මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සදහා ජාතික අධිකාරියක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවක් ඇමති මණ්ඩලය විසින් අනුමත කොට ඇත.

2019 වසරේ ජාතික පාසල් සඳහා පළමු වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරිමේ දි අසාධාරණ සිදුව ඇති බවට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලැබී ඇති පැමිණිලි පරික්ෂා කිරීම සඳහා කමිටුවක් පත්කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න මහතාට උපදෙස් ලබා දී තිබේ.

මධ්‍යම පළාතේ රෝහල් 10 ක් සදහා ගිලන් රථ ප්‍රදානය කිරීම අද (6) මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ ප්‍රදානත්වයෙන් සිදු සිදු විය.

ලෝක ලාදුරු දිනය ජනවාරි 27 යෙදී තිබුණි. පසුගිය වසර තුළ ශ්‍රී ලංකාවේ සමස්ත දිස්ත්‍රික්කයන්හි ලාදුරු රෝගීන් 1683 ක් වාර්තා වෙයි.

පෙබරවාරි 01 දා සිට සීගිරිය දිය අගල ඇතුළු කලාපය පොලිතින්, අපද්‍රව්‍ය වලින් තොර කලාපයක් බවට පත් කිරීමට තීරණය කර ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි. ඒ අනුව ඒම ප්‍රදේශයේ පිසින ලද ආහාර වර්ග හා කෙටි ආහාර වර්ග රැගෙන යෑම තහනම් වෙයි.