Editor
සාපෙළ විභාගය කාල සීමාව තුළ ඇතිවිය හැකි බාධා වැළැක්වීමට විශේෂ ඒකාබද්ධ වැඩපිළිවෙලක්
අ.පො.ස. සා.පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වාගැනීම සදහා විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.
ආපදාවට පත්ව ඇති සිසුන්ට ළඟම විභාග මධ්‍යස්ථාන වෙත ගොස් විභාගයට පෙනී සිටිය හැකියි
ආපදාවට පත්ව ඇති සිසුන්ට ළඟම විභාග මධ්‍යස්ථාන වෙත ගොස් විභාගයට පෙනී සිටිය හැකි බව විභාග කොමසාරිස් ජනරාල්තුමා පවසයි.
අයහපත් කාලගුණික තත්වය නිසා ඇතිවිය හැකි හානි අවම කරගැනීමට කාලගුණික නිවේදනට ඔබගේ අවධානය යොමු කරන්න
අයහපත් කාලගුණික තත්වය නිසා ඇතිවිය හැකි හානි අවම කරගැනීමට කාලගුණික නිවේදන පිළිබදව ඔබගේ අවධානය යොමු කරන්න
ජනපති අද ඉන්දීය අගමැති හා ජනපති හමුවෙයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පළමු විදෙස් සංචාරය අරඹමින් ඊයේ ඉන්දියාවට පැමිණියේය. ඒ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුවයි.
උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථාතත්වයට - දුම්රිය පාලක මැදිරිය
ජනපති පළමු නිල විදෙස් සංචාරය අරඹයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයට පත්වීමෙන් අනතුරුව සිදු කරන පළමු නිල සංචාරය සඳහා ඉන්දියාව බලා අද (28) පිටත්වීමට නියමිතය.
තෙවැනි පාසල් වාරය නොවැම්බර් 29 වැනිදායින් අවසන්
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2019 වර්ෂයේ තෙවැනි පාසල් වාරය 2019-11-29 වැනි සිකුරාදායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. තෙවැනි පාසල් වාරය නොවැම්බර් 29 වැනිදායින් අවසන්- ජනවාරි 02 වැනි දා
සවස් කාලයේ වැස්ස සහ සුළගේ වේගය වැඩිවීමක්
ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වය මේ වන විට දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ අනුව දිවයිනේ උතුරු හා නැගෙනහිර පළාත්වල පවතින වැසි තත්ත්වය විශේෂයෙන්ම අද (27) රාත්‍රී සිට තවදුරටත් වර්ධනය වනු ඇත.
රාජ්‍ය, නියෝජ්‍ය අමාත්‍යවරු අද පත් කෙරෙති
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව අන්තර් වාර ආණ්ඩුවේ රාජ්‍ය නොවන සහ නියෝජ්‍ය ඇමැතිවරු අද (27) උදෑසන දිවුරුම් දීමට නියමිතය .
අ.පො.ස සා.පෙළ විභාගය නිසා අද සිට දෙසැම්බර් 12 දක්වා සියලු උපකාරක පන්ති තහනම්
2019 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට අදාළව අද (26) මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වන දෙසැම්බර් මස 12 වන දා දක්වා සම්පූර්ණ කාලය තුළ සියලු උපකාරක පන්ති තහනම් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.