Editor
දිවයිනේ වියළි හා ශීත කාලගුණයක්
දිවයිනේ බොහෝ පලාත්වල වියලි කාලගුණ තත්වයන් සමඟ සහ ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඉදිරි දිනවලදී හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතී. දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
සන්නිවේදනය හා මාධ්‍ය පිළිබඳව ගුරුවරු දැනුවත් කෙරේ
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ ගුරුවරුන් සඳහා වූ දැනුවත් කිරීමේ වැඩමුළුවක් හෙට (19) මතර දී පැවැත්වෙයි. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් වැඩමුළුව සංවිධානය කර ඇත. පෙ.ව 9.30 ට pearl cliff Hotel හී දී වැඩමුළුව පැවැත්වෙයි.
ඉදිරි දින කිහිපයේදී නුවරඑළියට මල් තුහින
ඉදිරි දින වල දී හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
''එකම දැයක්'' තේමාවෙන් නිදහස් දිනය සැමරේ - 70 වැනි නිදහස් සමරුව වෙනුවෙන් විශේෂ ලාංඡනයක් හඳුන්වා දෙයි
වසර ගණනාවක් ජාත්‍යන්තරයෙන් මුළු ගැන්වී සිටි ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය දිනා ගෙන මෙවර ජාතික නිදහස් දිනයේ 70 වැනි සංවත්සරය ''එකම දැයක්'' යන තේමාව යටතේ අති උත්කර්ෂවත් ලෙස පවත්වන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
යුද්ධ හමුදා භට පිරිස් තවදුරටත් ගම්පහ දිස්ත්‍රික්කයේ සහන මෙහෙයුම්වල නිරත වෙයි
ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයේ, ග්‍රාම නිලධාරි වසම් 20 කට වැඩි ප්‍රදේශයක් පුරා පසුගියදා ඇතිවූ හදිසි තද සුළි සුළං තත්ත්වය හේතුවෙන්, එම ආපදා තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරින් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සාමාජිකයින්ගේ සම්බන්ධිකරණයෙන් යුද්ධ හමුදා භට පිරිස් අනෙකුත් හමුදාවන් සමඟ එක්ව තවදුරටත් සහන සේවා කටයුතු වල නිරතව සිටියි.
නුවර එළියේ මල්තුහින වැස්සක්
ඉදිරි දිනවලදී හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඡන්දය ලකුණු කිරීමට සහායකයෙකු අවශ්‍ය නම් යෝග්‍යතා සහතිකය ලබාගන්න
2011 අංක 28 දරන මැතිවරණ ( විශේෂ විධිවිධාන) පනත මඟින් සංශෝධිත ප්‍රධාන ප්‍රඥ්ප්තියේ 54(2) වගන්තිය අනුව ඉදිරි ඡන්ද විමසීම්වලදී පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්ත්වයකට හෝ යම් ශාරිරික අශක්නුතාවයකට පත් ඡන්ද හිමියකුට ඡන්ද පොළේදී ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීම සඳහා සහායකයකු කැටුව යා හැකි වන පිරිද නීතිමය ප්‍රතිපාදන සලසා ඇති බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.
ගණේමුල්ල ගුවන් පාලම අද ජනතා අයිතියට
ගණේමුල්ල දුම්රිය මාර්ගය මතින් ඉදි කරන ලද ගුවන් පාලම අද (11) පෙරවරුවේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරේ.
මාතරින් මැතිවරණ පැමිණිලි 94 ක්
2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මාතර දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානයට මේ වන විට මැතිවරණ පැමිණිලි 94 ක් ලැබී ඇති බව මාතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී / දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා පවසයි.
ශ්රී ලාංකික කාන්තාවන්ට ජපානයේ රැකියා අවස්ථා
විදේශ රැකියා අමාත්‍යාංශය හා IM ජපන් ආයතනය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම අනුව ශ‍්‍රී ලාංකික කාන්තා ශ‍්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා හිමිව තිබේ. ඒ අනුව ජපන් භාෂා ප‍්‍රවීනතාව N4 මට්ටම සමත් හෝ හදාරා ඇති වයස අවුරුදු 18-30ත් අතර ලාංකික තරුණියන්ට මේ සඳහා අයදුම් කළ හැකිය.