන දිනයන්හිදී ගෝවා, බණ්ඩක්කා, මුරුංගා, තක්කාලි, පතෝල, කරවිල, බීට් රූට්, ඉන්නල, බෝංචි, කිරිඅල යන එළවළු වර්ගයන්ගෙන් එකක් ලබාදිය හැක.
බන්ධනාගාර නීතිවලට අනුව විවිධ රෝගී සිරකරුවන් සඳහා වූ ආහාර වේල වරින් වර වෙනස් වන අතර එකී ආහාර වෛද්‍ය නිලධාරියා විසින් ලියවිල්ලකින් දෙනු ලැබුවද බන්ධනාගාර අධිකාරිය විසින් අනුමත කරනු ලබන උපදෙස් අනුව කළ යුතුය. බන්ධනාගාර පනතට අනුව එළවළු, පලා, අල ලෙස නිර්දේශිත වට්ටෝරුවක් ඇත. එකී වට්ටෝරුවට පිටින් කිසිදු එළවළුවක් ආහාර ලෙස සිරකරුවන්ට ලබාදීම තහනම්ය.
නිර්දේශිත එළවළු වනුයේ මුරුංගා කොළ, ගොටුකොළ, මුකුණුවැන්න, තම්පලා, නිවිති, කතුරු මුරුංගා, කංකුං, කොහිල දලු, සාරණ, ගෝවා, වම්බටු, බණ්ඩක්කා, මෑ කරල්, මුරුංගා, පතෝල, වට්ටක්කා, කරවිල, තක්කාලි, අළුකෙසෙල්, අර්තාපල්, බතල, ඉන්නල, වැල් අල, මඤ්ඤොක්කා, කිරි අල, රටඅල, කොස්, බීට්රූට් අල, බටර් බෝංචි, ලීක්ස් යනාදියයි.
එකී එළවළු සිරකරුවන්ට ලබාදීමේදී කාලගුණික තත්ත්වය ගැනද සලකා බැලිය යුතුය. ශීත කාලගුණික තත්ත්වයකදී පුහුල්, වට්ටක්කා වැනි එළවළු පිට පිට සිරකරුවන්ට ලබා දීම නොකරන අතර නීති රෙගුලාසිවලට අනුව නිර්දේශ මත කාලගුණයට අනුව එය සිදුවන්නකි.
විදේශීය සිරකරුවන්ටද සාමාන්‍ය සිරකරු ආහාර වේල අච්චුවේ ස්වභාවය අනුව සැකසෙන අතර වෛද්‍ය නිර්දේශයන්ට අනුව තැම්බූ එළවළු දෙනු ලබයි. වර්තමානයේ බන්ධනාගාරය වෙත ආහාර සැපයීම ටෙන්ඩර් පටිපාටියකට අනුව සිදු වන්නකි. එහිදී සැපයුම්කරුටද නීති රෙගුලාසි පැනවී ඇත. සැපයුම්කරු විසින් බන්ධනාගාරයට මාළු ලබාදීම සතියකට හතර වතාවක් පමණ සිදුකරන අතර බොහෝ විට බොකු බඩවැල්, වරල්, කරමල් ඉවත් කර තලපත්, කෙළවල්ලා, බලයා වැනි මාළු ලබා දිය යුතුය.
අයිස් රහිත අලුත් මාළු කොන්ත්‍රාත්කරු විසින් බන්ධනාගාරයට ලබා දිය යුතු අතර යම් හෙයකින් ශීත කළ මාළු ලබා දෙන්නේ නම් එහි අයිස් දියවී තිබිය යුතුය.
එසේ ලබාදෙන මාළු කැබලි කිරීමේදී ඉවත් කෙරෙන බොකු බඩවැල්, වරල්, කරමල්ද නැවත කිරා මැන බලා එකී බරට සෑහෙන මාළු ප්‍රමාණයක් කොන්ත්‍රාත්කරු විසින් ලබා දිය යුතුය.
එමෙන්ම එක් හිර ගෙයකින් තවත් හිර ගෙදරකට සිරකරුවෙක් රැගෙන යාමේ අතරමගදී දිවා ආහාර වේලාව උදාවන්නේ නම් සැපයුම්කරු විසින් පිරිමසාගත හැකි පිසූ ආහාරයක් එසේ රැගෙන යන සිරකරුට ලබාදිය යුතුය.
