Editor

Editor

ඉදිරි දිනවලදී උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) පෙරවරුවේ රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා වෙත නව පත්වීම් ලිපිය බාරදුන්නේ ය.

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) පෙරවරු 10.51 ට යෙදී තිබූ සුභ මොහොතින් ජනාධිපති කාර්යාලයේදී සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේය.

නාම යෝජනා ලබා දුන් දිනයේ සිට ජනාධිපතිවරණය පවත් වන ලද ඊයේ (17) දිනය දක්වා කාලය තුළත් ඡන්දය පැවැති කාලයේ දීත් ඉන් පසුවත් කිසිඳු බරපතල සිදුවීමක් වාර්තා වී නොමැති බවත් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම ඉතා සාමකාමී වාතාවරණයක් පවතින බව අද (18) පශ්චාත් මැතිවරණ සමයේ ආරක්ෂාව පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියි.

ජාතික ආරක්ෂාව සුරකීම රජයේ මූලික වගකීමක්. සුරක්ෂිත රටක් කිරීමට රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණය ශක්තිමත් කරනවා. මගේ රටට ආදරය කරනවා. රට ගැන දැක්මක් තිබෙනවා .අපට තිබෙන්නේ, ජාතියක් ලෙස එකට එක් වී මේ රට ගොඩ නැඟීමේ වගකීමයි යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැවසීය.

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම අද (16) පෙරවරු 7.00ට ආරම්භ විය. දිවයින පුරා මධ්‍යස්ථාන 12,845ක පස්වරු 5.00 දක්වා ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයන්ට අවස්ථාව ලැබෙන අතර උදෑසනම ඡන්ද පොළට ගොස් තම ඡන්දය භාවිතා කරන ලෙස මැතිවරණ කොමිසම ජනතාවගෙන් ඉල්ලීම් කරයි.

හත් වැනි ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අද (16) උදේ 07.00 ට ආරම්භ වූ අවස්ථාවේ සිට දිවයිනේ සෑම ප්‍රදේශයකම ඡන්දදායකයෝ මහත් උද්‍යෝගයකින් ඡන්ද පොළවල් වෙත පැමිණෙමින් සිටින බව අප දිස්ත්‍රික් මාධ්‍යවේදීහු පවසති.

මැතිවරණ කොමිසමේ නියමය පරිදි ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයන්හි දී (16 හා 17) දිවයින පුරා සියලුම සුරාසැල් වසා තැබෙන බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසීය.

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක වල ඡන්දය පැවැත්වීම සඳහා සියල්ල සුදානම් කර අවසන් බවත්, මැතිවරණ රාජකාරි වල නිරත වීමට අනියුක්ත කර ඇති සියලුම නිලධාරීන්ට අදාල රාජකාරි ලිපි මේ වන විටත් යවා ඇති බවත්, ඡන්ද පෙට්ටි ආදිය ද සියල්ල අදාළ ඡන්ද මධ්‍යස්ථාන වලට නිකුත් කිරීමට කටයුතු ද මේ වන විට සූදානම් බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභපති මහින්ද දේශරිය මහතා පවසයි.

නොවැම්බර් මස 15 සහ 16 යන දිනවලදී සබරගමුව, මධ්‍යම හා බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර හා කුරුණෑගල දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව සදහන් කරයි.