Editor

Editor

සුළු අපනයන භෝග වගාකරුවන් සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස භාණ්ඩ කිහිපයක ආනයනය සීමා කෙරේ.

බදු සහන සමඟ විදේශ රැකියා ලියාපදිංචි ගාස්තු අඩු කෙරේ

පාසල් සිසුන්ට සඳහා නිල ඇඳුම් වවුචරපත් ලබන පාසල් වාරය ආරම්භයේ දී ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර උසස් පෙළ පන්තිවල සිසුන්ට ලබාදෙන වවුචරපත්වල මුදල වැඩි කිරීමට ඇමැති මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.

විශේෂ සාකච්ඡාවක් සදහා සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් අද (04) මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා ඇති බව වාර්තා වේ.

නුවර, නුවර එළිය, රත්නපුර හා කෑගල්ල යන දිස්ත්‍රික්කවලට නායෑම් පිළිබඳ රතු නිවේදන තවමත් නිකුත් කර තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කරයි.

විශේෂ අවශ්‍යතාවයන්ගෙන් යුත් ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂා කිරීම සඳහා වන පනත් කෙටුම්පත වහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරන බව රාජ්‍ය කළමනාකරණ සහ ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ හිටපු සභාපති ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

2019 ලෝක දියවැඩියා දිනයට සමගාමීව රියදුරුන් අතර සිටින දියවැඩියාවෙන් පෙළෙන රෝගීන් හඳුනාගැනීමත් සහ ඔවුන්ගේ අක්‍ෂි සංකූලතා හඳුනා ගැනීමත් 2019.12.08 වන ඉරිදා පෙ.ව. 07.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා ජාතික අක්ෂි රෝහලේ දී පැවැත්වේ.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පිවිසෙන ආඩිඅම්බලම හා ගුවන්තොටුපල අතර මාර්ගය දෙසැම්බර් 07 -08 දෙදින වසා තැබීමට නියමිත බව වාර්තා වේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසනුයේ පවතින අයහපත් කාලගුණ තත්ත්වයෙන් ඇති වූ ජල ගැලීම් හ නාය යෑම් හේතුවෙන් මේ වනවිට පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 5415 ක් බවයි.

අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගය අද (2) දිවයිනේ සියලු ම විභාග මධ්‍යස්ථානවල දී ආරම්භ වෙයි.