ගමනාන්තය සවස දක්වා දිගු වන්නේ නම් එක් සිරකරුවෙකුට පාන් අවුන්ස 10, ඉදුණු කෙසෙල් දෙකක්, මිරිස් සම්බෝලයක් වන ලෙස කොන්ත්‍රාත්කරු විසින් ලබා දිය යුතුය.
එදිනෙදා අවශ්‍ය කරන ආහාර ආහාර ලේඛන තබන්නා විසින් බන්ධනාගාරයෙන් පිටව යෑමට පෙර ආහාර ලේඛනයන් වන 24 වැනි බන්ධනාගාර පෝරමය සහ 46 වැනි පෝර්මය පිරවිය යුතුය.
සලාක ලබාගැනීමේ කාර්යය අධිකාරිවරයාගේ අනුමැතිය යටතේ ජේලර් කෙනෙකු හෝ අදාළ නිලධාරියෙකු විසින් සිදුකරනු ලබන්නකි.
සලාක කාමරය පිහිටා ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන පිවිසුම් දොරටුවේ වම් පසට වන්නටය. එහිදී කිරුම් මැණුම් කරමින් නිකුත් කරන වියළි සලාක මුළුතැන්ගෙය වෙත රැගෙන යාම සිරකරුවන් කිහිපදෙනෙකු සිදුකරනු ලබන්නකි.
බන්ධනාගාර මුළුතැන්ගෙය පිහිටා ඇත්තේද ප්‍රධාන දොරටුවට ආසන්නවය. විශාලත්වයෙන් පර්චස් විස්සක පමණ භුමියක පැතිරගත් මුළුතැන් ගෙය සඳහා යොදවා සිටින සිරකරුවන් ප්‍රමාණය දෙසීයකට ආසන්නය.
බන්ධනාගාරයේ විවිධ කාර්යයන් සඳහා යොදවා ඇති කණ්ඩායම් හඳුන්වන්නේ ‘පාටි’ යන නාමයෙනි. උදාහරණයක් ලෙස ගතහොත් වඩු කර්මාන්තයේ නියැළෙන කණ්ඩායම වඩු පාටිය ලෙසත්, වේවැල් කර්මාන්තයේ නියැළෙන කණ්ඩායම වේවැල් පාටිය ලෙසත් හඳුන්වති.
ඒ ආකාරයට මුළුතැන්ගෙයට යොමුකර ඇති කණ්ඩායම කුස්සි පාටිය ලෙස හඳුන්වන අතර එකී සිරකරුවන්ට පැවරුණ රාජකාරි ඇත.
සිර කුස්සියේ ළිප් නැත. ඒ වෙනුවට ඇත්තේ බොයිලේරු වාෂ්පයෙන් ක්‍රියාත්මක වන ස්ටීමර් පමණි. කුස්සියේ එක් පසෙක කුඩා කුටියක ක්‍රියාත්මක වන බොයිලේරුවලින් නිකුත්වන වාෂ්ප ගැල්වනයිස් නළ මාර්ග ඔස්සේ කල්දේරම් වෙත බලය සපයයි.
දිනකට දැවි තෙල් ලීටර් හාරදහසක් පමණ බොයිලේරුවට යෙදිය යුතුය. එක වර කිලෝ පනහක් පිසගත හැකි කල්දේරම් අටකින් සමන්විත ස්ටීමර් පද්ධතියේ දිනකට පිසෙන හාල් ප්‍රමාණය කිලෝ දාහකට ආසන්නය. දිනපතා සිරකරුවන් බන්ධනාගාර ගතවීම්, නිදහස ලැබීම් යන ක්‍රියාවලිය හේතුවෙන් නිශ්චිත සහල් කිලෝ ප්‍රමාණයක් දිනපතා ගණනය කර ගැනීම දුෂ්කර ය.
සියලුම ආහාර ස්ටීම් කල්දේරම්වල පිස ගැනීම සිදු කරන අතර එකී කල්දේරම් සුද්ද පවිත්‍ර කරනුයේද කල්දේරම් නළ මාර්ගයට සවි කොට තිබියදීමය.
කුස්සි පාටියේ එක් එක් කණ්ඩායම් එළවඞ් කැපීම, එළවළු සේදීම, තුනපහ සෑදීමට, බත් ඉවීමට, මාළු කැපීම යනාදී වශයෙන් වැඩෙහි යොදවා ඇත. තෙල් ආහාරයන්ට මිශ්‍ර කිරීම සිදු කළද බැඳුම් සැකසීම කුස්සියේ සිදුවන්නේ නැත.
