මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් සියයට 85 ක් ආනයනය කිරිම සදහා වාර්ෂිකව රුපියල් බිලියන 130 ක් වැය වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා.

අවශ්‍ය ඖෂධ දේශීයව සපුරා ගැනීමෙන් වාර්ෂිකව රුපියල් බිලියන 60 ක් ඉතිරි කර ගත හැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. ඒ අනුව ඉදිරි වසර තුන ඇතුළත මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් සියයට 50 ක් දේශීයව නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළා. 

දැනට ආසියානු කලාපය තුළ ඖෂධ ආනයනය කරන රට ශී‍්‍ර ලංකාව වනවා. කඩිනමින් එම තත්ත්වය වෙනස් කළ යුතු බවත් ඊට දායකවීමට මහා පරිමාණ දේශීය ආයෝජකයන් කැමැත්ත පළ කර ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙහිදි පවසා තිබෙනවා. විදේශීය වෙළෙදපොලට සහ ජනතාවට අවශ්‍ය ප‍්‍රමිතියෙන් යුතු ඖෂධ දැරිය හැකි මිලකට ලබාදීම මෙහි එක් අරමුණක්. 

ඒ අනුව විදෙස් වෙළෙද පොළ ඉලක්ක කර ගනිමින් ඖෂධ නිෂ්පාදනය සදහා අක්කර 400 ක ආයෝජන කලාපයක් හම්බන්තොට කර්මාන්ත පුරවරයේ ස්ථාපනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ. දේශීය ආයෝජකයන් සදහා අයෝජන කලාපයක් අනුරාධපුර, ඔයාමඩුව ප‍්‍රදේශයේ අක්කර 100 ක ඉදිකිරීමට නියමිතයි. 

මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින් 25 දෙනෙක් අමෙරිකානු ඩොලර් මිලියන 300 කට වැඩි ආයෝජනයක් කිරීමටයි කැමැත්ත පළ කර ඇත්තේ. මේ වනවිට සෑම මසකටම එක් නව ඖෂධයක් රට තුළ නිෂ්පාදනය ආරම්භ කර ඇති අතර ඉදිරි වසරේදී සති දෙකකට වරක් නව ඖෂධයක් නිෂ්පාදනය කිරීම ඉලක්කය වනවා. මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ වුණේ මේ වනවිට රට තුළ අත්‍යාවශ්‍ය ඖෂධවල හිගයක් නොමැති බවයි.

 

 

 

සුළං බලාගාරයකට අවශ්‍ය උපාංග ත‍්‍රිකුණාමලයේ සිට ප‍්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් අද එම පාලම මතින් ගමන් කරමින් තිබිය දී පාලම කැඞී ගොස් තිබෙනවා. එම මාර්ගය භාවිත කරන්න්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ඉල්ලා සිටිනවා.

ඒ අනුව අනුරාධපුර සිට පුත්තලම දෙසට ධාවනය වන වාහන අනුරාධපුර 2 කණුව අසලින් තලාව පොලිස් වසම හරහා ගොස් තඹුත්තේගම මාර්ගයට පිවිස ඔරලෝසු කණුව අසලින් 27 හන්දිය හරහා පුත්තලම මාර්ගයට පිවිස ගමන් කළ හැකියි.

එමෙන්ම පුත්තලම සිට අනුරාධපුර දෙසට ධාවනය වන වාහන ගලයාය හන්දියෙන් දකුණට හැරී තලාව නගරයට ගොස් අනුරාධපුර මාර්ගයට පිවිස ගමන් කළ හැකිය.      
 

දෝහා කටාර්,ඩුබායි,සවුදි අරාබියාව,ජපානය යන රටවලින් අද (11) ශ්‍රී ලංකාවට මඟින් රැසක් පැමිණ තිබේ.

දරුවන් තිදෙනාට ආහාර දෙන්න බැරි නිසා පාසල් එවන්න බැරි බව විදුහල්පතිට මවක් විසින් දන්වයි..
තම දරුවන් තිදෙනාට කුසට ආහාර වේලක් ලබාදිමට නොහැකි තත්ත්වයක් මත තම දරුවන් තිදෙනා පාසලට එවිමට නොහැකි බව දුෂ්‍යය අබාධිත මවක් තමන් වෙත ලිපියක් යොමු කර ඇති බව ගිනිගත්හේන මධ්‍යම මහා විදයාලයේ විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත් මහතා පැවසිය.

