Editor

Editor

සිනෝහයිඩ්‍රෝ චීන සමාගම විසින් නිම කරන ලද මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් භාර ගැනීම ජනවාරි 8 වන දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මොරගහකන්ද වේල්ලෙදී සිදු කිරීමට නියමිතය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තවදුරටත් ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අද (3) නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
 

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

රට පුරා දිනෙන් දින පැතිර යන ඩෙංගු රෝග තත්ත්වයන්ගෙන් පාසල් දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය ඩෙංගු මර්දන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ.

උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ලබන ජනවාරී 15 වැනිදා දක්වා අයදුම්කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පුජිත මහතා සඳහන් කරයි.

උසස් පෙළ විභාග ප්‍රතිඵල මේ වන විට අන්තර් ජාලයට නිකුත් කර තිබෙන අතර එම ප්‍රතිඵල පාසල් වෙත තැපැල් කිරීම අද (28) දිනයේදී සිදු කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා සඳහන් කරයි.

2017 වසරට අදාළ ව පැවැත් වූ අ.පො.ස.(උ/පෙළ) විභාගයේ ප්‍රතිඵල අද (28) අන්තර් ජාලයට නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එළැඹෙන අලුත් අවුරුද්ද, නත්තල් සමය හා පාසල් නිවාඩු සමය හේතුවෙන් අද (22) සිට ජනවාරි 07දා දක්වා කොළඹ කොටුව සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියයක් ධාවනයට යොදවා ඇතැයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
 

2018 ජනවාරි 01දා සිට සියලු ම විනිසුරුවරුන්ගේ, නිතීපති දෙපාර්තමේන්තුවේ සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගෙන ඇතැයි අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.
 

පළාත් පාලන අයතන 248කට අදාළ නාමයෝජනා භාර ගැනීම අද (21) දහවල් 12.00න් අවසන් බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.