උදාහරණයක් ලෙස කරවල බැදුමක් වැනි ආහාර එහි පිසින්නේ නැත. එළවළු කැපීමට භාවිත කෙරෙන පිහියාවලට පිහි තුඩක් නැත. එම පිහිවලින් කිසිවෙකුට බර යොදා පහරදී මාරාන්තික තුවාළ සිදුකිරීමට නොහැක.
එම පිහියා පිහි කෑලි ලෙස හැඳින්වූවාටද වරදක් නැත. බන්ධනාගාර නිලධාරින් පවසන ආකාරයට එම පිහි තල කිසිවෙකුට මාරාන්තික තුවාල සිදු කළ නොහැකි වන ලෙස අවදානම අඩු ලෙස එය නිමවා ඇත.
බර යොදා කැපිය හැකි මන්නා පිහියක් මාළු සහ මස් කැපීම් සඳහා පමණක් යොදවා ඇත.
කුස්සියට වුවමනා තුනපහ සැකසීමද කුස්සියේම වෙන්කොට ඇති කුඩා කුටියක සිදු කරයි. කුඩා තුනපහ බෝතල් එහි නැත. ලිටර් 20 කෑන් කට කපා සැකසු තුනබහ බහාලුම් දැකිය හැක.
කුස්සි පාටියේ වැඩ අධීක්ෂණය සඳහා යොදවා ඇති නිලධාරීන්ට අමතරව එහි පාලන කටයුතු කරන සිරකරුවන්ද නම් කොට ඇත.
ඉවුම් පිහුම් පිළිබඳව යම් දැනුමකින් යුතු ආහාර ඉවීමේ කාර්යයේදී ප්‍රධාන කෝකියා ලෙස කටයුතු කරන ඔහු දිගුකාලීනව අච්චු ලැබූ සිරකරුවන්ගෙන් කෙනෙකි.
බන්ධනාගාර කාන්තා සිර මැදිරියේ මුළුතැන්ගෙයක් හෝ ආහාර පිසීමක් සිදු වන්නේ නැත. ඔවුනට ආහාර සැපයෙන්නේද පිරිමි සිරකරුවන් විසින් පිසින ආහාරයෙනි.
ආහාර පිසීමෙන් අනතුරුව බුද්ධ පූජාවට ආහාර වෙන් කිරීම දින චරියාවේ කොටසකි.
පිසින ලද ආහාරයන්හි සාම්පල් ආහාර ප්‍රධාන ජේලර්වරයාට හෝ බන්ධනාගාර අධිකාරිවරයෙකුට යොමුකර ආහාරවල ගුණාත්මකභාවය ආරක්ෂාව ගැන තහවුරු කරගත යුතුය. එහිදී එම නිලධාරිවරයා එකී ආහාර සාම්පල් ආහාරයට ගනිමින් පරීක්ෂාවට ලක් කළ යුතුය. ඉන්පසු එළඹෙනුයේ ආහාර බෙදාදෙන අවස්ථාවය. බන්ධනාගාරයේ සිර මැදිරි හඳුන්වන්නේ වාට්ටු ලෙසය. එකී වාට්ටුවල සිර කණ්ඩායම් තම වාට්ටුවට අවශ්‍ය ආහාර ගෙනයාම සිදු කරයි. එසේ ගෙන යන ආහාර රැඳවියන් අතරේ බෙදාදෙන්නේද සිරකරුවෙකු විසිනි.
සුද්දගේ කාලේ හිරබත් සංග්‍රහය ඒ ආකාරයෙන් වනවිට අතීතයත් වර්තමානයත් ගත්කල එදා මෙන් අදත් ඒ ආකාරයෙන්ම පවතින්නේ කුමන ආහාර ලයිස්තුවද? අද භාවිතයේ නැති ඉවත් වූ ආහාර වට්ටෝරුව කුමක්ද? අප විමසා සිටියා බන්ධනාගාර බන්ධනාගාර පරිපාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතාගෙන්.
ඇත්තටම ඒ ඉහත කී ආහාර රටාව ගත්තහම බන්ධනාගාරය තුළ පැවති අවුන්ස මිනුම් ක්‍රම ග්‍රෑම්, ලීටර් ලෙසට පරිවර්තනය වෙමින් ඒ නීති රෙගුලාසිවලටම අනුව ඒ අාකාරයෙන් ක්‍රියාත්මක වෙනවා.