ගිනිගත්හේන බෝගල්කන්ද නිකතැන්නේ පදිංචි නිරෝෂා ප්‍රියංගනි නැමති 38 හැවිරිදි තිදරු මව උපතින්ම දුෂ්‍යය අබාධ රෝගයෙන් පෙලෙන අතර ඇගේ සැමියා මිට වසර දෙකකට පමණ ප්‍රථම හැටන් ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක කම්කරුවෙකු වශයෙන් සේවය කරමින් සිටියදි ඔහුගේ හිස මතට ගලක් පෙරලිමෙන් ජිවිතක්ෂයට පත් වි ඇත.

සැමියා සේවය කල පෞද්ගලික ආයතන විසින් තමන් පදිංචි නිවස ඉදි කර දුන් බවත් , අසල්වාසින්ගේත් නැ හිතවතුන්ගෙත් , රජය මගින් ලබාදෙන සමෘද්ධි සහනාධාර මතත් තම දියණියක් දෙදෙනා සහ පුතාව රැක බලාගෙන දැඩි ආර්ථික අපහසුතා මැද්දේ පාසල් යවන බවයි නිරෝෂා ප්‍රියංගනි මහත්මිය පවසන්නේ.

නිරෝෂා ප්‍රියංගනි මහත්මියගේ වැඩිමහල් දියණිය ගිනිගත්හේන මධ්‍යම විදයාලයේ 6 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන අතර , ඇයගේ තවත් දරුවන් දෙදෙනෙක් ගිනිගත්හේන ප්‍රාථමික විද්‍යාලයේ 1 සහ 2 ශ්‍රේණි වල අධ්‍යාපනය ලබමින් සිටියි.

ගිනිගත්හේන මධ්‍යම මහ විද්‍යාලයේ සහ ප්‍රාථමික අංශයේ ගුරුවරුන් විසින් ලබාදෙන ආහාර පාන එම ළමුන්ට පාසල් කාලයේදි ලබාදෙන බවත් , එය තාවකාලික විසදුමක් නිසා එම ළමුන් තිදෙනාගේ පාසල් දිවිය රැක බලා ගැනිමට කිසියම් අයෙකු හෝ අයතනයක් ඉදිරිපත් වන ලෙසයි විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත් මහතා ඉල්ලා සිටින්නේ.

වැඩිමහල් දියණිය නිවසේ වැඩ කටයුතු සිදු කර ගනිමින් තම මව, නැගණිය සහ සොහොයුරා රැක බලා ගනිමින්  පාසල් යන බවත්, ගුරුවරුන් පාසල් දිනයන් හිදී ඇයට අවශ්‍ය අහාර ලබා දෙනමුත්  පාසල් නිවාඩු කාලයේදි තමන් විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටි බවයි නිරෝෂා ප්‍රියංගනි මහත්මිය කියා සිටින්නේ.

තිදරු මවගේ ලිපි ලද විගස ගිනිගත්හේන මධ්‍යම මහ විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ උපදෙස් මත එම විදුහලේ නියෝජ්‍යය විදුහල්පතිනි ගයානි වික්‍රමසිංහ මහත්මිය (09) දින එම නිවසට ගොස් මේ පිලිබදව සොයා බැලිමක්ද සිදු කරනු ලැබුහ.

 

වයස්ගත සහ රෝගී තත්ත්වයෙන් පෙළෙන රැදවියන් නිදහස් කිරීමට බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී පුනාන්දුපුල්ලේගේ අවධානය යොමුවී තිබෙනවා. 

ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක්ද පත් කරන බවයි රාජ්‍ය අමාත්‍යවරිය කියාසිටියේ.

වැලිකඩ බන්ධනාගාරයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී පුනාන්දුපුල්ලේ රෝගී තත්ත්වයෙන් පසුවූ රැදවියන් දෙදෙනෙකු වහාම බන්ධනාගාර රෝහලට මාරු කරන ලෙසටද නිලධාරීන්ට මෙහිදී නියෝග කර තිබෙනවා.