Editor
දිවයිනේ සියලු පාසල් හෙට (15) දින වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංය සඳහන් කළේ ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුව මෙලෙස පාසල් වසා දැමීමට කටයුතුකර ඇති බවයි.
2019 ජනාධිපතිවරණයට අදාළ ප‍්‍රචාරක කටයුතු අද (13) මධ්‍යම රාති‍්‍රයෙන් අවසන්.
අද මධ්‍යම රාති‍්‍රයෙන් පසු ජනාධිපතිවරණයට අදාළ කිසිඳු ප‍්‍රචාරක කටයුත්තක් සිදු කිරීම මැතිවරණ නීතිවලට අනුව තහනම් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
ජනාධිපතිවරණයේ ප‍්‍රචාරක කටයුතු අවසන් දිනය වන අද (13) ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ජනරැළි රැසකට සහභාගීවීමට නියමිතය.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අද, තිස්සමහාරාම, මාතර, ගාල්ල, කලුතර සහ හෝමාගම යන නගරවල ජනරැළි ඇමතීමට නියමිතයි. ඔහු සහභාගී වන අවසන් මහා රැළිය පැවැත්වෙන්නේ කැස්බෑවේදී පැවැත්වේ.
ජනාධිපතිවරණයට අදාළව පොලිස් නිළධාරීන් සඳහා උපදෙස් මාලාවක් - 15 වන දා උදැසන සිට පොලිස් ජංගම සංචාර
එළඹෙන ජනාධිපතිවරණය රාජකාරි වල නිරත වන සියලුම පොලිස් නිළධාරීන් සඳහා අවශ්‍ය වන මනව සහ භෞතික සම්පත් සියල්ල වෙන් කර ඇති බවත්, අවශ්‍ය සැම නෛතික සහ ප්‍රයෝගික උපදෙසක් ම ඒ ඒ පොලිස් ස්ථාන වලට ලබා දී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ඊයේ (11) පොලිස් මුලස්ථානයේ දී පැවැත් වූ මාධ්‍ය හමුවක දී පවසන ලදී.
ඒ අනුව, පොලිස් මූලස්ථානය විසින් පොලිස් නිළධාරීන් සඳහා විශේෂයෙන් අනුගමනය කළ යුතු උපදෙස් අඩංගු පොතක් රජයේ මුද්‍රණාලය විසින් මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කොට ඇත. භාෂා තුනෙන්ම සමන්විත මෙම උපදෙස් මාලාව අඩංගු පොත සැම පොලිස් කොට්ඨාසයකටම ලබා දී ඇති බවත් මෙහි දී සඳහන් කෙරිණි.
එමෙන්ම, ජනාධිපතිවරණය සඳහා පොලිස් කොට්ඨාස වෙත විශේෂ රාජකාරි සඳහා යෙදීමට නියමිත සියළුම පොලිස් නිළධාරීන් එළෙඹෙන 14 වන දා උදැසන 10.00 වන විට ඒ ඒ පොලිස් කොට්ඨාස වෙත තමන්ට නියමිත
රාජකාරිවලට වාර්තා කළ යුතු බවත් මෙහි දී සඳහන් කළේ ය.
ඉන් අනතුරුව එම පොලිස් නිළධාරීන්ව නියමිත පොලිස් ස්ථාන වලට බෙදා වෙන් කරන අතර 14 වන දින දහවල වන විට එම නිළධාරීන්ව අදාළ පොලිස් ස්ථාන වෙත රැගෙන යාම සිදු කරනු ලබයි. ඉන් පසු එදිනම සවස එම පොලිස් ස්ථානයේ දී ම එම නිළධාරීන්ට උපදෙස් පන්තියක් පැවැත්වේ. එහි දී තමන් අනියුක්ත කර තිබෙන රාජකාරිය නිළධාරීන්ට දැනුම් දෙනු ලැබේ.
සැම පොලිස් ස්ථානයකම ස්ථානාධිපති වරයෙක් සිටින බවත්, ඊට අමතරව සැම පොලිස් ස්ථානයක්ම ඒ ඒ ශ්‍රේණිවල වර්ගීකරණයට අනුව ජනාධිපතිවරණයට අදාළව අධීක්ෂණය කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරී වරයෙක් හෝ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක වරයෙක් යොදවා ඇතැයි ද මෙහි දී වැඩිදුරටත් සඳහන් කෙරිණි.
එමෙන්ම, 15 වන දින උදැසන 06.00 වන විට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත සැම ජංගම සංචාරයක් ම ආරම්භ වන බවත් මෙහි දී සඳහන් කෙරිණි. එමෙන්ම, ඡන්ද මධ්‍යස්ථාන රාජකාරි සඳහා යෙදවෙන නිළධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකු 15 වන දා උදැසන ඡන්දපොළට රැගෙන යාමටත්, අනිත් නිළධාරියා ඡන්ද පෙට්ටි රැගෙන ඒමට ආරක්ෂාව සැපයීමටත් රැගෙන යනු ඇත.
ජනාධිපතිවරණය වෙනුවෙන් පොලිස් නිළධාරීන් 60,175 ක් සහ සිවිල් නිළධාරීන් 8,080 ක් දිවයින පුරා රාජකාරියේ
නොවැම්බර් 07 සිට මැතිවරණ සජිවි විකාශයන් නතර කරන්න
ජනාධිපතිවරණයේ මැතිවරණයට අදාළ සජිවි විකාශයන් නොවැම්බර් 07 වෙනි සිට නවතා දැමිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි
ඩෙංගු මර්ධන වැඩසටහන අදින් අවසන්-අවදානම් සහිත ස්ථාන පවත්වා ගෙන යන පුද්ගලයන් 700 ක්
සක්‍රීයව පවතින අන්තර් මෝසම් වැසි තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකම ඩෙංගු රෝගය ඉහළ යාමේ අවදානමක් පැවතීම හේතුවෙන්, සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ඩෙංගු මර්ධන ඒකකය මගින් සංවිධානය කරන ලද දීප ව්‍යාප්ත ඩෙංගු මදුරු හා කීට මර්ධන වැඩසටහන අදින් (06) අවසන් කෙරේ.
මැතිවරණ කොමිසමේ ආරාධනයෙන් නිරීක්ෂකයෝ 14 ක් එති
ශ්රී ලංකාවේ ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සදහා මැතිවරණ කොමිෂන් සභාවේ ආරාධනයෙන් රටවල් 5 කට අයත් නිරීක්ෂකයින් 14 දෙනෙකු නොවැම්බර් 12 සහ 13 යන දිනවල මෙරටට පැමිණීමට නියමිත බව එම කොමිෂන් සභාවේ උසස් නිළධාරියෙක් මෙසේ නිල පුවත් වෙබ් අඩවියට පැවැසීය.
විශේෂ දුම්රිය සේවයක්
ඉදිරි දිනයන් හි දිර්ඝ නිවාඩු සති අන්තයේ මගී ජනතාවගේ පහසුව පිණිස ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ දුම්රිය ධාවනයක් සිදු කිරිමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
2019 නොවැම්බර් 16ට යෙදෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීම වෙනුවෙන් නොවැම්බර් 15 දින රජයේ සියලු පාසල්වලට නිවාඩු
2019 නොවැම්බර් මස 16 වැනි දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස පාසල් ගොඩනැගිලි සහ පාසල් පරිශ්‍ර යොදාගැනීමට මැතිවරණ කොමිසන් සභාව විසින් කරන ලද ඉල්ලීමට අනුව, 2019-11-15 දින දිවයිනේ සියලු ම පාසල්වලට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.