නමුත් අර ලුණුයි බතුයි, හුලන් විස්කෝතු වගේ දඬුවම් ආහාර ක්‍රමය මේ වනවිට ක්‍රියාත්මක වන්නේ නෑ. ඒ වෙනුවට සිර දඬුවම් කාලය යම් වැඩි කිරීමක් සිදු කරනව. සුදු ආණ්ඩුකාරවරුන්ගේ කාලයේ වගේ නොවේ මානව හිමිකම් පිළිබඳව වැඩි අවධානයක් වර්තමානයේ යොමුව තිබෙනවා.
ඒ අනුව අප මේ වනවිට ක්‍රියාවට නංවන්නේ සිරකරුවන්ට සැලකීම පිළිබඳව 2015 වසරේ ජාත්‍යන්තරව පිළිගත් මැන්ඩෙලා රීතියයි
බොහොමයක් රටවල මෙන්න මේ (Nelson Mandela Rules) වලට අනුව කටයුතු කරනවා ඒ අනුව දඬුවම් ආහාර ක්‍රමය කිසිසේත්ම ක්‍රියාත්මක නෑ. මෙම සිරකරුවන් ගතින් අපි සිරගත කර සිර ඇඳුමක් අන්දලා දඬුවම් දීලනේ තියෙන්නෙ. ඉතින් ඔවුන්ගෙ සෞඛ්‍ය හොඳින් පවත්වගෙන යන්න නම් ඔවුන්ට හොඳ ආහාර වේලක් ලබාදිය යුතුයි.
ඔවුන් බන්ධනාගාරය ඇතුළේ සිදුකරන වැරදි සම්බන්ධයෙන් වුවත් අප දඬුවම් ආහාරයට යටත් කරන්නේ නෑ. ඒ වෙනුවට කරන්නෙ දඬුවම් කාලය වැඩි කරන එකයි. බන්ධනාගාර නීතියට අනුව අනෙකුත් ආහාර සියල්ල ඒ ආකාරයෙන් ක්‍රියාත්මකයි. ඒ වගේම ඉරිදට අප කහබත්, පරිප්පු, බටු ව්‍යාංජනයක්, චිකන් කරියක්, පපඩම් ලෙස විශේෂිත කෑම වේලක් ලබාදෙනවා. ඊට අමතරව විශේෂ අවස්ථාවන්හීදී කිරිබත්, කට්ට සම්බල් එක්ක කෙසෙල් ඔවුන්ට ලබා දෙනවා.
බන්ධනාගාරයේ වෛද්‍ය නිර්දේශයන්ට අනුව යම් රෝගී තත්ත්වයකින් පෙළෙන අයෙක් වේ නම් ඔහුගේ රෝගී තත්ත්වයෙන් මිදීම සළස්වන සෞඛ්යාරක්ෂිත ආහාර වේලක් ලබා දෙනවා.
උදාහරණයන් ලෙස තැම්බූ එළවළු, රතුහාලේ බත්, හයිප්‍ර්‍රෝටීන් අවශ්‍ය අයට එම අවශ්‍යතාවට සරිලන ප්‍රෝටීන් බහුල ආහාර මෙහි සැපයෙනවා.
බොහොමයත් වෙලාවට ‘සිරකරුවෝද මනුෂ්‍යයෝය’ යන මානුෂීය හැඟීමෙන් යුතුව අප මෙහි කටයුතු කරනවා.
ඒ වගේම සිංහල අවුරුදු, ජනේරු, හජ්ජි, තෛපොංගල්, නත්තල් වැනි අවුරුදු දිනයන්හිදී සිරකරුවන්ගේ නිවෙස්වලින් ආහාර ගෙන්වා ගැනීමට අවස්ථාව සලසාදෙනවා වගේම එදිනට අපගේ මුළුතැන්ගෙයිත් අප වෙනසක් කරනවා.
ඒ වගේම ඔවුන්ගේ ජීවිත දෝලනය වන අපරාධ සහ ජාවාරම් චක්‍රයෙන් මුදවා ගැන්මට අවශ්‍ය පසුබිම සකසන්නට නම් දඬුවම වගේම ඔවුනගේ කඩා වැටුණු ජීවිත නගාසිටුවීම අවශ්‍යයි.
රේඛා තරංගනී ෆොන්සේකා
ඉරිදා ලංකාදීප
2020 අගෝස්තු 09 ඉරිදා