Editor

Editor

ගාල්ලේ පැවැත්වෙන හැත්තෑවැනි නිදහස් සැමරුමට හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යලය පවසයි. ගාල්ල දිස්ත්‍රික් නිදහස් දින සැමරුම, දිස්ත්‍රික් ලේකම් කාර්යලයේ ප්‍රධානත්වයෙන් පෙ.ව. 8.00 සිට ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට දී පැවැත්වීමට සූදානම් කර ඇත.

මැතිවරණ ප්‍රතිඵල විකාශන අයිතිය සඳහා මැතිවරණ කොමිෂන් සභාවට අදාළ ගෙවීම් සිදුකර ලියාපදිංචි වූ විද්‍යුත් මාධ්‍ය ආයතන සඳහා පමණක් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් සහතික කරනු ලබන ප්‍රතිඵල ආරක්ෂිත පරිගණක ජාලයක් හරහා එකින් එක එසැනින් ලබාදීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සම්පාදනය කරමින් පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

සියලුම විද්‍යුත් මාධ්‍ය විසින් නිල නොවන ප්‍රතිඵල විකාශනය කිරීමෙන් සම්පූර්ණයෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලා සිටි.

ශ්‍රී ලංකාවේ 70 වැනි ජාතික නිදහස් දිනය සැමරීම සඳහා ලෝකයේ රටවල් 118ක උත්සව පැවැත්වීමට රජය පියවර ගෙන ඇත. විදේශ කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ එම රටවල ශ්‍රී ලාංකිකයින්ගේ සංවිධාන මගින් මෙම නිදහස් උත්සව සංවිධානය කොට ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
 

සේවා නියුක්තිකයන්ට ස්වකීය ඡන්දය දීමේ කාර්යය සඳහා නිවාඩු දෙන ලෙස ලියවිල්ලකින් ඉල්ලා සිටින සෑම සේවා නියුක්තියෙකුටම නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එළැඹෙන පෙබරවාරි 04 දා වන විට පෞද්ගලික රෝහල් නියාමනය කරමින් පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ට පුර්ණ සහනයක් ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
 

පසුගිය වසරට සාපේක්ෂව කොළඹ නගරයේ නිදැල්ලේ හැසිරෙන සුනඛයින්ගේ සංඛ්‍යාවේ යම් අඩුවක් දක්නට ලැබෙන බවත් එම ප්‍රමාණය මේ වන විට  2100ක් දවා පාලනය කිරිමට හැකි වී ඇති බවත් කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරී අයි.වී.පී. ධර්මවර්ධන මහතා පවසයි.
 

නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වියළි කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් හෙට සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

මෙවර පළාත් පාලන මැතිවරණය කටයුතු පැවැත්වෙන 2017 දෙසැම්බර් 9 දින සිට මේ දක්වා මැතිවරණ පැමිණිලි 260ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

කල් ගතවන ළමා අපයෝජන නඩු සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ “නීතීඥ සහය අවශ්‍ය නම්” 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය අමතා දැනුම් දෙන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඉල්ලා සිටියි.