Editor

Editor

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ II වැනි ශ්‍රේණියේ රේගු පරීක්ෂක තනතුරුවලට බඳවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගය - 2017 (2018) ලබන 13 වන දා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා සඳහන් කරයි.

පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් ලබාගැනීමට දී තිබූ වවුචර්වල වලංගු කාලය ජනවාරී 30 දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යවරවරයා උපදෙස් ලබා දී  තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. කිසියම් හේතුවක් මත වවුචරපත්වලින් නිල ඇඳුම් මිලදී ගැනීමට මෙතෙක් නොහැකි වූ සිසුන්ට සිදුවන අපහසුතාව සලකා බලා මෙම තීරණය ගෙන තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ නව නම  www.elections.gov.lk බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. වර්ෂ ගණනාවක් සිට පවත්වාගෙන යන ගිය මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ නම වර්ෂ 2015 දී සුළු වෙනස් කිරීමක් සිදු කර තිබේ.

දීර්ඝ කාලයක් පුරා මගී ජනතාව අපහසුතාවයට පත් කරමින් රාජගිරියේ පැවති දැඩි වාහන තදබදයට විසඳුම් ලබාදෙමින්, රාජගිරිය මංසන්ධියේ ඉදිකෙරුණු ගුවන් පාලම අද (08) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පැවරේ.
 

දීර්ඝ කාලයක් පුරා මගී ජනතාව අපහසුතාවයට පත් කරමින් රාජගිරියේ පැවති දැඩි වාහන තදබදයට විසඳුම් ලබාදෙමින්, රාජගිරිය මංසන්ධියේ ඉදිකෙරුණු ගුවන් පාලම මෙම 08දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පැවරේ.
 

ජාතික බර ඉසිලීමේ තරගාවලිය පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී නිමාවට පත්විය. මෙම තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයේ පිරිමි හා කාන්තා සමස්ත ශුරතා දිනාගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා බර ඉසිලීමේ කණ්ඩායම සමත් විය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තවදුරටත් ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

රජය විසින් ගනු ලැබු තීරණයකට අනුව, 2017 සැප්තැම්බර් 01 දින සිට අතිවිශේෂ ගැසට් නිවේදනයේ ප්‍රකාරව සියළුම ආකාරයේ පොලිඑතලීන්, පොලිප්‍රොපලීන් හා ඒවා ආශ්‍රිත නිෂ්පාදන කිහිපයක් ආනයනය, නිෂ්පාදනය හා භාවිතය තහනමට ලක්කෙරුණු අතර, සහන කාලයෙන් අනතුරුව එම නිතීය මේ වන විට ක්‍රියාත්මක කෙරේ.
 

2018 වර්ෂය ළමා ආරක්ෂාවේ වසර කරගත යුතු බව තම අපේක්ෂාව බවත් ගමින් ගමට ගොස් පාසලෙන් පාසලට ගොස් ප්‍රජාව වෙත සමීප වෙමින් ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ යුතු බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතීඥ මරිනි ද ලිවේරා මහත්මිය පවසයි.

බස්නාහිර, සබරගමුව  සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.